Tuesday, May 31, 2011
මචං උඹ බැදලද ?
මිස් : ආ.. ලපයා මොනවස රිසල්ට් ?
ලපයා: *** ලපයා රිසල්ට් එක කිව්ව. ගණන් වලට D
මිස් : මම හිතුවෙ තමුසෙ ගණන් ෆේල් වෙයි කියලා.
ලපයා: ඔව් ඉතිං මිස් උගන්වපු හින්ද තමා මම commerce කරන්නේ නැත්නම් මම Maths කරනව
ඉතිං ආයිත් එයි යෑ මිස් කතා කරන්න ඔන්න මුගේ කට හැබැයි දැන් නම් කටෙන් නියමෙට වැඩක් ගන්නව මොකද දැන් බුවා ලංකාවෙ ප්‍රසිද්ධ ආයතනයක Aria manager කෙනෙක්.
මේ මෑතක දවසක් මට සෙට් වෙලා කරපු කතාව.
මම : ආ.. ලපේ කොහොමද ?
ලපයා : වරදක් නෑ බං ඔහේ ඉන්න ව, ඒක නෙමේ උඹ බැදලද ?
මම : තාම නෑ බං, අපේ එවුන් කාවවත් හම්බ උනේ නැද්ද ?
ලපයා: නෑ බං එකෙක් වත් සෙට් උනේ නෑ, ඒක නෙමේ උඹ බැන්දෙ නෑ නේද ?
මම : නෑ බන් මම කිව්වේ බොට, දැන් උඹ කොහෙද වැඩ ?
ලපයා : දැන් මාව නුවරට මාරු කලා බන් එහෙ සේල්ස් අඩුයි. අපරාදේ උඹට බදින්න තිබ්බේ.
දැන් මූ බදින කතාව දිගටම කරගෙන යනව මටත් මල පැනල මුගේ කියවිල්ල අස්සේ මම ඇහුව හරි ලපේ දැන් උඹ බැදලද ?
ලපයා : නෑ මචං බැන්දෙ නෑ ඒක නෙමේ උඹ බදින්නේ නැද්ද ?
ප:ලි : මූත් එක්ක කතා කලේ අපරාදේ කියල හිතෙනවා. මූ කොච්චර ජෝක් දැම්මත් හරිම හිත හොද එකා. කලින් කිව්ව වගේ ප්‍රසිද්ධ ආයතනයක Aria Manager කෙනෙක් විදිහට වැඩ.
Monday, May 30, 2011
ධන හා සෘණ..
අපේ පංතියෙ හිටපු අනිත් එවුනුත් මූට දෙවෙනි නෑ හිටපු සෙට් එකේ හොදකම කොච්චරද කියනවනම් අන්තිම මාස 10 ට පංතිභාර ගුරුවරු 11 දෙනෙක් මාරු උනා එන එන කෙනා මේක කරන්න බෑ කියල වෙන පන්තියකට මාරු වෙනව.
මේ දවස් වල තමා ඉලෙක්ට්‍රොනික් ඔරලෝසු කරලියට ආවේ. මේ වෙනකොට අපේ ටීය ටත් තිබ්බ ඔයින් එකක් දවසක් මේකෙ බැටරි බැහැලැ බැට්රි එකක් දාගන්න ගිහින් ටීයා කියපු කතාවක් මේ. මුගේ අතේ තිබිල තියෙන්නේ රු 50/- යි යන ගමන් 5 ක රටකජු ත් කාලා දැන් තියෙන්නේ 45 යි.
ටීයා : අයියේ මේ ඔරලෝසුවට බැට්රියක් දාන්න කීයද ?
බුවා : මල්ලී මේ මොඩ්ල් එකට ලොකු බැට්රියක් එන්නේ රු 90 ක් යනව.
අපේ එකා ඔළුව කවුන්ටරෙන් දාලා මෙහෙම කිවුවා
"අයියේ 45 යි තියෙන්නේ අද ධණ දාන්න හෙට සෘණ දාන්න බැරිද ?"
ප:ලි - අයිය කියපු දේ හිතා ගන්න..
Saturday, May 28, 2011
ශාන්ත පුතේ බැහැපන්..
මම කලින් කියල තියෙනවනේ අපි හවස සෙල්ලම් කරනකොට ඉස්කෝලෙ තියෙන වගාවන්ට වැඩේ දෙනව කියල ඕකත් ඉතිං සාමාන්‍ය දෙයක්නේ. අපේ PT Room එක ලගත් තියෙනව ලොකු කොස් ගහක් මේකත් දෙන්නෙක්ට බදන්න බැරි තරම් ලොකුයි.
