Monday, May 30, 2011

ධන හා සෘණ..

අපි O/L කරන කාලේ අපිත් එක්ක හිටපු තවත් එකෙ‍ක් තමා ටීයා කියන්නේ. ටීයාට සංගීත පිස්සුව ඔලුවටම ගහල තිබ්බ. ඉස්කෝලෙ ඉගෙන ගන්න කාලෙත් මොනව හරි කෑලි ටිකක් අටව ගෙන සින්දු කියන එක තමා බුවාගේ රාජකාරිය. පොරගෙ තාත්තත් හොද වඩු බාස් කෙනෙක් අපේ මෑන්ටත් වඩු වැඩ ටික ටික පුළුවන් ඒ නිසා මු ඩ්‍රම් සෙට් එහෙම හදාගෙන එනව සින්දු කියන්න.

අපේ පංතියෙ හිටපු අනිත් එවුනුත් මූට දෙවෙනි නෑ හිටපු සෙට් එකේ හොදකම කොච්චරද කියනවනම් අන්තිම මාස 10 ට පංතිභාර ගුරුවරු 11 දෙනෙක් මාරු උනා එන එන කෙනා මේක කරන්න බෑ කියල වෙන පන්තියකට මාරු වෙනව.

මේ දවස් වල තමා ඉලෙක්ට්‍රොනික් ඔරලෝසු කරලියට ආවේ. මේ වෙනකොට අපේ ටීය ටත් තිබ්බ ඔයින් එකක් දවසක් මේකෙ බැටරි බැහැලැ බැට්රි එකක් දාගන්න ගිහින් ටීයා කියපු කතාවක් මේ. මුගේ අතේ තිබිල තියෙන්නේ රු 50/- යි යන ගමන් 5 ක රටකජු ත් කාලා දැන් තියෙන්නේ 45 යි.

ටීයා : අයියේ මේ ඔරලෝසුවට බැට්රියක් දාන්න කීයද ?

බුවා : මල්ලී මේ මොඩ්ල් එකට ලොකු බැට්රියක් එන්නේ රු 90 ක් යනව.

අපේ එකා ඔළුව කවුන්ටරෙන් දාලා මෙහෙම කිවුවා

"අයියේ 45 යි තියෙන්නේ අද ධණ දාන්න හෙට සෘණ දාන්න බැරිද ?"


ප:ලි - අයිය කියපු දේ හිතා ගන්න..

3 comments:

  1. හෙහේ මරු හරකෙන්නෙ උබල ඉගනගත්ත හැටි ගැන හිතාගන්න පුලුවන්.....

    ReplyDelete
  2. @ කිඩෝ : නෑ සහෝ ඌ එහෙම ඇහුවෙ තියෙන හරක් කමට නෙමේ ජොලියට ඌ සිරා පොරක්. අනිත් එක පිස්සු කෙලියට ඔක්කොගෙම මීටරේ හොදයි.

    ReplyDelete

මේ ගැන ඔබේ අදහස ලියන්න.