Wednesday, May 4, 2011

බයික් කවි ..

මේකේ නියම අයිතිකාරය නම් දන්නේ නෑ මේක මට ලියුමකින් ආවේ කවි ටික හොදයි කියල හිතුන නිසා දැම්මා අද වැඩ වැඩි නිසා කතාව හෙටම දාන්නම්.

සිලින්ඩර්ම හතරයි එන්ජිම ලොකුය

කාබ් එකක් හරි ලෙඩ දුන්නොත් සොරිය

ෂොක් එක මොනෝ යන එන කොට නම් සැපය

කෙට්ටු අපට හොන්ඩා හොනට් ලොකු වැඩිය


අඩි හතරට පහට වඩා වැඩි වෙච්චී

ලොකු හෙඩි ලයිට් දෙක ඇස් ගෙඩි දෙක වෙච්චී

ගහේ යන එකත් කජ්ජක් නෙම වෙච්චී

අනේ මට හොදයි බාජා ටූ ෆි‍ෆ්ටී


මැෂින් නැතුව මැනුවල් හයි කර කෑලී

ඇමරිකානුවන් මේවට හරි ලෝලී

පස්සෙ තියාගෙන තම ආදර බාරී

කොල්ලො පදිනවා ඩේවිඩ්සන් හාලී


කොල්ලට කොහෙවෙතත් බල්ලට නම් නොහැකී

දිගට වඩා පළල වැඩියි ගොඩ නැවකී

රේස් පදින ලැයිසන් ඇති මගේ සකී

ෂේන් පදිනවා තවුසන් කවසාකී


මඩේ යන්නේ ටී ඩබ්ලිව් ටූ හන්ඩ්‍රඩ්

ගලේ යන්නේ ටී ඩබ්ලිව් ටූ හන්ඩ්‍රඩ්

කැලේ යන්නේ ටී ඩබ්ලිව් ටූ හන්ඩ්‍රඩ්

උල පිල එකයි ට්‍රැක්ටරේට ටූ හන්ඩ්‍රඩ්


ටී ටී ආර් එකයි එක්ස් ආර් එකයි පොරේ

රේස් පදින‍ කොට කොල්ලන් තියයි හුරේ

ලිමිට් පැන්නොතින් අල්ලන් දමයි හිරේ

ඩීටි පදියි තේ වත්තේ සින්න දොරේ


හතලිස් නමය සී සී එන්ජිම චූටී

දම් පාටයි ලා රතු පාටයි ස්වීටී

වර්කිං ගර්ල්ස්ලගෙ තනි ‍නොතනියට සිටී

කොල්ල පස්සෙ, කෙල්ල පදියි ස්කූටී


පල්සර් තිස්පහයි හතලිහ අතර කරයි

ඩිස්කවරියත් තව ඩිංගක් වැඩිය කරයි

බොක්සර් එක ලීටරේට හැටක් කරයි

සී ටී එක පෙට්‍රල් සුවදටත් දුවයි


කාර් වෑන් පෙජරෝ ලොක්කන්ගේ ය

ඒසී එකේ යනකොට සුරසැප වේ ය

වැස්සට තෙමී අව්වට අපි වේලේය

හැබැයි,

මේවයෙ තියෙන ආතල් ඒවයෙ නෑය.

ඇත්තටම මේවයෙ ආතල් දන්නේ පදින උන්ම තමා කවි ටික සිරා නිසා දැම්මේ ඔරිජිනල් අයිතිකරු දන්නෙ නැත.


1 comment:

මේ ගැන ඔබේ අදහස ලියන්න.