Saturday, April 30, 2011

ඩොලා කෝ...?

ඩොලා කියන්නේ ඒ දවස් වල අපිත් එක්ක හිටපු සිරාම ඩයල් එකක් ආයි ඉතිං මූත් එක්ක හිටියොත් ගොළුවොත් හිනාවෙනවා. කට ඇරියොත් සෙට් එක වටේටම මඩ ගහල තාමා නවතින්නේ ඒක මුගේ හැටි. හිත හොද කම ගත්තත් ආයි ඒ වගේමයි දෙකක් නෑ මැරෙන්න හරි එනවා. අපි හැමදාම මූට කිව්වේ ඡන්දේ ඉල්ලන්න කියලා. ඩොලා කියන චරිතට සමාන චරිතයක් තවත් නෑ මගේ ජීවියට ආයිත් හම්බවෙන්නේ නෑ කියලා මම සිරාවටම දන්නව. ඕකා අපේ ගෙදර එන්නේ පාරෙ ඉදන් කෑ ගහගෙන මූ එනකොට ගමම දන්නවා. හැබැයි රත්ඤ්ඤා වලට පට්ට බයයි.

(මේ කතාව බෝරිං වගේ උනාට මේකෙන් ගන්න දේවල් ගොඩයි ඒ නිසා මේක අතහරින්න එපා කියවල බලපල්ලා)

කොහොම හරි ඩොලා O/L කෙලව ගත්තා අරන් දෙන්න A/L ආර්ට් කලා මුගේ ජීවිතේ ආර්ට් එක එතනින් මූ පටන් ගත්තා. A/L මුට වතුර වගේ උනා O/L - 8 D අරගෙන ගොඩම ගියා A/L කරද්දී ලංකාවේ තද පොරවල් වෙලා හිටිය ටියුෂන් පොරවල්ට චැලේන්ජ් කලා A 3 ක් දාලා A/L ගොඩ ගිහින් කැම්පස් ගියා.

එලියට ඇවිත් මාස 6 ක් ප්‍රැක්ටිස් කලේ ලෝයර් කෙනෙක් වෙන්න. දිව්රුම් දෙන්න කලින් දවසෙ මම ‍ගෙදර ගියා.

ඇන්ටි --- ඉන්නවද

ඇ : එයා නෑනෙ

මම : හවස ඉන්නව ද ?

ඇ : හවසත් නෑ

මම : හෙට ? මේ අතර ඇන්ටිගේ මූණ කළු උණා ඇයි ඇන්ටි

ඇ : එයා ආයිත් එන්නෙ නෑ පුතා එයා මහන වෙන්න ගියා..

මාව නිකන් උස්සල ‍පොළවේ ගැහුවා වගේ ඉන්පසු අපේ සංගමය

මම : බඩා --- නෑ මහණවෙන්න ගිහින්

බඩා : මල @$@ ඒ මොකද උබට කව්ද කිව්වේ ?

මම : උන්ගෙ අම්මා

අවුරුද්දක් විතර අපි පොරව හෙව්වා අන්තිමට හම්බ උනා නමුත් අපේ ඩොලා නෙමේ.....

(අද මගේ යාළුවා වූ ඩොලා නැත. වන අරනක භාවනායෝගී ව වැඩ වසනා ස්වාමීන් වහන්සේ නමක් මා මිතුරා වෙනුවෙන් වැඩ සිටී. උන් වහන්සේ ප්‍රාර්ථනා කරනා නිවන් මාර්ගය විවර කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා..! )

ප:ලි : මේ කතාව ලිව්වේ ඉතාම ගෞරවයෙන් යහපත් සිතින් මෙයට අදාල මගේ මිතුරාගේ නම නොදමමි. මෙයින් කිසිම අපහාසයක් නොවේවා ..!

Friday, April 29, 2011

To day special..

අද උදේ වැඩට එනකොට රත්මලානේ කඩේක තියෙනව දැක්ක බෝඩ් එකක් අද විශේෂ සුප්. එතකොට අද විතරද විශේෂ සුප් හැබැයි අර ප්‍රින්ට් කරල තිබ්බ ඩිජිටල් ප්‍රින්ට් එක් නම් දෙවන ලෝක යුද්ධ කාලෙ ප්‍රින්ට කරපු එකක් වගේ. දාලා තිබ්බේ අද විශේෂ සුප්. ඔන්න ඕක තමා සීන් එක Special, Sale, Discount කියන්නේ විශේෂයෙන් ම ගෑණුන්ගෙ ඔළුව කන වචන ටිකක් මේවා දැක්ක ගමන් දුවනව ඒ කඩෙන් බඩු ගන්න. බැලුවම පිට ඊට වඩා අඩුවට ඔය දේවල් තියෙවනව නැත්නම් ඒවයේ මොනව හරි අවුලක්.

