Monday, May 23, 2011

කොළඹ වෙසක් බැලීම..

අපිටත් O/L කරන කාලේ කියන්නේ ජිවිතේ තියෙන සුන්දරම කාලේ,මම හිතන්නේ හැමෝටම එහෙම තමා. ඔය කාලේ වෙනකොට දැන් වගේ කන පැලෙන්න ටියුෂන් සර්ල හිටියේ නෑ. අපිත් පන්ති කියල ගියේ ගණන් පන්තියකට විතරයි ඒකෙත් අපිට ඉගැන්නුවේ ගෙවල් ලග අයිය කෙනෙක්. (හැබැයි ඒ අයියටත් ටියුෂන් වැඩේ ජයටම නැගල ගියා දැන් බුවා ඒ පැත්තේ ජනප්‍රිය සර් කෙනෙක්)

මේ ලියන්න යන කථාවට අදාල සමහර එවුන් දැන් හෙන පොරවල් වෙලා ඉන්නවා උන් ව නම් දැක්කම තාමත් හිනා යනව ඒ දවස් වල කරපු දේවල්වලට. මේ දවස් වල වෙසක් උන නිසා මේ කතාවත් මතක් උණා.

O/L කරන දවස් වල අපිත් එක්ක හිටිය සෙට් එකේ එකෙක් තමා කොටා මූ කොට නිසා ඒනම වැටුන අනික ශිරාන්, මම, ලාල් ඔය ආකාරයේ තව සෙට් එක හිටිය ඔය ඉන්නේ කතාවට අදාල එවුන්. උගන්වපු අයියා ශාන්.

අපේ එවුන්ට තිබ්බේ එක එක පිස්සු ශිරාන් ට ඕන උනේ රට යන්න "මචං රට ගිහින් පාරවල් හේදුවත් දුක නෑ‍නෙ බං මෙහෙ කවුරුත් දකින්නේ නෑනේ අනික අපේ අම්මල කියයි පුතා රට කියල මමනෙ දන්නෙ කරන දේ හැබැයි හොද ගානක් හොයාගන්න පුළුවන්" ඔය ශිරාන ගේ ප්‍රසිද්ධ කියමන මූ දැන් නම් රට ඉන්නේ පාර අතුගානවද දන්නේ නෑ. අනිත් එවුන් ගෙන් කීප දෙනෙක් ඇරෙන්න ගොඩක් එවුන්දැන් රටඉන්නේ.

හරි අතුරු කතා ඉවරයි දැන් කථාව

ඔය ඉගෙන ගන්න කාලේ වෙසක් දවසක අපිටත් හිතුන කොළඹ වෙසක් බලන්න යන්න අනේ ඉතිං මෙහෙම හිතුනට යන්න වාහනයක් වත් නෑ. අන්තිමේදී පාරේ බස් එකේ යන්න තීරනය කලා බස් එකේ ගෙවල් වලින් යන්න දෙන්නේ නැති නිසා ගෙදරට කිව්වේ ශාන් අයියගෙ යාළුවෙකුගෙ ගෙදර ගිහින් බුවාගේ වෑන් එකේ වෙසක් බලන්න යනව කියල ගෙවල් වලිනුත් ශේප් කරගෙන.

කොහොමින් හරි කටුබැද්දෙන් බැහැල ගාලුපාරෙ කොළඹ යන බස් එකක සෙට් උනා. කොළඹටත් ගිහින් දෙයියනේ කියලා හැම තැනම ඇවිද්දා රැ 2 විතර වෙනකොට බඩගිනියි ඉන්නබෑ අන්තිමේදී ගෝල්ෆේස් යන්න කියල සෙට් උනා ඔය අස්සේ ගංගාරාමේ හරියෙන් හෙන සද්දයක් ඇහෙනව.

ශිරාන් : මචං බඩු හරි අන්න දන්සැලක් ඕකෙන් කාල යමන්
අපි : හරි යමන්

ඔන්න දැන් සෙට් එක දන්සැලේ පෝලිමේ ඉන්නව කන්න. බැලින්නම් මෙතන හෙන සීන් තියෙන තැනක් ඔය අතරෙ දන්සැලේ කෑම බෙදන්න ඉන්නේ මැර බුවෙක් ඉනේ පේන්නම කිනිස්සක් එක අතක කූරක් (කූරක් කියන්නේ මොකක්ද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ) අපේ ශිරාන් මූත් එක්ක ‍හෙන චැට් එක කාලෙක ඉදන් දන්නව වගේ දැන් අපිට ඕනෙ කන්න නෙමේ යන්න.

ශිරානයා බුවාව අපි ලගට එක්කගෙන ආවා

ශි : මචං මේ ඉන්නේ අපේ සෙට් එක මුන් බඩගින්නේ ඉන්නේ අපිව ඉක්මනින් දාපන්කෝ ඇතුලට

බු: හරි මචං ඊලගට උබලව දාන්නම් උබල මෙහෙදී ඔන දේකට මට කතා කරපන් මම **** මේ මගෙ මස්සිනා මූ තමා මෙහෙ ලයින් එක බලන් ඉන්නේ. මූ තව බුවෙක් පෙන්නුව

මූත් කිව්ව වගේ අපිව ඇතුලට දැම්ම අපිත් හැරෙන තැපෑලෙන් කාලා එලියට ආවා ශාන් අයිය සද්ද නෑ. අතක් පයක් කඩා නොගෙන ආපු එකේ දැන් යමු කියල ශාන් අයිය කිවුව අපි ඉතින් ගිහින් නැග්ග ආපහු එන්න නවත්තල තියෙන බස් එකක එළිවෙනකම් ඒක ගියෙත්නෑ බැලින්නම් ඒක කැඩිච්ච බස් එකක්.

කොටා සහ ශිරාන් මෙම බස් රථයට මුත්‍රා ප්‍රහාරයක් ඉල්ලකරේ බස් රථය කෙරෙහි වූ තමාගේ මල ප්‍රකාශ කිරීමටයි. කොහොම නමුත් ගෙදර එනකොට 9 ට විතර ඇති ගෙදර මිනිස්සුන්ට පච 1000 ක් කියල තමයි බේරෙන්න පුළුවන් උනේ. ඔන්න ඔහොමයි අපේ කොළඹ වෙසක් බැලිල්ල නිමා උනේ.

ප:ලි : අපි ගිය විදිහ අද වෙනතුරුත් ගෙවල් වලින් දන්නේ නෑ අර හම්බවෙච්ච චරිතය මොකාද කියල අදවත් දන්නේ නෑ හැබැයි ඌට අනිත් එවුන් සලකපු විදිහට ඌ නම් හෙන පොරක්.

2 comments:

  1. ඔන්න මාත් ආවා බ්ලොග් එකට.ජය දිගු ගමනක් යන්න

    http://jeevithayewassanayen.blogspot.com/

    ReplyDelete
  2. කඩේ හාමිනේ : තැන්ක් කූ වේවා ! කඩේ හාමිනේ

    ReplyDelete

මේ ගැන ඔබේ අදහස ලියන්න.