Friday, May 27, 2011

ඒ මගේ තාත්ත යකෝ...

දැන් මගේ ඔෆිස් එකේ එකට වැඩ කරන මගේ හොද යාළුවෙක් ඉන්නවා ශානා කියල බුවා කැම්පස් එහෙම ගිහින් ඩිග්රියත් කරපින්නන් ඇවිත් මේ කරන්නේ බුවාගේ පළවෙනි ජොබ් එක. අනික පොර මොරටුවෙ කොල්ලෙක් මොරටුවෙ පොරවල් කොහොමත් කලාවට දස්සයි කිව්ව වගේ බුවත් එළ සංගීත කාරය හොද ගෲප් එකක් එහෙමත් බුවාට තියෙනව. කොහොමත් ඔෆිස් එකේ සෙට් වෙන අවස්ථාවන් වල ගිටාර් එකෙන් ආතල් දෙන්නේ පොර තමා. අනික පොර ඔෆිස් වෙලාවෙන් පස්සේ කැලිප්සෝ සෙට්වෙනව රෑට මේ තියෙන්නේ බුවා කැලිප්සෝ ගහන්න ගිහින් සිද්ද වෙච්චි සිරා සීන් එකක්.

එක දවසක් බත්තරමුල්ල පැත්තේ රෙස්ට්ටුරන්ට් එකකදී බීපු පොරක් සින්දුවක් ඉල්ල ලා ශානා ඒක සිරාවට ප්ලේ කරල මේ පසු සිදුවීම.

බුවා : මල්ලී එල කිරි හොදට ප්ලේ කලා රයිට් මෙන්න අනිත් request එක **** සින්දුව පුළුවන්ද

ශානා : පුළුවන් අවුලක් නෑ

බුවා : හරි ඊට කලින් කියපන් ඕක ලිව්වේ කව්ද ?

ශානා : ඒක නම් දන්නේ නෑ

බුවා : මොනවද බන් උඹල ඒකවත් දන්නේනැද්ද හරි **** ව උඹල අදුරනවද ?

ශානා : නෑ අපි නම් දන්නේ නැ

බුවා : යකෝ *** ට *** ට සින්දු ලියන්නේ ඔය සින්දුව ලියල තියෙන්නේ උඹල දන්නේ නැද්ද ?

ශානා : නෑ ඇත්තටම අපි දන්නේ නෑ..

බුවා : දැන් උඹල *** ව දන්නේ නෑ යකෝ ඒ මගේ තාත්තා යකෝ


ප:ලි : නම් ටික දාන්න බැරි නිසා ** සදහා සුදුසු නමක් දා ගන්න

3 comments:

  1. ආ ඇත්තද..? දැන් උඹ කව්ද මචං කියලා හැරෙන තැපෑලෙන් ඇහැවුවනං වැඩේ හොඳම ටික බලාගන්නත් තිබුනා.
    ඔන්න අපිත් ඇවිත් ගියා...

    ReplyDelete
  2. මා:හෝ : තැත්ක් යූ සහෝ... අපේ බුවාට හොද ජනප්‍රිය පොරවල් සෙට් වෙලා වෙච්ච සීන් තියෙනවා හිමීට දාන්නම්...

    ReplyDelete
  3. ඉතිං අපිට මොකෝ යකෝ කියල අහල නැද්ද උඹේ යාලුව...

    ReplyDelete

මේ ගැන ඔබේ අදහස ලියන්න.