Thursday, May 5, 2011

බාරය ඔප්පු කිරීම..

මේකත් උනේ අර කලින් වැඩ කරපු ආයතනයේ දී ම තමා මේකට අදාල කතා නායකය ගැන කලින් post එකක් දාලා තියෙනවා දැනට පොරට සජිත කියන්නම්. අනිත් එකාත් කලින්ම අදුරන 3-10 ඉතුරු එකා මං තුමා. ඔය සජිත මාත් එක්ක ඉස්කෝලෙ ඉදන් එකටම හිටපු එකෙක් නමුත් මේ ආයතනයට ආවේ පස්සේ.

අනිත් එක කලින් කියන්න ඕන මේ වෙනකොට අපි තුන් දෙනාගෙන් වාහනයක් කියල එකක් තිබ්බේ 3-10 ට තමා (ඒක හැබැයි කාර් එකක් කිවුවට කාර් ¾ ) මුගෙ තියෙන හොදේ තමා කොහෙ හරි යමු කිව්වොත් මැරෙන්න යන්න හරි ඕක අරගෙන එනවා. හැබැයි ඒකෙ යනව කියන්නෙත් ජංගම මරණයක් තමා. බැට්රි එක ලණුවකින් ගැටගහල තියෙන්නේ ස්ටාර්ට් කරනකොට එකෙක් බොනට් එක ඇරලා ටර්මිනල් දෙක අල්ලන් ඉන්න ඕනි වැස්සට යනව නම් කුඩයක් අරන් යන්න ඕනි. ඔන්න ගමනට සෙට් වෙච්ච වාහනේ හැබැයි මූට දැන් හොද එකක් තියෙනවා.

හරි කාර් කතා ඉවරයි මෙන්න කතාව අපේ දිනාතයා කලින් ඔෆිස් එකේ ඉද්දී ට්‍රිප් එකක් ගිහින් කබළැව දේවාලෙට බාරයක් වෙලා හොද ජොබක් සෙට් උනොත් ආපහු එනවා කියල දැන් මුගේ වැඩේ ගොඩ නිසා ඒක ඔප්පු කරන්න තමා දැන් මේ අපේ බුවා සෙට් වෙන්නේ.

සජිත : මචෝ මම කබළෑව දේවාලෙට බාරයක් උනා ආපහු ඇවිත් පාන් පත්තු කරල යනව කියල මොකද කියන්නේ මේ ඉරිදා සෙට් වෙලා යමුද වැ‍ඩේට.

3-10 : එල උඹ තෙල් ගහනවනම් මම කාර් එක අරන් එන්නම් (මම කිව්වනෙ බුවාගෙ හැටි)

මම : මම ඔය පොට් එකට ගිහින් තියෙනවා යමන් මම පාර කියන්නම් (මම කලින් කියල තියෙනවනෙ මම කුලියාපිටියෙ පොඩ්ඩක් දන්නවා)

සජිත: හරි මම රෙඩී ඉරිදා යමන් හැබැයි යන්නේ කුරුණෑගලට ගිහින්

මම : මම එහෙන් නම් දන්නේ නෑ දන්කොටුව පැත්තෙන් යමන්

3-10 : හරි හරි සජිත උබ පාර දන්නවනේ උදෙන්ම යමන්..

ඔන්න ඉතිං කිව්ව විදිහට වෙලාවටම නොවුනත් උදේම අපි තුන් කට්ටුව පිටත් උනා අරූගෙ බාරෙ ඔප්පු කරන්න. කොහොම හරි කෑගගහ කුරුණෑගලටත් ගියා.

3-10: සජිත මෙතනින් කොහාටද ?

