Saturday, May 28, 2011

ශාන්ත පුතේ බැහැපන්..

අපේ ඉස්කෝලේ ක්‍රීඩාව බාරව හිටපු ගුරුතුමා මූලගාය තියෙන පොරක් බුවාට පොඩ්ඩ ඇත්නම් මල පනිනව මේ නිසා සිද්ධ වෙච්ච හොදම දේ තමා ඉස්කෝලේ ක්‍රීඩාව දියුණු වෙච්ච එක. මොකද කියනවනම් පොරට තියෙන බය නිසා හැමෝම උනන්දුවෙන් සෙල්ලම් කරනව. කොටින්ම කියනවනම් ක්‍රිකට් ගහන්න ගිහින් 0 ට ගියත් එකයි 49 ට හරි 99 ට හරි ගියත් එකයි කොසු පාර ෂුවර්. මේ ගුරුතුමාට කොල්ලෝ දාලා තිබ්බ ආදර නාමය තමා ලබ්බා. මේ නම වැටෙන්න හේතු උනේ අපි පොඩි දවස්වල ඉන්න කාලේ A/L අයිය කෙනෙකුට පොර පාර්ට් එක දාලා සිදුවූ විසි කැති ප්‍රහාරයක්.

මම කලින් කියල තියෙනවනේ අපි හවස සෙල්ලම් කරනකොට ඉස්කෝලෙ තියෙන වගාවන්ට වැඩේ දෙනව කියල ඕකත් ඉතිං සාමාන්‍ය දෙයක්නේ. අපේ PT Room එක ලගත් තියෙනව ලොකු කොස් ගහක් මේකත් දෙන්නෙක්ට බදන්න බැරි තරම් ලොකුයි.

ඔන්න දවසක් ක්‍රිකට් මැච් එකක් අපිත් ඉතිං මේක බලන්ඉන්නව. අපේ එවුන් තමා බැටින් මේ අතර ශාන්තයි තවත් දෙතුන් දෙනෙකුයි අර ගහට නැගල ඉදුනු වරකා ගෙඩියකට වැඩේ දෙන්න. ශාන්ත තමා උඩම ඉන්නේ ඔය අතරේ ලබ්බ ආවා මෙතෙන්ට ගහේ පහලම හිටපු එවුන් දඩ බඩ ගාලා ගහෙන් පැන්න. ශාන්තයට බහින්න විදිහක් නෑ ඌ උඩම ඉන්න හින්ද මූ කලේ ලබ්බට නොපෙනෙන්න ගහේ අනිත් පැත්තෙන් එල්ලි ලා හිටියා. ඔන්න ලබ්බ ආවා.

"ජානක උඹ ඊලගට බැටි කරපන් , ආ.. පොඩි එකා උඹ ඊලගට" (බුවා බැටින් ඕඩර් එක හදනවා ශාන්තයව මතක නෑ වගේ)

"කොල්ලෝ මට පුටුවක් ගෙනෙන්" වෙනදට බැටින් ඕඩර් එක දීල යන ලබ්බ අද පුටුවක් තියන් ඉද ගත්තා මේ අතරෙ ශාන්තයත් ගහේ එල්ලිලා ඉන්නව පැය කාලක් විතර ගියා බුවා නැගිට්ට යන්න.

"ශාන්ත පුතේ උඹත් දැන් බැහැපන් දැන් උඹටත් අමාරු ඇතිනේ" බුවා කියාගෙනම යනව.

බැලින්නම් ශාන්ත ගහේ නගිනව ලබ්බ කලින් ම දැකල උගේ තියෙන බලු කමට තමා මෙතන ඉදන් ඉදල තියෙන්නේ.

ප:ලි - පස්සේ ශාන්ත කියපු දේවල් මේකෙ ලියන්න බෑ..

8 comments:

  1. "ශාන්ත පුතේ උඹත් දැන් බැහැපන් දැන් උඹටත් අමාරු ඇතිනේ"
    පට්ටයි..... අරූ සර්ගෙ පරම්පරාවටම පිං අනුමෝදන් කරන්න ඇතිනේ.....

    ReplyDelete
  2. ලස්සනයි ලස්සනයි...මගෙ එකටත් ඇවිත් බලන්න..
    www.sabithl.blogspot.com

    ReplyDelete
  3. අන්න සර්ලා....

    ReplyDelete
  4. එහෙම ගුරුවරු එක ආකාරයකට හොඳයි.මොකද පස්සෙ කාලෙක මතක් වෙද්දි හිනා වෙවී කතාකරන්න පුලුවන් දෙයක් මිසක් මතක් වෙන ගානෙ තරහා ඇවිස්සෙන වැඩක් නෙවෙයිනේ ඒ සර් කරලා තියෙන්නේ

    ReplyDelete
  5. කිඩෝ : ඒ ගැන නම් කතා කරල වැඩක් නෑ පරම්පරා 7 කටම පිං අනුමෝදම් කලා.

    ReplyDelete
  6. තීර්ථ යාත්‍රිකයා : කතාව නම් ඇත්ත ඒ දවස් වල මොනව කිව්වත් පොර ඉස්කෝලෙ ක්‍රීඩාව නම් ලෙසටම හැදුව. හැදුව කිව්වට හැදුවම නෙමේ ගුටි කෑමට තියෙන බයටම හැදුන.

    ReplyDelete
  7. ha ha .matath mathkai.labbawa.

    ReplyDelete
  8. @ prabhath : ලබ්බ ගැන නොදන්න කෙනෙක් නෑ

    ReplyDelete

මේ ගැන ඔබේ අදහස ලියන්න.