තව එකක් මතක් උනා special ගැන ඉස්සරහා නාදන‍් ගෙ කඩේ Friday special නම් කරන්නේ සාමාන්‍යයෙන් උයන බත් එකටම පොඩ්ඩක් කහ දානව ඊට පස්සේ විශේෂ තමා. පහුවදා ඉදන් ආපහු හැමදාම කන බත් එක.

තව එකෙක් ඔෆිස් එකෙ ඉන්නවා ඌටත් Friday special ඌ සිකුරාදා ගෙදර යන්නේ ඔළුව සාක්කුවේ දාගෙන. සෙනසුරාදා එනවා ඇස් රතු කරගෙන. බයවෙලා වගේ.

කොහොමද නිකන් Friday special වැඩට එන එවුන් ට එදාට ඩබල් පඩි දෙනව කිව්වොත් .. කට්ටිය පෙරලගෙන එන ආතල් එක බලාගන්න පුළුවන්.

තවත් හැමතැනම මෙහෙම බෝඩ් දාලා තියෙන්ව උබල දැකල ඇති. මේ කියනව වගේ ඒ හැමතැනම විශේෂයක් තියෙනවද ?

ඇයි මේ සතියේ එක දවසක් විතරක් special වෙන්නේ... දන්න අය කියාපල්ලා.... ඒක උඹලට බාරයි..

තව දෙයක් කියන්න බැරි උනා නුගේගොඩ වාහන එලවගෙන එන පොරවල් පරිස්සමින් මචෝ (හැමතැනම මෙහෙම තමා)කොල වැටුනට මිනිස්සු පාර පනිනවා එන වාහන බලන්නේ නෑ. පාර පනින්න ඕනි තමා වාහනත් පාරෙ යන්න එපැයි. මොනව හරි උනොත් වාහනේ එන එකා තමා වැරදි.



Thursday, April 28, 2011

ඊයේ අද සහ හෙට...

ඊයේ දවල් අපේ එකෙක් කථා කරල අහනවා මචෝ අද කථා නැද්ද කියල. ඒ අස්සෙ එකෙක් තර්ජනය කරනවා අඩෝ නම් දාන්න එපා මරනව සුදු වෑන් වලින් උස්සනව කියල.

අද නම් කන පැලෙන්න වැඩ අද මොන කථා ද කියල හිතන් හිටියේ ඒත් මේ එන ගල් මුල් , මල් දැක්කම මොනව හරි ලියන්න හිතුන. එකක් කියන්න ඕන මචෝ නම් දාන්නේ උඹලට ජීවත්වෙන්න බැරි දේවල් කලාට නෙමේ පහර ගහන්නත් නෙමේ, අනික නම් දාන්නේ විහිළු තේරෙන උන්ගේ විතරයි. මේව බලල අතීතය මතක් කරන් හිනාවෙන්න එච්චරයි.

අද නම් කියන්නේ මඩ කතාවක් නෙමේ මේක අපි ගැන දුක හිතෙන කතාවක්. අද උදේ වැඩට එද්දී දැක්ක දෙයකින් තමා මේක මතක් උනේ.

පුංචිකාලෙ වෙසක් එකට අපි කව්රු කව්රුත් වෙසක් කූඩු හැදුව, සල් උයන් හැදුව පුළු පුළුවන් විදිහට එක එකා මොනව හරි කලා. උඹලට මතකද අපේ අම්මල තාත්තල අපිට වෙස් මූණු අරන් දෙනව (නියම මූණ එදාටවත් හංග ගනින් කියල අම්මල හිතන්න ඇති.) යක්කු මූණූ ගත්තෙ ටිකක් ලොකු උණාම මොකද ඒවට බය නිසා ඊට කලින් හා මූණු (හාවා) , වෙනත් සත්තුන්ගෙ මූණු ගත්තා. ඒව හදල තිබ්බෙ කඩදාසි වලින් පස්සෙ කාටූන් ඒවත් මාර්කට් එකට ආවා.

අපි මූණු නොදමන කාලෙ වෙනකොට (ලොකු වෙනකොට - හැබැයි එතකොට තමා අපි මූණු දාන් ඕනම කාලෙ මොකද පාරෙ යන්න බෑනෙ) මාර්කට් එකට ආවෙ ප්ලාස්ටික් මූණු මේවායේ අපායේ ඉන්න යක්කු මූණු නෑ modern මූණු තමා තිබ්බේ. හොදට බැලුවම “made in china” කියල ගහල තිබ්බ. ඒ වෙනකොට වෙසක් කූඩුත් හරි හරියට විකිණෙනවා. කඩදාසි ඒවා අඩුවෙන් තමා තිබ්බේ.

අද උදේ එද්දී දැක්ක තව එකක් අමුතුම මූණක් මේකෙ රබර් බෑන්ඩ් නෑ තනිකරම මූණ දාගන්න තියෙන්නෙ ඉන්නේ කවදාවත් ලංකාවෙ දැක්ක යකෙක් නම් නෙමේ. පිස්සු හැදෙනවා බැලුවම, දැන් පොඩි උන් වෙස් මූණු කියල ගන්නේ ඕවනෙ අප්පා.....