සජිත: මම දන්නේ නෑ බං

මම: ඈ බොල ** දැන් කොහොමද යන්නේ

සජිත: මට මෙතන විතරයි බං මතක

දැන් ඉතිං කෙලහංකො ඔය අතරෙ මට අර කුලියාපිටියෙ බුවාව මතක් උනා ඌට ගත්තා කෝල් එකක්

මම: මචං කබළෑවට යන්නේ කොහොමද අපි දැන් කුරුණෑගල ඉන්නේ

බුවා: කොහෙද *** ඔය ගියේ තොපිට පිස්සුද ඒක තියෙන්නේ කුලියාපිටියෙ අපේ ගෙවල් ලගනේ අවුලක් නෑ ඔහොමම පුත්තලම් පාරෙන් දාලා පඩුවස් නුවරට පලයන් අපේ ගෙදර ගිහින් අයියවත් අරන් පලයන් බුවා පාර පෙන්නයි.

මේ අස්සේ මුගේ කාර් එකටත් ෂෙඩ් එකක් දකිනකොට තෙල් ඉවර වෙනවා. කොහොමින් හරි අරූගෙ ගෙදර ගිහින් අයියගෙ කඩෙත් වහල පට්ට වටයක් ගහල කබලෑවට ආවා.

සජිත: මචං මේ අර මම ගිය දේවාලෙ නෙමේනෙ ඒකෙ පඩිපෙලක් තිබ්බ බුදු පිළිමයක් තිබ්බ

"මූ දැන් ගිරව වගේ කියවනව" කොහොම හරි අහල පහල එවුන්ගෙන් අහගෙන වෙන පොට් එකකට ගියා ඒකත් නෙමේලු. දැන් අපිට නම් බාරේ එපා වෙලා කාර් එක නවතිනකොට මම බැහැල ඇවිත් ටර්මිනල් අල්ලගෙන ඉන්නව ස්ටාර්ට් වෙනකම්. අයිය කියනව මල්ලී තව පොට් එකක් තියෙනව ඒකත් කන්දක් උඩ තියෙන්නේ බුදුපිළිමයකුත් තියෙනව කියලා සජිත පැනපුගම්න කියනව "මචං වැඩේ හරි ඕක තමා පොට් එක කියල"

වාහනේ නවත්වල කිලෝමීටර් 3 ක් විතර කන්දකුත් නැග්ගට පස්සේ ඒකත් නෙමේලු මුගේ දේවාලෙ ඔය අතරේ සජිත කියනව "මචං ඔය ෆුවල් මීටරේ කට්ට බහින්නේ නැත්වෙන්න ඇල්පෙනිත්තක් වත් ගහංකො" අන්තිමට බාරෙ ඔප්පු කලේ ෂෙඩ් වලට අන්තිම සතේම වෙනකම් එකතුකරලා අපි තෙල් ගැහුව ගෙදර එනකොට පට්ට රෑවෙලා.

ටික දවසකට පස්සේ ඔෆිස් එකේ ලියුම්ගේන එකාගෙන් නිකම් ඇහුව ඌ ඉන්නේ අනුරාධපුරේ එහෙත් තියෙනවලු තව කබළෑවක් මූ කියනව ඒක වෙන්න ඇතිලු පොට් එක.

කොහොම හරි එදා උන දේ අදත් ගෙවල් වලින් දන්නේ මුගෙ ගෙදර අය දන්නේ බාරෙ ඔප්පු කලා කියල. බාරෙ නම් ඔප්පු කලා හැබැයි දෙයියන්ට නෙමේ පෙට්‍රල් ෂෙඩ්වලට. මෙනව උනත් සිරා තැන් ටිකකට නම් ගියා මතක්වෙද්දී තාමත් හිනා.

3 comments:

  1. ඔයා ලස්සනට කථා ලියනවා. අත්දැකීම් බෙදා ගත්තාට ස්තුතියි...

    ReplyDelete
  2. චතුරංග : මේව අපි හැමෝටම වෙන දේවල් තමා. කොහොම උනත් එක ගමේ කොල්ලෙක් මේක කියවපු එක ගැන නම් කතුටුයි..

    ReplyDelete

මේ ගැන ඔබේ අදහස ලියන්න.