ඔන්න දවසක් ක්‍රිකට් මැච් එකක් අපිත් ඉතිං මේක බලන්ඉන්නව. අපේ එවුන් තමා බැටින් මේ අතර ශාන්තයි තවත් දෙතුන් දෙනෙකුයි අර ගහට නැගල ඉදුනු වරකා ගෙඩියකට වැඩේ දෙන්න. ශාන්ත තමා උඩම ඉන්නේ ඔය අතරේ ලබ්බ ආවා මෙතෙන්ට ගහේ පහලම හිටපු එවුන් දඩ බඩ ගාලා ගහෙන් පැන්න. ශාන්තයට බහින්න විදිහක් නෑ ඌ උඩම ඉන්න හින්ද මූ කලේ ලබ්බට නොපෙනෙන්න ගහේ අනිත් පැත්තෙන් එල්ලි ලා හිටියා. ඔන්න ලබ්බ ආවා.
"ජානක උඹ ඊලගට බැටි කරපන් , ආ.. පොඩි එකා උඹ ඊලගට" (බුවා බැටින් ඕඩර් එක හදනවා ශාන්තයව මතක නෑ වගේ)
"කොල්ලෝ මට පුටුවක් ගෙනෙන්" වෙනදට බැටින් ඕඩර් එක දීල යන ලබ්බ අද පුටුවක් තියන් ඉද ගත්තා මේ අතරෙ ශාන්තයත් ගහේ එල්ලිලා ඉන්නව පැය කාලක් විතර ගියා බුවා නැගිට්ට යන්න.
"ශාන්ත පුතේ උඹත් දැන් බැහැපන් දැන් උඹටත් අමාරු ඇතිනේ" බුවා කියාගෙනම යනව.
බැලින්නම් ශාන්ත ගහේ නගිනව ලබ්බ කලින් ම දැකල උගේ තියෙන බලු කමට තමා මෙතන ඉදන් ඉදල තියෙන්නේ.
ප:ලි - පස්සේ ශාන්ත කියපු දේවල් මේකෙ ලියන්න බෑ..
Friday, May 27, 2011
ස්තූතියි..

මමත් බ්ලොග් එකක් හැදුවෙ සෑහෙන කාලෙකට කලින් වෙන නමකින් (මගේ කතා නෙමේ) නමුත් වැඩි පිරිසක් බැලුවෙ නැති නිසාත් ප්‍රතිඵලයක් නැති නිසාත් වැඩේ අතෑරල දැම්ම. නමුත් මම බ්ලොග් කියවන එක නැවැත්තුවේ නෑ මේකෙ තියෙන දේවල් බල බල රස වින්ද. පස්සේ මට ආපහු ලියන්න හිතුන. මම ලියන අතරෙ මගේ යාළුවෙක් ගේ යාළුවෙක් වෙච්ච මගේ ලෝකය ලියන රංග මට සින්ඩි කීපයක් හදුන්වල දුන්න. මේ අතරෙ මාරයාගේ හෝරාවෙන් නවකයන්ට අත්වැලක් දෙන්න පොඩි free add එකක් ලැබුන. අද පෝස්ට් එකෙන් රංගත් අළුත් අයව හදුන්වල දෙන්න උත්සහ කරනව.
මේ ස්තූතිය මාරයාගේ හෝරාව ලියන සහෝදරයටත් මගේ ලෝකය ලියන රංග සහෝදරයටත් තව සිංහ බ්ලොග් ලියන අයට උදව් කරන සියළු දෙනාටත්.
මට ඉඩ තියෙන වෙලාව තියෙන හැටියට මගේ විදිහට මගේ කතා මම දිගටම දාන්නම්.
ඒ මගේ තාත්ත යකෝ...
එක දවසක් බත්තරමුල්ල පැත්තේ රෙස්ට්ටුරන්ට් එකකදී බීපු පොරක් සින්දුවක් ඉල්ල ලා ශානා ඒක සිරාවට ප්ලේ කරල මේ පසු සිදුවීම.
බුවා : මල්ලී එල කිරි හොදට ප්ලේ කලා රයිට් මෙන්න අනිත් request එක **** සින්දුව පුළුවන්ද
ශානා : පුළුවන් අවුලක් නෑ
බුවා : හරි ඊට කලින් කියපන් ඕක ලිව්වේ කව්ද ?
ශානා : ඒක නම් දන්නේ නෑ
බුවා : මොනවද බන් උඹල ඒකවත් දන්නේනැද්ද හරි **** ව උඹල අදුරනවද ?
ශානා : නෑ අපි නම් දන්නේ නැ
බුවා : යකෝ *** ට *** ට සින්දු ලියන්නේ ඔය සින්දුව ලියල තියෙන්නේ උඹල දන්නේ නැද්ද ?
