Monday, May 2, 2011

කතරගම ට්‍රිප් එක..

අපේ ගමේ හිටිය ජයනේරිස් කියල පොරක් මූ කට ඇරි‍යොත් කියන්නේ මේ ලෝකේ පච නෙමේ. අපේ තාත්තත් මූව ගොනාට අන්දනව මුගේ ආතල් කතා අහගන්න. මූට ගමේ උන් කිව්වේ පචනේරිස් කියල.

දවසක් ඡන්දෙ දවසක් මූ කියනවා - ඡන්ද පෙට්ටි වෙලාවට දෙන්න බැරුව ඉස්කෝලේ ගාව කට්ටිට ගණන් කරනව ලු. අන්න ඒ වගේ අතේ පත්තුවෙන චීන පටස් තමා මූ ලග තියෙන්නේ.

පස්සෙ කාලෙක මූට කළුතෙල් බාල්දියක් ස්නානය කිරීමේ දුර්ලභ විරල වාසනාවන්ත අවස්ථාවකට මූණ දෙන්න සිද්ධවුනේ මුගෙ පචයක් දුරදිග ගිහින්.

මේ කියන්න යන්නේ මුගේ කතරගම චාරිකාව අපේ තාත්තත් එක්ක කියපු හැටි පැත්තක ඉදන් මම අහන් හිටපුදේ..

ජය : මහත්තය කතරගම ගිහින් තියෙනවද ?

තාත්තා : නෑ (තාත්තත් මූව අන්දන්න දන්නෙම නෑ)

ජ : අපේ බෑණා වන්දනාව ලෑස්ති කරල අපි ගියා ගිය සතියේ.

තා : ජයනේරිස් ඔය ගියාමද කතරගම ?

ජ : අපෝ නෑ මහත්තයා මම ගිහින් තියෙනවා රට හැමතැනම මේ බෑණා කතාකල හින්ද නොගිහින් හොද නෑනේ ඒකයි ගියේ. (මුගේ 1000 ටෝක් විදිනව)

තා : ඉතිං..

ජ: වේරහේන, දෙවුන්දර ගිහින් දවල් වෙද්දී කතරගමට ගියා. බෑණ තමා ඔක්කොම ලෑස්ති කළේ දවල් සීත ගගුලෙන් නාලා ශ්‍රී මහ බෝධියත් වැදල මිහින්තලෙත් නැගල එනකොට පූජාව තියන්න වෙලාව නෑ පහුවදා තමා පූජාව තිබ්බෙ. පූජාව තියලා එහෙමම අපි ගෙදර ආවා.

ප.ලි : - කොහොමද ජයනේරිස්ගේ කතරගම චාරිකාව. අවුලකට තියෙන්නේ තවත් මුගේ චාරිකා ඇසීමට නොහැකි කම තමා මොකද දැන් මූ වලකජ්ජ ගසා ඇත.

1 comment:

මේ ගැන ඔබේ අදහස ලියන්න.