Friday, May 6, 2011

වෙසක් කූඩුව..


වෙසක් එක ලග නිසාත් මේකට අදාල පුද්ගලයා ඊයේ මට කතා කරල පාට් එකක් දාලා අමතක වෙන්න ගිය මේ කතාව මතක් කල නිසාත් මේක අද දාන්න හිතුව.

මේ සිද්දිය වෙනකොට අපි ආයතනයක කොම්පියුටර් ඩිප්ලෝමා එකක් කරනව අපේ බැජ් එකේ හිටියෙත් එලම පොරවල් ටිකක් කෙල්ලන්ට කෙසේ වෙතත් කොල්ලන්ට නම් ඉගෙන ගැනීමේ පට්ට ආසාවක් තිබ්බ.

ඕකේ ඩිරෙක්ටර් අමුතුම ශෛලියේ පොරක් අමුතුම ටෝක් තියෙන්නේ හැබැයි වැඩකරු හැම එකාටම චැලේන්ජ් කරනව free cell ගහන්න බුවා ඒකෙ එක්ස්පර්ට්. උගන්වන්න එන්නේ කව්රුහරි නැති දවසට විතරයි. ආවම ඉතිං වැඩි හරියක් තියෙන්නේ අපි ගැන දේශනේ තමා.

හැබැයි මේ වෙනකොට පොර මෙලොව හැර ගිහින් අපරාදේ ගොඩක් දෙනෙක් ආදරය කරපු පොරක් සහ හොද ගුරුවරයෙක්. හැබැයි එක දවසක් පොර ගෙනාපු තර්කයකට මම චැලේන්ජ් කරල මාත් එක්ක මල පැනලත් හිටියා.

හරි දැන් ආපහු කතාව. මේ ගුරුතුමා වෙසක් එක්ට වෙසක් කූඩු තරගයක් තියන්න තීරණය කරල අපිට කිව්ව ඉදිරිපත් වෙන්න කියල. අපිත් ඉතින් පැනල වැඩේට කැමති උණා. මොකද ඒ දවස් වලත් බාහිර වැඩ සදහා අපි Ph.D එක කරල තිබ්බේ. ඔය අතරේ රස කතා ගොන්නක් තියෙනවා නවත්තල තිබ්බ නයිට් ප්‍රැක්ටිකල් පටන් ගත්තේ අපි, පිටිපස්සේ ඉඩ‍මේ වොලිබෝල් ගහන්න ගත්තේ අපි හැබැයි මොනව කලත් අපි සෙට් එකම ගොඩ ගියා ලෙසටම.

දැන් ඉතිං අපි ප්ලෑන් කරනව කූඩුව. අපේ සජිත සහෝදරය ඇන්ද කූඩුව, කොහොමත් බුවා වැඩකාරය (මේකෙ බරපැන දැම්මේ අපේ ටීම් එකේ මහත නංගී ඇතුළු පිරිස) දැන් කම්බි ගෙනල්ල මේක හදන්න යන්නේ අපේ ටීම් එකේ මහත අයියගෙ (ලංකා කියල කියමුකෝ) ගෙදර මොකද මූ අපිට පොර ටෝක් දුන්න ගෙදර වෙල්ඩින් කරන්න පුළුවන් මූටත් ඔය වැඩ හොදට පුළුවන් කියලා. ගෙදර ගිහින් බැලුවම මූට වෙල්ඩින් තියා ලී කෝටු දෙකක් තියල ගැටගහ ගන්න වත් බෑ. අන්තිමේ බුවාගේ තාත්තට පිං සිද්ද වෙන්න හතරැස් රවුම් කරල යන්තම් අටව ගත්ත. හිතපු ඩිසයින් එකම නෙමේ උනත් කූඩුවෙ පොඩි ගතියක් තිබ්බ. අපි දෙවෙනියට තේරුණා තෑග්ග අපි සෙට් එකම බෙදාගත්තා. වෙල්ඩින් කතාව සෙට් එක දැනගත්තම බුවා කාලයක් චාටර් උනා..

ප.ලි :- දැන් බුවා එක ආයතනයක නෙට්වර්ක් වයර් පටලවන් දගලනවා. දැන් නම් වැඩ්ඩෙක් කියල පොඩි ආරංචියකුත් තියෙනවා හැබැයි මූත් එක්ක වෙල්ඩින් වැඩවලට ගෙදර යන්න එපා තාම මූට ඒව බෑ..

2 comments:

  1. hmmmmmmmmmmmmmmm
    Ekath Ehemaiiiiiiiiiiiiiiiiiiiiiii................

    ReplyDelete
  2. pora den nam weldin karanne ne.

    ReplyDelete

මේ ගැන ඔබේ අදහස ලියන්න.