ශානා : නෑ ඇත්තටම අපි දන්නේ නෑ..
බුවා : දැන් උඹල *** ව දන්නේ නෑ යකෝ ඒ මගේ තාත්තා යකෝ
ප:ලි : නම් ටික දාන්න බැරි නිසා ** සදහා සුදුසු නමක් දා ගන්න
Monday, May 23, 2011
කොළඹ වෙසක් බැලීම..
මේ ලියන්න යන කථාවට අදාල සමහර එවුන් දැන් හෙන පොරවල් වෙලා ඉන්නවා උන් ව නම් දැක්කම තාමත් හිනා යනව ඒ දවස් වල කරපු දේවල්වලට. මේ දවස් වල වෙසක් උන නිසා මේ කතාවත් මතක් උණා.
O/L කරන දවස් වල අපිත් එක්ක හිටිය සෙට් එකේ එකෙක් තමා කොටා මූ කොට නිසා ඒනම වැටුන අනික ශිරාන්, මම, ලාල් ඔය ආකාරයේ තව සෙට් එක හිටිය ඔය ඉන්නේ කතාවට අදාල එවුන්. උගන්වපු අයියා ශාන්.
අපේ එවුන්ට තිබ්බේ එක එක පිස්සු ශිරාන් ට ඕන උනේ රට යන්න "මචං රට ගිහින් පාරවල් හේදුවත් දුක නෑනෙ බං මෙහෙ කවුරුත් දකින්නේ නෑනේ අනික අපේ අම්මල කියයි පුතා රට කියල මමනෙ දන්නෙ කරන දේ හැබැයි හොද ගානක් හොයාගන්න පුළුවන්" ඔය ශිරාන ගේ ප්‍රසිද්ධ කියමන මූ දැන් නම් රට ඉන්නේ පාර අතුගානවද දන්නේ නෑ. අනිත් එවුන් ගෙන් කීප දෙනෙක් ඇරෙන්න ගොඩක් එවුන්දැන් රටඉන්නේ.
හරි අතුරු කතා ඉවරයි දැන් කථාව
ඔය ඉගෙන ගන්න කාලේ වෙසක් දවසක අපිටත් හිතුන කොළඹ වෙසක් බලන්න යන්න අනේ ඉතිං මෙහෙම හිතුනට යන්න වාහනයක් වත් නෑ. අන්තිමේදී පාරේ බස් එකේ යන්න තීරනය කලා බස් එකේ ගෙවල් වලින් යන්න දෙන්නේ නැති නිසා ගෙදරට කිව්වේ ශාන් අයියගෙ යාළුවෙකුගෙ ගෙදර ගිහින් බුවාගේ වෑන් එකේ වෙසක් බලන්න යනව කියල ගෙවල් වලිනුත් ශේප් කරගෙන.
කොහොමින් හරි කටුබැද්දෙන් බැහැල ගාලුපාරෙ කොළඹ යන බස් එකක සෙට් උනා. කොළඹටත් ගිහින් දෙයියනේ කියලා හැම තැනම ඇවිද්දා රැ 2 විතර වෙනකොට බඩගිනියි ඉන්නබෑ අන්තිමේදී ගෝල්ෆේස් යන්න කියල සෙට් උනා ඔය අස්සේ ගංගාරාමේ හරියෙන් හෙන සද්දයක් ඇහෙනව.
ශිරාන් : මචං බඩු හරි අන්න දන්සැලක් ඕකෙන් කාල යමන්
අපි : හරි යමන්
ඔන්න දැන් සෙට් එක දන්සැලේ පෝලිමේ ඉන්නව කන්න. බැලින්නම් මෙතන හෙන සීන් තියෙන තැනක් ඔය අතරෙ දන්සැලේ කෑම බෙදන්න ඉන්නේ මැර බුවෙක් ඉනේ පේන්නම කිනිස්සක් එක අතක කූරක් (කූරක් කියන්නේ මොකක්ද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ) අපේ ශිරාන් මූත් එක්ක හෙන චැට් එක කාලෙක ඉදන් දන්නව වගේ දැන් අපිට ඕනෙ කන්න නෙමේ යන්න.
ශිරානයා බුවාව අපි ලගට එක්කගෙන ආවා
ශි : මචං මේ ඉන්නේ අපේ සෙට් එක මුන් බඩගින්නේ ඉන්නේ අපිව ඉක්මනින් දාපන්කෝ ඇතුලට
බු: හරි මචං ඊලගට උබලව දාන්නම් උබල මෙහෙදී ඔන දේකට මට කතා කරපන් මම **** මේ මගෙ මස්සිනා මූ තමා මෙහෙ ලයින් එක බලන් ඉන්නේ. මූ තව බුවෙක් පෙන්නුව
මූත් කිව්ව වගේ අපිව ඇතුලට දැම්ම අපිත් හැරෙන තැපෑලෙන් කාලා එලියට ආවා ශාන් අයිය සද්ද නෑ. අතක් පයක් කඩා නොගෙන ආපු එකේ දැන් යමු කියල ශාන් අයිය කිවුව අපි ඉතින් ගිහින් නැග්ග ආපහු එන්න නවත්තල තියෙන බස් එකක එළිවෙනකම් ඒක ගියෙත්නෑ බැලින්නම් ඒක කැඩිච්ච බස් එකක්.
