Saturday, May 7, 2011

වීරයා සහ ජෝකර්..



දවස් කීපයකට කලින් ඉදන් මම ටීවී වැඩිපුර බලන්න ගත්තා මොකද හවස ගෙදර ගියාම කරන්න කියල එච්චර වැඩක් තිබ්බේ නෑ. අනික මේ කතාව ලියන්නේ කවුරුත් කරපු දෙයක් හෙලා දකින්නවත් මම පොර කියල පොර ටෝක් දෙන්නවත් නෙමේ. මේ දැකපු දේ පිළිබද ව මගේ අදහසක් පමණයි.

කලින් කියන්න බැරි උණා මේක ලියන්න කලින් ‍මේගැන දැන් ඔෆිස් එකේ ඉන්න මැනේජර් කෙනෙක් එක්ක කතා කලා නිකමට වගේ. මේ කතාව ඇතුලෙ බුවාගෙ අදහසුත් තැනින් තැන තියෙනවා.

මෙන්න වැඩේ මම පොඩි කාලේ බලපු ටෙලිනාට්‍ය ගත්තම ඒව පට්ට සිරා අදටත් ලෝබ නැතුව කතාව ආසාවෙන් කියන්න පුළුවන් ඒ තරම් ඒව මතකයි. මොකද ඒ කතා ලංකාවට හරියන රාමුවක් ඇතුලෙ තිබ්බ. පොලොවෙ පය ගහල තියෙන චරිත තමා ඒවායේ තිබ්බේ. පස්සේ පස්සේ ඉන්දියන් ඒවා සිංහලෙන් හඩකවලා පොරවල් වගේ මෙහෙට දුන්න අපේ එවුනුත් ගෙඩිපිටින් ඒව අරගත්තා. නළු නිළියන්ට වන්දනාමාන කරන මට්ටමට ආවා. ඒ රැල්ලත් ගිහින් පස්සේ ඒවා මෙගා උනා. දැන් මං හිතන්නේ තියෙන්නේ මෙගා නොවන මෙගා. දැන් තියෙන්නේ කළාවත් profit කිරීමේ න්‍යායක්.

ඔන්න ඕක අස්සේ තමා නියම වැඩේ දැන් ඇවිත් තියෙන්නේ. දැන් කතා ලියන්න නාට්‍ය හදන්න මාර ලේසියි මොන චැනල් එක ගත්තත් දැන් යන්නේ එකම format එකේ නාට්‍ය තමා වීරයා ඉන්නවා තව ජෝකර් කෙනෙක් අනිවාර්යෙන්ම ඉන්නව කතාව මාර්කට් කරන්නේ බුවා තමා. කතාව අස්සේ මිනිහ ඇවිත් බලන එවුන්ට මතක හිටින්න මොනව හරි කෑල්ලක් කියල යනවා අපිටත් කරුමේ කියන්නේ ඒක හොදට මතක හිටිනවා.

දැන් පොඩි එකෙක් එක්ක කතාකලොත් ඌ කියන්නෙත් අර නාට්‍යයේ කෑලි තමා. ලගදි මම දන්න පොඩි එකෙක් සෙට් උනා අම්මලා මූට *** කියන්න කිව්වම මූ ගිරව වගේ කියවනවා අම්මලත් හිනා වෙනවා. ඔන්න වැඩ. බැලුවම හිනා වෙන්නේ අපිටම නේද කියල පස්සෙ හිතෙනවා.

මේ කතන්දරේ ගැන මම මැනේජර් පොරක් එක්ක කතා කලා කිව්වනේ මෙන්න පොරගේ අදහස්

"මචං මේ දේ වෙලා තියෙන්නේ හැමදෙයින්ම ලාබෙ ලබන්න ගිහින් උඹ කියන කතාවට මමත් එකගයි මමත් ඉන්නේ උඹ ඉන්න මතේම තමා මමත් දැන් ඔය නාටය ටික බලනවා හැබැයි මචං මම බලන්නෙත් වයිෆ්ල, අම්මල එක්ක කාලෙ ගතකරන්න" ඔන්න බුවාගෙ අදහස්...


ප.ලි : මැනේජර් කෙනෙක් මචං කීම ගැන වරදවා හිතන්න එවා අපි මෙහෙ වැඩකරන්නේ එහෙම තමා මොනව කිව්වත් ඔෆිස් එකේ වැඩ ටික හොදට යනව. මේ ගැන උඹලගේ අදහසුත් කියල එවන්න මෙය හුදෙක් මගේ අදහසක් විතරයි.

1 comment:

  1. අනිවා ඇත්ත කතාව ටික කාලෙකට කලින් තිබුනු හොඳ කතා ඔක්කොම නවත්තලා වැල් කතා ක්‍රමයකට ලංකාව ඇවිත් දැන්..මම හුඟක් වෙලාවට ටී.වී එක බලන්නෙත් නැ ඕක හන්දා..ඉතුරු වෙලා තියන සමහර සති අන්ත කතා අන්ත දෙශපාලනීකරනය වෙලා...එපාආආආඅ වෙනව අප්පා

    කමෙන්ට් කරනකොට එන කැප්චා එක අයින් කරානම් හොඳයි නේද??

    ReplyDelete

මේ ගැන ඔබේ අදහස ලියන්න.