Tuesday, April 28, 2015

නුවර එළියේ චාටර් වීම 2..


කෙලින්ම දෙවෙනි කොටස පටන් ගන්නම් පළවෙනි එක බැලුවෙ නැත්නම් දුවල ගිහින් මෙතනින් බලලම එන්න.
හරි දැන් මම මූට පොර ටෝක් දීල ගියා වොෂ් එකක් දාගන්න. ගියාට මොකද පට්ට සීතලයි එළියෙ. සෙරෙප්පු නැතුව ඇවිදින්න වත් බෑ. ඇතුලට ගිහින් ටැප් එක ඇරිය අම්මත් කිව්වනේ නාන්න එපා කියල. ඒත් වතුරටික නම් අවුලක් නෑ (හොට් වෝටර් නේ :)) ඉතිං ඔන්න මූණ හෝදන්න පටන් ගත්ත ඒත් අවුලක් නෑ වගේ ඔන්න ඔහේ ඇගම හෝදනව කියල හිතාගෙන ඇගටම වතුර දැම්ම. ඇගට වතුර දාපු එකේ ආපහු තෙමන්න තියෙන්නේ ඔළුව විතරයිනේ ඔන්න ඉතිං නාන්නම ගත්ත දැන් වීරය වගේ මම නානව ඒ අතරේ අරූටත් මඩ කතා කියනව.
මේ වෙනකොට එරංගයගේ සීතල ගතිය ගිහින් බුවා ලැප දිගඇරගෙන ෆිල්ම් එකක් බලන්න පටන් අරන්. ඔන්න මම සබන් ගාන්න පටන් ගත්ත සබන් ගාලා ඉවර වෙලා ටැප් එක ඇරිය. මල හුටස්පරයයි.... ඔය එන්නේ ෆ්‍රිජ් එකට වඩා පොඩ්ඩක් කූල් වතුර මොන දෙයියන්ට කියන්නද සබන් ගාල නෙ ඉන්නේ ඇස් වහගෙන හිත තද කරගෙන සබන් ටික හේදුව. දැන් මාව ගැහෙනව අරූට වඩා වේගයෙන්. කොහොම හරි මම රෙද්දකුත් ඔතාගෙන එළියට ආව දැන් සීතලයි කියල කියන්නත් බෑ අපේ බුවා බලන් ඉන්නව මට රිටර්න් එක දෙන්න. ඒත් දත් ටික ගාව ටිකි පටියක් ඇද්දනම් ගැහෙන සංඛ්‍යාතය හොයාගන්නත් තිබ්බ.
මේ අතරෙ...
එරංග : මොකද බං ?
මම : ඇයි අවුලක් නෑ, නාලම ආවා බං
එරංග: ඇයි උඹට සීතල නැද්ද ?
මම: නෑ බං ගානක් නෑ (මාව එකසිය ගානට වෙවුලනව.)
කොහොම කොහොම හරි සීන් එක ෂේප් උනා දෙන්න එක්ක ෆිල්ම් එක බලල රෑ කෑමට සෙට් උනා. කෑම කන අතරේ
මම : එරංග, මාර වැඩක් උනානේ බං, නාන ගමන් හොට් වොටර් ඉවර උනානේ..
එරංග : උඹටත් උනාද ? මටත් ඕකමනේ බං උනේ. හොට්වෝටර් ටෑන්ක් එකේ කැපෑසිටි එක මදි බං.
මම: ඉතිං **** තෝ මට කියන්න එපැයි.
එරා: කියන්නේ කොහෙද උඹ වීරය වගේ ගියේ මමත් ඉතිං හිටියා නාල වරෙන් කියල.
බැලින්නං බුවාට වෙලා තියෙන්නෙත් මට වෙච්ච දේම තමා. දැන් මොනව කරන්නද බල මාළු කෑව බළල වගේ හිටිය. ඔන්න රෑවෙලා නිදාගන්න ගියා මොන විදිහෙන් වත් නිදා ගන්න බෑ පට්ට සීතලයි. රෑ ඇහැරිලා බලද්දී එරංගයා ඉන්නව ඔළුවයි ඇදයි අතරේ කොට්ටේ තියාගෙන බැලින්නම් ඇද අතරින් සීතල හුලං පාරක් එනව ඒක කෙලින්ම වදින්නේ ඔළුවට බුවා ඒක තමා කොට්ටේ තියන් ඉන්නේ මට සීන් එක දැකල හිනා ගියා. කොහොම හරි විටින් විට ඇහැරී ඇහැරී එළිවෙනකම් නිදාගත්ත. උදේ එළියට ආවා හොටෙල් එකේ මැනේජර් සෙට්උනා.
මැනේ: ගුඩ් මෝර්නින්.
අපි: ගුඩ් මෝර්නින්..
මැනේ: කොහොමද ඊයේ නින්ද ගියාද ? ඊයේ තමා මෙහෙ වැඩියෙන් ම සීතල තිබ්බෙ.
මෙහෙම කියපු බුවා ඊයේ රෑ උෂ්ණත්වයත් අපිට කිව්ව. නුවරඑළියෙ ආතල් දාන්න ගිය අපිට ඔන්න ඔහොමයි උනේ නුවරඑළිය එපා වෙලා චාටර් වෙලා ආවේ.
ප:ලි : රෑ සීතල වැඩි නිසා කාමරයෙන් එළියටවත් නොගිය එකත්, සීතල යන්න කියල කොට්ටපොර ක්‍රීඩාවේ යෙදුන එකවත්, සීතලට අදින එකක් අරන් නොගිය මං බ්ලැන්කට් එකක් ඔතාගෙන හිටිය හැටිත් මං ලිව්වේ නෑ ඕං..