කොටා සහ ශිරාන් මෙම බස් රථයට මුත්‍රා ප්‍රහාරයක් ඉල්ලකරේ බස් රථය කෙරෙහි වූ තමාගේ මල ප්‍රකාශ කිරීමටයි. කොහොම නමුත් ගෙදර එනකොට 9 ට විතර ඇති ගෙදර මිනිස්සුන්ට පච 1000 ක් කියල තමයි බේරෙන්න පුළුවන් උනේ. ඔන්න ඔහොමයි අපේ කොළඹ වෙසක් බැලිල්ල නිමා උනේ.
ප:ලි : අපි ගිය විදිහ අද වෙනතුරුත් ගෙවල් වලින් දන්නේ නෑ අර හම්බවෙච්ච චරිතය මොකාද කියල අදවත් දන්නේ නෑ හැබැයි ඌට අනිත් එවුන් සලකපු විදිහට ඌ නම් හෙන පොරක්.
Monday, May 16, 2011
Science Exhibition....
හරි මෙන්න කතාව
අපි O/L කරන දවස්වල A/L කරන පොරක් අපිත් එක්ක ෆිට් උනා බුවා A/L කලේ Maths පොරට ඕන වෙලා තිබ්බා science exhibition එකට computer සම්බන්ද stall එකක් කරන්න. ඕකට බුවා අපේ සහන් සහෝදරයත් එක්ක සෙට්වෙලා කට්ටිය සෙට් කරනව ඕකට ඉතිං මමත් සෙට් උනා නිකන් ඉන්න බැරි කමට ඔන්න අපේ පළවෙනි රැස්වීමත් ආවා (අර සෙට් වෙච්ච අයියට නුවන් කියමු)
නුවන් : මල්ලී අද මෙතෙන්ට එන්න කිව්වේ අපේ science exhibition එකට computer stall එකක් කරන්න මේකෙ දිගටම ඉස්කෝලේ computer club එකක් විදිහට පවත්වගෙන යන්න ඕන. දැන් කට්ටිය තනතුරු ටිකට පත්කරගමු.
සහන් : මම සභාපති හැටියට *** ව (මම තුමා) පත් කරනව
මම : මට බෑ ඕක භාරගන්න (මම දන්නවනේ බාරගත්ත වගේ නෙමේ තනියෙන්නේ ගේම අදින්න තියෙන්නේ)
සහන් : නෑ අයියේ මූට computer exam වලට හැමදාම වැඩිම ලකුණු තියෙනවා. ඒ නිසා මූව තෝරමු
නුවන් : එහෙනම් මල්ලී ඔයා තමා මේක කරන්න ඕනි
(ඔන්න ඔහොම තමා computer club එකේ සභාපති කම මට සෙට් උනේ)
කොහොම කොහොම හරි exhibition දිනත් ලං උනා කලින් කිව්ව වගේ මොනවද කරන්නේ කියල එකෙකුටවත් idea එකක් නෑ අන්තිමේදී මම තුමයි සහන් තුමයි එකතුවෙලා computer hardware පෙන්වන්න ගත්ත ඒකටත් බොහෝම අමාරුවෙන් අපේ ගෙදර තිබ්බ කෑලිගොඩක් උස්සගෙන ගියා දන්න දන්න විදිහට කස්ටියට අපි මේවා විස්තර කලා සමහර පොරවල් ඇවිත් පොරටෝක් දීපු අවස්ථාත් තිබ්බ. කොහොම හරි අපි වැඩේ ලස්සනට ගියා මේ හැමදේටම සහනුත්, නුවන් අයියත් මගේ ලගින් හිටියා.
අන්තිමේදී Idea ලියන්න දීල තිබ්බ පොතේ තිබුන ලස්සන කතාවක්. කව්රු උනත් අපේම සහෝදරයෙක් ඒකෙ මෙහෙම ලියල තිබ්බ "සම වයසේ උනත් ඔබ කල දේ ඉතා අගනේය. අපි ඔබගෙන් බොහෝ දෑ ඉගෙන ගත්තෙමු ඔබට ජය.."
