Tuesday, May 31, 2011

මචං උඹ බැදලද ?

අපිත් එක්ක හිටපු තවත් එකෙක් තමා ලපයා කියන්නේ මූත් එක්ක හිටියොත් අතක් පයක් කඩාගන්නේ නැතුව ඉන්න එක හෙන ගේමක්. මුගේ කටත් එහෙමම තමා මැෂින් එකක් වගේ කියවන්නේ. ඉගෙන ගන්න හිතුනොත් ගුරුවරු හොයාගෙන හරි යනව නැත්නම් නෑ. O/L පාස් වෙලා මූ A/L commerce කලේ O/L පාස් වෙලා දවසක් ගණන් මිස් හම්බඋනා.

මිස් : ආ.. ලපයා මොනවස රිසල්ට් ?

ලපයා: *** ලපයා රිසල්ට් එක කිව්ව. ගණන් වලට D

මිස් : මම හිතුවෙ තමුසෙ ගණන් ෆේල් වෙයි කියලා.

ලපයා: ඔව් ඉතිං මිස් උගන්වපු හින්ද තමා මම commerce කරන්නේ නැත්නම් මම Maths කරනව

ඉතිං ආයිත් එයි යෑ මිස් කතා කරන්න ඔන්න මුගේ කට හැබැයි දැන් නම් කටෙන් නියමෙට වැඩක් ගන්නව මොකද දැන් බුවා ලංකාවෙ ප්‍රසිද්ධ ආයතනයක Aria manager කෙනෙක්.

මේ මෑතක දවසක් මට සෙට් වෙලා කරපු කතාව.

මම : ආ.. ලපේ කොහොමද ?

ලපයා : වරදක් නෑ බං ඔහේ ඉන්න ව, ඒක නෙමේ උඹ බැදලද ?

මම : තාම නෑ බං, අපේ එවුන් කාවවත් හම්බ උනේ නැද්ද ?

ලපයා: නෑ බං එකෙක් වත් සෙට් උනේ නෑ, ඒක නෙමේ උඹ බැන්දෙ නෑ නේද ?

මම : නෑ බන් මම කිව්වේ බොට, දැන් උඹ කොහෙද වැඩ ?

ලපයා : දැන් මාව නුවරට මාරු කලා බන් එහෙ සේල්ස් අඩුයි. අපරාදේ උඹට බදින්න තිබ්බේ.

දැන් මූ බදින කතාව දිගටම කරගෙන යනව මටත් මල පැනල මුගේ කියවිල්ල අස්සේ මම ඇහුව හරි ලපේ දැන් උඹ බැදලද ?

ලපයා : නෑ මචං බැන්දෙ නෑ ඒක නෙමේ උඹ බදින්නේ නැද්ද ?


ප:ලි : මූත් එක්ක කතා කලේ අපරාදේ කියල හිතෙනවා. මූ කොච්චර ජෝක් දැම්මත් හරිම හිත හොද එකා. කලින් කිව්ව වගේ ප්‍රසිද්ධ ආයතනයක Aria Manager කෙනෙක් විදිහට වැඩ.

No comments:

Post a Comment

මේ ගැන ඔබේ අදහස ලියන්න.