මට තියෙන ප්‍රශ්න...

  • එතකොට පරණ මූණු වලට මොකද උණේ ?
  • ඒවා හදන මිනිස්සුන්ට මොකද උණේ ?
  • ඇයි වෙසක් එකත් import කරන්නේ ?
  • අපේ ළමයින්ගෙ කාලෙ වෙනකොට මොනව වෙයිද ?




Wednesday, April 27, 2011

කොළඹින් ආ වැද්දෝ....

මේ සිද්ධිය වෙනකොට මම එක්තරා ආයතනයක වැඩකරනව එතනින් මම අදුරගත්තා යාළුවො දෙන්නෙක් එකෙක් එරංග නොහොත් 3-10 අනිකා විරාජ්, කථාවට සම්භන්ධ අනිත් එකා කළු සර් නොහොත් ඉන්දික පොර කලින් ඉදන් මගේ යාළුවෙක්.

ඉන්දික ඉන්නේ කුලියාපිටියේ ලස්සන ගමක (ගම විතරයි ලස්සන ඉන්න එවුන් නම් කිසිම කමකට නෑ) මම මීට කලින් ගිහින් තියෙනවා. ඉන්දිකගෙ වෙඩින් එකට කලින් අපි හතරදෙනා ගියා පොරට උදව් වෙන්න. නොගියනන් තමා හොද කියල පස්සෙ පොර කිව්ව.

පාර දිගේ යනකම් සිද්දවෙච්ච දේවල් මම ලියන්න යන්නෙ නෑ. කොහොමින් හරි දවල් වෙද්දි අපි ගියා. පොරගෙ ගෙදර ඉස්සරහා තියෙන වැව දැක්ක ගමන් සෙට් එක ෆිට්.

විරාජ් : මචං මේකෙ වැව් මාළු ඇති නේද ? (වැවක මාළු නැද්ද අම්මපා මූට පිස්සුද)

එරංග : දාමුද බාබ්කියු පාරක් වැව් කණ්ඩිය උඩ ?

වි : එළ, මාළු කෝ ?

(දැන් විරාජ් සහ මම තුමා නොදන්නා ගමක මාළු කාරයන් සොය යෑම ඇරඹුවෙමු, මට මුලින් කියන්න අමතක උණා මේ දවස් වෙනකොට මට ක්ලච් බයික් පදින්න බෑ ඕක කිව්වෙ නැත්නම් මම දන්නව මට ලැබෙන ප්‍රතිචාරෙ )

කොහොම හරි අපි මාළු අල්ලන පොරක ගේ ගෙයක් හොයාගෙන ගියා මේ ඒ සීන් එක.

වි : කව්ද @$% කියන්නේ

(‍මූ අහන්නේ හරියට නිකන් කසිප්පු අල්ලන්න පොලිසියෙන් පැන්න වගේ ම‍ගෙ බොක්ක කූල් වෙලා බලන් හිටිය මම හිතුව දැන් කෑව කියල)

බුවා : මම, ඇයි මහත්තයා

වි : අයියේ අපි ඉන්දිකගෙ යාළුවො ටිකක් කොළඹ ඉදන් ආවේ, මාළු ටිකක් අල්ලගන්න පුළුවන්ද ‍?

බුවා : පිස්සු ද මල්ලී මාළු නෑ - දැන් පුළුවන්ද මාළු අල්ලන්න.

(යාන්තම් ගුටි නොකා පෙර පිනකට බේරිලා ආවා. මූ අහපු විදිහට මාළු නෙමේ වතුරවත් හම්බවෙන්නේ නෑ)

ඒත් බාබකියු උණෙන් සිටි එරංගයා, මම හා විරාජයා කුකුල් මස් ගෙන සුපුරුදු බාබකියූ එක දැම්මා, අරූගෙ අම්මලටත් හොරෙන්. වැඩේ සාර්ථක කරලා අපි ආවා ඔන්න ඔෆිස්.

ඉන්දික : මචං මල කෙළියයි ගමේ උන් සීන් එක දැකලා...

අපි : ඉතිං..

ඉ : උන් මගෙන් අහනවා කව්ද බන් ඒ කොළඹ ඉදන් ආපු වැද්දෝ..කියල මම කිව්ව උන් මගෙ හොද යාළුවො ටිකක් කියල.

ප: ලි :- මට ප්‍රශ්න කීපයක් ඇත.

  1. බාබකියු යනු වැද්දන්ගේ කෑමක් ද ?
  2. එතකොට සුද්දෝ කන්නේ අපේ වැදි කෑම ද ?
  3. නැත්නම් ගමේ උන් ට දුන්නේ නැති නිසා අපි වැද්දෝ වුනාද ?
  4. නැත්නම් අපි වැද්දො ද ?