ප:ලි : - මේ කතාව මතක් කලේ සහනයා "මචං මතකද අපි ඉස්කෝලෙ ගොඩ දාපු හැටි exhibition එකේදී උඹ කෑලි ගොඩක් උස්සගෙන ආවේ" ඔය සහන් මට ඒක මතක් කරපු හැටි.. සහන් මචෝ දැන් ඉස්කෝලේ computer club එක මාර දියුනුයි අපෙන් පස්සේ ඒක කොල්ලෝ ටික නියමෙට කරගෙන යනවා... අපේ ඉස්කෝලෙට ජය වේවා..!
Wednesday, May 11, 2011
නයගරා...

සුසා : IPL වගේ ලංකාවෙත් මැච් එකක් තියන්න යනවනේ.
ශානා : කවද්ද මැච් ටික තියෙන්නෙ ?
සුසා : සැප්තැම්බර් නැත්තන් නොවැම්බර්
එරා : මාර නම් ටිකක් බන් දාලා තියෙන්නේ
මම : ඇයි බන් ඊයේ මේල එකක් ආවේ කැප්ටන්ලත් එක්කම
එරා : චාටර් බන් දාලා තියෙන නම් බටහිර කියල දාන්නෙ නැතුව western කියල දැම්මනම් හරිනේ අනික බලහන් නැගෙනහිර නයගරා...
ශානා : යකෝ නයගරා කියන්නේ ඇල්ලක්නේ
කතාව එතනින්ම ඉවරයි !
ප:ලි :- වැඩිපුර දැනගන්න ටීම් ඔක්කොම පහතින් ඇත.
Tuesday, May 10, 2011
බයියා..

අපේ ඉස්කෝලේ 6 දි තිබ්බ ක්‍රිකට් තරගයක් පන්ති අතරෙ ඕකට සෙක්ශන් එකේ හැම පන්තියකින් ම ටීම් එකක් දාන්න ඕනා ඕකට අපේ පන්තියෙනුත් ටීම් එකක් දැම්මා.
වෙන පන්තියක පොරක් හිටියා බුවාගෙ නම චානක. බුවා ගැන රස කතා ගොඩක් තියෙනව ඒවා පස්සේ කියන්නම්. පොරගෙ අක්ක වැඩකලේ ආර්පිකෝ එකේ (නම කියන්න උනේ ඒක මේ කතාවට අදාල නිසා) ඒක නිසා බුවා ආර්පිකෝ ටී ෂර්ට් එකක් ඇදන් එනවා. ඕකෙ පිටි පස්සේ ප්‍රින්ට් කරල තියෙනවා buy arpico කියල. ඒත් කොල්ලෝ මේක කියවන්නේ බයියාපිකෝ කියලා. ඕකට මූට බල පැනල හිටියේ.
කොහොම හරි final match එකට මුගෙ ටීම් එක තේරුනා පිට්ටනිය වටේම හෙන චියර් එක, ගුරුවරුත් බලන් ඉන්නව මුටත් දැන් මාර් හැපී මෙන්න මූ පොර ටෝක් දෙනවා.
"අඩෝ මේක සිම්පල් ගේමක් මේක අපි දිනනවා මේක පැරදුනොත් මට බයියා කියපන්.."
අනේ මුගේ මැච් එක් පැරදුනා අන්තිම ලකුන ගහනකොට පිට්ටනිය වටෙන් ආපු බයියා හඩ පැරදුනේ අවුරුද්දට පත්තුකරන රතිඤ්ඤා හඩට විතරයි.
එදා ඉදන් අදත් මගදි හම්බඋනත් ඉස්කෝලෙ ගුරුවරු අතරත් මූ හැමදාම බයියා වෙලා හිටිය..
ප:ලි : දන්න විදිහට මුගෙ නම චානක කියල කවුරුත් දන්නේ නෑ. තාම දන්නේ බයියා කියල විතරයි.
Monday, May 9, 2011
ගොඩ යෑම..
ඊයේ මම වැඩකට හන්දියට ගියා අවුරුදු ගානකින් මට පොර හමබඋනා පොරගෙ වාහනේකින් ඇවිත් බැස්සේ වයිෆ් එක්ක. අතේ එල්ලීගෙන ආවේ බුවාගේ පොඩි එකා.
මම: මචං කොහොමද දැන් මොකද කරන්නේ ?
බුවා :මම *** කම්පැනි එකේ වැඩ මචං අවුරුදු 12 ක් වෙනවා මම බැන්දා මචං මේ වයිෆ් මේ අපේ පොඩි එකා. උම දැන් මොකද කරන්නේ ? උඹලනම් ගොඩ නේද ?
මම: නෑ බන් *** එකේ මම වැඩ දැන්
බුවා: මචං මට පරක්කු වෙනව මම හදිසි බඩුවගයක් ගන්න ආවේ මම යන්නම් පස්සේ වෙලාවක සෙට් වෙමු.
