Monday, May 9, 2011

ගොඩ යෑම..

දන්නවනේ ටිකක් විතර අපේ O/L සෙට් එක ගැන දැන්. ඔය අපේ ඉන්න පිස්සූ පූසෝ ටික අස්සේ හොදටම පිස්සු එවුනුත් හිටියා. ඔය අතරේ ඉන්දික කියල පොරක් හිටිය මූ ඉතිං නොකරපු වැඩකට කියල කරේ පන්තියේ ඉන්න එකයි වැඩ කරපු එකයි තමා. අපි ඉතින් කට්ට කාලා O/L කරල ගොඩ ගිහින් A/L කරල එලියට ඇවිත් ඒකෙනුත් ගොඩයන්න බැරුව එක එක course කලානේ එහෙම ඉගෙන ගත්ත හින්දනෙ අද මේ තත්වෙන් හරි ඉන්නෙ ඔළුව උස්සගෙන. ඉතිං ඔය අතරේ තව සෙට් එකක් හිටි O/L පස්සේ මුන්ට වෙච්ච දෙයක් හොයාගන්න බැරිවෙච්ච උන්ගෙන් කෙනෙක් තමා මම අර කිව්ව ඉන්දිකය.

ඊයේ මම වැඩකට හන්දියට ගියා අවුරුදු ගානකින් මට පොර හමබඋනා පොරගෙ වාහනේකින් ඇවිත් බැස්සේ වයිෆ් එක්ක. අතේ එල්ලීගෙන ආවේ බුවාගේ පොඩි එකා.

මම: මචං කොහොමද දැන් මොකද කරන්නේ ?

බුවා :මම *** කම්පැනි එකේ වැඩ මචං අවුරුදු 12 ක් වෙනවා මම බැන්දා මචං මේ වයි‍ෆ් මේ අපේ පොඩි එකා. උම දැන් මොකද කරන්නේ ? උඹලනම් ගොඩ නේද ?

මම: නෑ බන් *** එකේ මම වැඩ දැන්

බුවා: මචං මට පරක්කු වෙනව මම හදිසි බඩුවගයක් ගන්න ආවේ මම යන්නම් පස්සේ වෙලාවක සෙට් වෙමු.

මම: එළ එළ..


ප:ලි : බුවා ද මම ද ගොඩ කියල මට තාම හිතාගන්න බෑ. ජීවිතේ සාස්තරේ බුවා ගින්දර වගේ අල්ලගෙන තියෙනවා මට කියන්න තියෙන්නේ එච්චරයි. කතාව කෙටියි ගන්න දේවල් ගොඩයි. "True story''

2 comments:

  1. oya katawa sampurna atta api tora gathta samahara mawath tamath ape kalaeli jivitayata genevith na

    ReplyDelete
  2. හෑබයි කිසිම වෙලවක තමන් තෝරාගත්තු මාර්ගය ගෑන පසුතෙවෙන්න එපා ,එහෙම පසුතෑවෙන්න තීරන ගන්නත් එපා,අනික තමන් තෝරාගත්තු මාර්ගයේ පුලුවන් තරම් ඉහලට යන්න...

    ReplyDelete

මේ ගැන ඔබේ අදහස ලියන්න.