Tuesday, May 10, 2011

බයියා..




අපේ ඉස්කෝලේ 6 දි තිබ්බ ක්‍රිකට් තරගයක් පන්ති අතරෙ ඕකට සෙක්ශන් එකේ හැම පන්තියකින් ම ටීම් එකක් දාන්න ඕනා ඕකට අපේ පන්තියෙනුත් ටීම් එකක් දැම්මා.

වෙන පන්තියක පොරක් හිටියා බුවාගෙ නම චානක. බුවා ගැන රස කතා ගොඩක් තියෙනව ඒවා පස්සේ කියන්නම්. පොරගෙ අක්ක වැඩකලේ ආර්පිකෝ එකේ (නම කියන්න උනේ ඒක මේ කතාවට අදාල නිසා) ඒක නිසා බුවා ආර්පිකෝ ටී ෂර්ට් එකක් ඇදන් එනවා. ඕකෙ පිටි පස්සේ ප්‍රින්ට් කරල තියෙනවා buy arpico කියල. ඒත් කොල්ලෝ මේක කියවන්නේ බයියාපිකෝ කියලා. ඕකට මූට බල පැනල හිටියේ.

කොහොම හරි final match එකට මුගෙ ටීම් එක තේරුනා පිට්ටනිය වටේම හෙන චියර් එක, ගුරුවරුත් බලන් ඉන්නව මුටත් දැන් මාර් හැපී මෙන්න මූ පොර ටෝක් දෙනවා.

"අඩෝ මේක සිම්පල් ගේමක් මේක අපි දිනනවා මේක පැරදුනොත් මට බයියා කියපන්.."

අනේ මුගේ මැච් එක් පැරදුනා අන්තිම ලකුන ගහනකොට පිට්ටනිය වටෙන් ආපු බයියා හඩ පැරදුනේ අවුරුද්දට පත්තුකරන රතිඤ්ඤා හඩට විතරයි.

එදා ඉදන් අදත් මගදි හම්බඋනත් ඉස්කෝලෙ ගුරුවරු අතරත් මූ හැමදාම බයියා වෙලා හිටිය..

ප:ලි : දන්න විදිහට මුගෙ නම චානක කියල කවුරුත් දන්නේ නෑ. තාම දන්නේ බයියා කියල විතරයි.

No comments:

Post a Comment

මේ ගැන ඔබේ අදහස ලියන්න.