මම: එළ එළ..
ප:ලි : බුවා ද මම ද ගොඩ කියල මට තාම හිතාගන්න බෑ. ජීවිතේ සාස්තරේ බුවා ගින්දර වගේ අල්ලගෙන තියෙනවා මට කියන්න තියෙන්නේ එච්චරයි. කතාව කෙටියි ගන්න දේවල් ගොඩයි. "True story''
Saturday, May 7, 2011
වීරයා සහ ජෝකර්..

දවස් කීපයකට කලින් ඉදන් මම ටීවී වැඩිපුර බලන්න ගත්තා මොකද හවස ගෙදර ගියාම කරන්න කියල එච්චර වැඩක් තිබ්බේ නෑ. අනික මේ කතාව ලියන්නේ කවුරුත් කරපු දෙයක් හෙලා දකින්නවත් මම පොර කියල පොර ටෝක් දෙන්නවත් නෙමේ. මේ දැකපු දේ පිළිබද ව මගේ අදහසක් පමණයි.
කලින් කියන්න බැරි උණා මේක ලියන්න කලින් මේගැන දැන් ඔෆිස් එකේ ඉන්න මැනේජර් කෙනෙක් එක්ක කතා කලා නිකමට වගේ. මේ කතාව ඇතුලෙ බුවාගෙ අදහසුත් තැනින් තැන තියෙනවා.
මෙන්න වැඩේ මම පොඩි කාලේ බලපු ටෙලිනාට්‍ය ගත්තම ඒව පට්ට සිරා අදටත් ලෝබ නැතුව කතාව ආසාවෙන් කියන්න පුළුවන් ඒ තරම් ඒව මතකයි. මොකද ඒ කතා ලංකාවට හරියන රාමුවක් ඇතුලෙ තිබ්බ. පොලොවෙ පය ගහල තියෙන චරිත තමා ඒවායේ තිබ්බේ. පස්සේ පස්සේ ඉන්දියන් ඒවා සිංහලෙන් හඩකවලා පොරවල් වගේ මෙහෙට දුන්න අපේ එවුනුත් ගෙඩිපිටින් ඒව අරගත්තා. නළු නිළියන්ට වන්දනාමාන කරන මට්ටමට ආවා. ඒ රැල්ලත් ගිහින් පස්සේ ඒවා මෙගා උනා. දැන් මං හිතන්නේ තියෙන්නේ මෙගා නොවන මෙගා. දැන් තියෙන්නේ කළාවත් profit කිරීමේ න්‍යායක්.
ඔන්න ඕක අස්සේ තමා නියම වැඩේ දැන් ඇවිත් තියෙන්නේ. දැන් කතා ලියන්න නාට්‍ය හදන්න මාර ලේසියි මොන චැනල් එක ගත්තත් දැන් යන්නේ එකම format එකේ නාට්‍ය තමා වීරයා ඉන්නවා තව ජෝකර් කෙනෙක් අනිවාර්යෙන්ම ඉන්නව කතාව මාර්කට් කරන්නේ බුවා තමා. කතාව අස්සේ මිනිහ ඇවිත් බලන එවුන්ට මතක හිටින්න මොනව හරි කෑල්ලක් කියල යනවා අපිටත් කරුමේ කියන්නේ ඒක හොදට මතක හිටිනවා.
දැන් පොඩි එකෙක් එක්ක කතාකලොත් ඌ කියන්නෙත් අර නාට්‍යයේ කෑලි තමා. ලගදි මම දන්න පොඩි එකෙක් සෙට් උනා අම්මලා මූට *** කියන්න කිව්වම මූ ගිරව වගේ කියවනවා අම්මලත් හිනා වෙනවා. ඔන්න වැඩ. බැලුවම හිනා වෙන්නේ අපිටම නේද කියල පස්සෙ හිතෙනවා.
මේ කතන්දරේ ගැන මම මැනේජර් පොරක් එක්ක කතා කලා කිව්වනේ මෙන්න පොරගේ අදහස්
"මචං මේ දේ වෙලා තියෙන්නේ හැමදෙයින්ම ලාබෙ ලබන්න ගිහින් උඹ කියන කතාවට මමත් එකගයි මමත් ඉන්නේ උඹ ඉන්න මතේම තමා මමත් දැන් ඔය නාටය ටික බලනවා හැබැයි මචං මම බලන්නෙත් වයිෆ්ල, අම්මල එක්ක කාලෙ ගතකරන්න" ඔන්න බුවාගෙ අදහස්...
