Tuesday, May 3, 2011

තරු ප්‍රෝග්‍රෑම්..

අද මැයි 03. මම අද උදේ ඔෆිස් එන්න අදින ගමන් රේඩියෝ එක අහගෙන හිටියා. කොහොමත් උදේට රේඩියෝ එක පොඩ්ඩක් අහන එක මගේ සාමාන්‍ය වැඩක්.

මුලින්ම දිනය කියල පටන් ගත්තේ අද උදේ ඇහුණු දේ කියන්න. අද ජනමාධ්‍ය දිනේලු ඔන්න ඉතිං පටන් ගත්තා මුන්ගේ පම්පෝරි කියවිල්ල කියවනව කියවනව ඉවරයක් නෑ. හෝදනව මඩේ දානව හෝද හෝද ආපහු මඩේ. ඕක තමා අද වෙනකොට වැඩි හරියක් FM චැනල් වලින් කරන්නෙ‍්. උඹල හොදට උනන්දුවෙන් අහපන් අද ඉදන් බලන්න හැම චැනල් එකටම ඒකට ආවේනික ගායකයො ටිකකුයි සිංදු ටිකකුයි තියෙනව හැමතිස්සෙම දාන්නෙ ඕකම තමා. වෙන ඒවා අහන්න නම් ඒකට අදාල චැනල් එක දාන්න ඕනි. මේ කතා අස්සේ නිවේදක පොරක් කියනවා මේක වැඩියෙන් අදාල වෙන්නේ ලිඛිත ජනමාධ්‍යට ලු ඒ කියන්නේ පත්තරේටලු. ජනමාධ්‍ය දිනේ නම් ඒක කොයි එකටත් අදාල වෙන්න එපැයි ඒ නිසා අද ටයිටල් එක ජනමාධ්‍ය ම තමා.

අපි කව්රුත් ෆුල් ජොලියෙන් බලපු අල (අපි නොදන්න ලයිව්) ප්‍රෝග්‍රෑම් එකෙන් දුන්න සිරාම ගේමක් හැමෝටම තේරෙන්නෙ නැතිව දුන්න ගානට. හැබැයි කියන්න ඕන සිරාම ප්‍රෝග්‍රෑම් එක.

මම සාමාන්‍යයෙන් වැඩිය TV බලන්නේ නැ ඇයි ඉතින් ඒවෑ බලන්න දෙයක් නෑනේ. සෙනසුරාදා රැවෙලා ගෙදරට වෙලා හිටියා පට්ට කම්මැලි නිසා කරන්න දෙයකුත් නැති නිසා ඔන්න දැම්ම TV එක මුලින් එකේ සෙට් එකක් නටනව ඊලග එකේ සිංදු කියනව මේ වගේ ප්‍රධාන ම චැනල් 4 ක තරු (star) ප්‍රෝග්‍රෑම් අනිත් ඒවායේ බයිල ඔන්න විද්‍යූත් ඒව. අද හැමෝටම තියෙන්නේ හොද දෙයක් දෙන්න ඔනි කියන එක නෙමේ එක වෙන්න ඕනි එක.

මේක නිකම් දැන් Srilankan Idel වෙලා තියෙන්නෙ දැන් ඉන්න පොඩි උන්ට උන්ගේ පොඩි කාලෙට ගැලපෙන වැඩසටහන් දැන් නෑනෙ බලන්න. මට අමතක උනා උන්ටත් තියෙනවා පොඩි තරු ප්‍රෝග්‍රෑම්. මේව තමා අද තියෙන ජනමාධ්‍ය යේ වැඩ. ඔන්න ඕවත් හිතට අරන් අද ජනමාධ්‍ය දිනය සමරන්න කියල තමා කියන්න වෙන්නේ.

එක එක නමින් තියෙන තරු වලට sms යවල මාසෙ අන්තිමට තරු පේන්නේ කාටද ?

එහෙම උඩ ගිය තරු වලට අද වෙනකොට මොකද වෙලා තියෙන්නෙ ?

තරු කීයද දැන් දිලෙන්නේ ?

ප.ලි :- මේක ලියන්න හේතු උනේ ඊයේ එකෙක් කතා කරල කියනව මචං මඩ විතරක් නෙමේ හොද දෙයකුත් ලියපන් කියල ඔන්න මචෝ මට හිතුනදේ... හරි වැරදි උඹලට බාරයි.

1 comment:

  1. දැන් හුඟක් ජන මාධ්‍ය කරන්නෙ කඩේ යන එක තමයි.......

    ReplyDelete

මේ ගැන ඔබේ අදහස ලියන්න.