Monday, May 16, 2011

Science Exhibition....

ටික දවසක් කතා ලිව්වේ නැත්තේ කතා නැති නිසා නෙමේ මේ දවස් ටිකේ මාර විදිහට වැඩ තිබ්බා ඒ නිසා. ඒත් අපේ සෙට් එක කෝල් කර කර එක එක කතා මතක් කරල දෙනව මේකත් අමතකවෙන්න ගිහින් අ‍පේම සහන් කොල්ල මතක් කරල දීපු කේස් එකක්. මේ බුවාගෙත් රස කතා තියෙනව ඒවත් මතක් උනා මේක ලියන්න ගිහින් ඒවා වෙනම දාන්නම්.

හරි මෙන්න කතාව

අපි O/L කරන දවස්වල A/L කරන පොරක් අපිත් එක්ක ෆිට් උනා බුවා A/L කලේ Maths පොරට ඕන වෙලා තිබ්බා science exhibition එකට computer සම්බන්ද stall එකක් කරන්න. ඕකට බුවා අපේ සහන් සහෝදරයත් එක්ක සෙට්වෙලා කට්ටිය සෙට් කරනව ඕකට ඉතිං මමත් සෙට් උනා නිකන් ඉන්න බැරි කමට ඔන්න අපේ පළවෙනි රැස්වීමත් ආවා (අර සෙට් වෙච්ච අයියට නුවන් කියමු)

නුවන් : මල්ලී අද මෙතෙන්ට එන්න කිව්වේ අපේ science exhibition එකට computer stall එකක් කරන්න මේකෙ දිගටම ඉස්කෝලේ computer club එකක් විදිහට පවත්වගෙන යන්න ඕන. දැන් කට්ටිය තනතුරු ටිකට පත්කරගමු.

සහන් : මම සභාපති හැටියට *** ව (මම තුමා) පත් කරනව

මම : මට බෑ ඕක භාරගන්න (මම දන්නවනේ බාරගත්ත වගේ නෙමේ තනියෙන්නේ ගේම අදින්න තියෙන්නේ)

සහන් : නෑ අයියේ මූට computer exam වලට හැමදාම වැඩිම ලකුණු තියෙනවා. ඒ නිසා මූව තෝරමු

නුවන් : එහෙනම් මල්ලී ඔයා තමා මේක කරන්න ඕනි

(ඔන්න ඔහොම තමා computer club එකේ සභාපති කම මට සෙට් උනේ)

කොහොම කො‍හොම හරි exhibition දිනත් ලං උනා කලින් කිව්ව වගේ මොනවද කරන්නේ කියල එකෙකුටවත් idea එකක් නෑ අන්තිමේදී මම තුමයි සහන් තුමයි එකතුවෙලා computer hardware පෙන්වන්න ගත්ත ඒකටත් බොහෝම අමාරුවෙන් අපේ ගෙදර තිබ්බ කෑලිගොඩක් උස්සගෙන ගියා දන්න දන්න විදිහට කස්ටියට අපි මේවා විස්තර කලා සමහර පොරවල් ඇවිත් පොරටෝක් දීපු අවස්ථාත් තිබ්බ. කොහොම හරි අපි වැඩේ ලස්සනට ගියා මේ හැමදේටම සහනුත්, නුවන් අයියත් මගේ ලගින් හිටියා.

අන්තිමේදී Idea ලියන්න දීල තිබ්බ පොතේ තිබුන ලස්සන කතාවක්. කව්රු උනත් අපේම සහෝදරයෙක් ඒකෙ මෙහෙම ලියල තිබ්බ "සම වයසේ උනත් ඔබ කල දේ ඉතා අගනේය. අපි ඔබගෙන් බොහෝ දෑ ඉගෙන ගත්තෙමු ඔබට ජය.."

ප:ලි : - මේ කතාව මතක් කලේ සහනයා "මචං මතකද අපි ඉස්කෝලෙ ගොඩ දාපු හැටි exhibition එකේදී උඹ කෑලි ගොඩක් උස්සගෙන ආවේ" ඔය සහන් මට ඒක මතක් කරපු හැටි.. සහන් මචෝ දැන් ඉස්කෝලේ computer club එක මාර දියුනුයි අපෙන් පස්සේ ඒක කොල්ලෝ ටික නියමෙට කරගෙන යනවා... අපේ ඉස්කෝලෙට ජය වේවා..!

No comments:

Post a Comment

මේ ගැන ඔබේ අදහස ලියන්න.