ප.ලි : මැනේජර් කෙනෙක් මචං කීම ගැන වරදවා හිතන්න එවා අපි මෙහෙ වැඩකරන්නේ එහෙම තමා මොනව කිව්වත් ඔෆිස් එකේ වැඩ ටික හොදට යනව. මේ ගැන උඹලගේ අදහසුත් කියල එවන්න මෙය හුදෙක් මගේ අදහසක් විතරයි.
Friday, May 6, 2011
වෙසක් කූඩුව..

Thursday, May 5, 2011
බාරය ඔප්පු කිරීම..
අනිත් එක කලින් කියන්න ඕන මේ වෙනකොට අපි තුන් දෙනාගෙන් වාහනයක් කියල එකක් තිබ්බේ 3-10 ට තමා (ඒක හැබැයි කාර් එකක් කිවුවට කාර් ¾ ) මුගෙ තියෙන හොදේ තමා කොහෙ හරි යමු කිව්වොත් මැරෙන්න යන්න හරි ඕක අරගෙන එනවා. හැබැයි ඒකෙ යනව කියන්නෙත් ජංගම මරණයක් තමා. බැට්රි එක ලණුවකින් ගැටගහල තියෙන්නේ ස්ටාර්ට් කරනකොට එකෙක් බොනට් එක ඇරලා ටර්මිනල් දෙක අල්ලන් ඉන්න ඕනි වැස්සට යනව නම් කුඩයක් අරන් යන්න ඕනි. ඔන්න ගමනට සෙට් වෙච්ච වාහනේ හැබැයි මූට දැන් හොද එකක් තියෙනවා.
හරි කාර් කතා ඉවරයි මෙන්න කතාව අපේ දිනාතයා කලින් ඔෆිස් එකේ ඉද්දී ට්‍රිප් එකක් ගිහින් කබළැව දේවාලෙට බාරයක් වෙලා හොද ජොබක් සෙට් උනොත් ආපහු එනවා කියල දැන් මුගේ වැඩේ ගොඩ නිසා ඒක ඔප්පු කරන්න තමා දැන් මේ අපේ බුවා සෙට් වෙන්නේ.
සජිත : මචෝ මම කබළෑව දේවාලෙට බාරයක් උනා ආපහු ඇවිත් පාන් පත්තු කරල යනව කියල මොකද කියන්නේ මේ ඉරිදා සෙට් වෙලා යමුද වැඩේට.
3-10 : එල උඹ තෙල් ගහනවනම් මම කාර් එක අරන් එන්නම් (මම කිව්වනෙ බුවාගෙ හැටි)
මම : මම ඔය පොට් එකට ගිහින් තියෙනවා යමන් මම පාර කියන්නම් (මම කලින් කියල තියෙනවනෙ මම කුලියාපිටියෙ පොඩ්ඩක් දන්නවා)
සජිත: හරි මම රෙඩී ඉරිදා යමන් හැබැයි යන්නේ කුරුණෑගලට ගිහින්
මම : මම එහෙන් නම් දන්නේ නෑ දන්කොටුව පැත්තෙන් යමන්
3-10 : හරි හරි සජිත උබ පාර දන්නවනේ උදෙන්ම යමන්..
ඔන්න ඉතිං කිව්ව විදිහට වෙලාවටම නොවුනත් උදේම අපි තුන් කට්ටුව පිටත් උනා අරූගෙ බාරෙ ඔප්පු කරන්න. කොහොම හරි කෑගගහ කුරුණෑගලටත් ගියා.
3-10: සජිත මෙතනින් කොහාටද ?
සජිත: මම දන්නේ නෑ බං
මම: ඈ බොල ** දැන් කොහොමද යන්නේ
සජිත: මට මෙතන විතරයි බං මතක
දැන් ඉතිං කෙලහංකො ඔය අතරෙ මට අර කුලියාපිටියෙ බුවාව මතක් උනා ඌට ගත්තා කෝල් එකක්
මම: මචං කබළෑවට යන්නේ කොහොමද අපි දැන් කුරුණෑගල ඉන්නේ
බුවා: කොහෙද *** ඔය ගියේ තොපිට පිස්සුද ඒක තියෙන්නේ කුලියාපිටියෙ අපේ ගෙවල් ලගනේ අවුලක් නෑ ඔහොමම පුත්තලම් පාරෙන් දාලා පඩුවස් නුවරට පලයන් අපේ ගෙදර ගිහින් අයියවත් අරන් පලයන් බුවා පාර පෙන්නයි.
මේ අස්සේ මුගේ කාර් එකටත් ෂෙඩ් එකක් දකිනකොට තෙල් ඉවර වෙනවා. කොහොමින් හරි අරූගෙ ගෙදර ගිහින් අයියගෙ කඩෙත් වහල පට්ට වටයක් ගහල කබලෑවට ආවා.
