Saturday, April 30, 2011

ඩොලා කෝ...?

ඩොලා කියන්නේ ඒ දවස් වල අපිත් එක්ක හිටපු සිරාම ඩයල් එකක් ආයි ඉතිං මූත් එක්ක හිටියොත් ගොළුවොත් හිනාවෙනවා. කට ඇරියොත් සෙට් එක වටේටම මඩ ගහල තාමා නවතින්නේ ඒක මුගේ හැටි. හිත හොද කම ගත්තත් ආයි ඒ වගේමයි දෙකක් නෑ මැරෙන්න හරි එනවා. අපි හැමදාම මූට කිව්වේ ඡන්දේ ඉල්ලන්න කියලා. ඩොලා කියන චරිතට සමාන චරිතයක් තවත් නෑ මගේ ජීවියට ආයිත් හම්බවෙන්නේ නෑ කියලා මම සිරාවටම දන්නව. ඕකා අපේ ගෙදර එන්නේ පාරෙ ඉදන් කෑ ගහගෙන මූ එනකොට ගමම දන්නවා. හැබැයි රත්ඤ්ඤා වලට පට්ට බයයි.

(මේ කතාව බෝරිං වගේ උනාට මේකෙන් ගන්න දේවල් ගොඩයි ඒ නිසා මේක අතහරින්න එපා කියවල බලපල්ලා)

කොහොම හරි ඩොලා O/L කෙලව ගත්තා අරන් දෙන්න A/L ආර්ට් කලා මුගේ ජීවිතේ ආර්ට් එක එතනින් මූ පටන් ගත්තා. A/L මුට වතුර වගේ උනා O/L - 8 D අරගෙන ගොඩම ගියා A/L කරද්දී ලංකාවේ තද පොරවල් වෙලා හිටිය ටියුෂන් පොරවල්ට චැලේන්ජ් කලා A 3 ක් දාලා A/L ගොඩ ගිහින් කැම්පස් ගියා.

එලියට ඇවිත් මාස 6 ක් ප්‍රැක්ටිස් කලේ ලෝයර් කෙනෙක් වෙන්න. දිව්රුම් දෙන්න කලින් දවසෙ මම ‍ගෙදර ගියා.

ඇන්ටි --- ඉන්නවද

ඇ : එයා නෑනෙ

මම : හවස ඉන්නව ද ?

ඇ : හවසත් නෑ

මම : හෙට ? මේ අතර ඇන්ටිගේ මූණ කළු උණා ඇයි ඇන්ටි

ඇ : එයා ආයිත් එන්නෙ නෑ පුතා එයා මහන වෙන්න ගියා..

මාව නිකන් උස්සල ‍පොළවේ ගැහුවා වගේ ඉන්පසු අපේ සංගමය

මම : බඩා --- නෑ මහණවෙන්න ගිහින්

බඩා : මල @$@ ඒ මොකද උබට කව්ද කිව්වේ ?

මම : උන්ගෙ අම්මා

අවුරුද්දක් විතර අපි පොරව හෙව්වා අන්තිමට හම්බ උනා නමුත් අපේ ඩොලා නෙමේ.....

(අද මගේ යාළුවා වූ ඩොලා නැත. වන අරනක භාවනායෝගී ව වැඩ වසනා ස්වාමීන් වහන්සේ නමක් මා මිතුරා වෙනුවෙන් වැඩ සිටී. උන් වහන්සේ ප්‍රාර්ථනා කරනා නිවන් මාර්ගය විවර කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා..! )

ප:ලි : මේ කතාව ලිව්වේ ඉතාම ගෞරවයෙන් යහපත් සිතින් මෙයට අදාල මගේ මිතුරාගේ නම නොදමමි. මෙයින් කිසිම අපහාසයක් නොවේවා ..!

4 comments:

  1. හ්ම්... එයා හරි මාර්ගෙ තෝරගන.

    වර්ඩ් වෙරිෆිකෙශන් අයින්කරානම් හොදා:)

    ReplyDelete
  2. mata asai atta sin 1 danaganna mokada dawasaka matath a de unoth....

    ReplyDelete
  3. ඔහොම ඩයල් දෙකක් මම දන්නවා. එක පොරක් A /L මැත කලා. ලංකාවෙන් මුල හැට ගානට පාස් උනා. මහන උනා.

    අනිත් පොර A /L වලින් පස්සේ මහන වෙන්නෙ හැදුව.මම හිතන්නේ ගෙදරින් දුන් නෑ.campus ආවා.උඩින්ම පාස් උනා. company එකකුත් පටන් ගත්තා.
    ටික කාලයක් ඉදලා මහන උනා.

    ReplyDelete
    Replies
    1. මේ කියන දෙවැන්නා මම දන්නවා!

      Delete

මේ ගැන ඔබේ අදහස ලියන්න.