සජිත: මචං මේ අර මම ගිය දේවාලෙ නෙමේනෙ ඒකෙ පඩිපෙලක් තිබ්බ බුදු පිළිමයක් තිබ්බ
"මූ දැන් ගිරව වගේ කියවනව" කොහොම හරි අහල පහල එවුන්ගෙන් අහගෙන වෙන පොට් එකකට ගියා ඒකත් නෙමේලු. දැන් අපිට නම් බාරේ එපා වෙලා කාර් එක නවතිනකොට මම බැහැල ඇවිත් ටර්මිනල් අල්ලගෙන ඉන්නව ස්ටාර්ට් වෙනකම්. අයිය කියනව මල්ලී තව පොට් එකක් තියෙනව ඒකත් කන්දක් උඩ තියෙන්නේ බුදුපිළිමයකුත් තියෙනව කියලා සජිත පැනපුගම්න කියනව "මචං වැඩේ හරි ඕක තමා පොට් එක කියල"
වාහනේ නවත්වල කිලෝමීටර් 3 ක් විතර කන්දකුත් නැග්ගට පස්සේ ඒකත් නෙමේලු මුගේ දේවාලෙ ඔය අතරේ සජිත කියනව "මචං ඔය ෆුවල් මීටරේ කට්ට බහින්නේ නැත්වෙන්න ඇල්පෙනිත්තක් වත් ගහංකො" අන්තිමට බාරෙ ඔප්පු කලේ ෂෙඩ් වලට අන්තිම සතේම වෙනකම් එකතුකරලා අපි තෙල් ගැහුව ගෙදර එනකොට පට්ට රෑවෙලා.
ටික දවසකට පස්සේ ඔෆිස් එකේ ලියුම්ගේන එකාගෙන් නිකම් ඇහුව ඌ ඉන්නේ අනුරාධපුරේ එහෙත් තියෙනවලු තව කබළෑවක් මූ කියනව ඒක වෙන්න ඇතිලු පොට් එක.
කොහොම හරි එදා උන දේ අදත් ගෙවල් වලින් දන්නේ මුගෙ ගෙදර අය දන්නේ බාරෙ ඔප්පු කලා කියල. බාරෙ නම් ඔප්පු කලා හැබැයි දෙයියන්ට නෙමේ පෙට්‍රල් ෂෙඩ්වලට. මෙනව උනත් සිරා තැන් ටිකකට නම් ගියා මතක්වෙද්දී තාමත් හිනා.
Wednesday, May 4, 2011
බයික් කවි ..

මේකේ නියම අයිතිකාරය නම් දන්නේ නෑ මේක මට ලියුමකින් ආවේ කවි ටික හොදයි කියල හිතුන නිසා දැම්මා අද වැඩ වැඩි නිසා කතාව හෙටම දාන්නම්.
සිලින්ඩර්ම හතරයි එන්ජිම ලොකුය
කාබ් එකක් හරි ලෙඩ දුන්නොත් සොරිය
ෂොක් එක මොනෝ යන එන කොට නම් සැපය
කෙට්ටු අපට හොන්ඩා හොනට් ලොකු වැඩිය
අඩි හතරට පහට වඩා වැඩි වෙච්චී
ලොකු හෙඩි ලයිට් දෙක ඇස් ගෙඩි දෙක වෙච්චී
ගහේ යන එකත් කජ්ජක් නෙම වෙච්චී
අනේ මට හොදයි බාජා ටූ ෆිෆ්ටී
මැෂින් නැතුව මැනුවල් හයි කර කෑලී
ඇමරිකානුවන් මේවට හරි ලෝලී
පස්සෙ තියාගෙන තම ආදර බාරී
කොල්ලො පදිනවා ඩේවිඩ්සන් හාලී
කොල්ලට කොහෙවෙතත් බල්ලට නම් නොහැකී
දිගට වඩා පළල වැඩියි ගොඩ නැවකී
රේස් පදින ලැයිසන් ඇති මගේ සකී
ෂේන් පදිනවා තවුසන් කවසාකී
මඩේ යන්නේ ටී ඩබ්ලිව් ටූ හන්ඩ්‍රඩ්
ගලේ යන්නේ ටී ඩබ්ලිව් ටූ හන්ඩ්‍රඩ්
කැලේ යන්නේ ටී ඩබ්ලිව් ටූ හන්ඩ්‍රඩ්
උල පිල එකයි ට්‍රැක්ටරේට ටූ හන්ඩ්‍රඩ්
ටී ටී ආර් එකයි එක්ස් ආර් එකයි පොරේ
රේස් පදින කොට කොල්ලන් තියයි හුරේ
ලිමිට් පැන්නොතින් අල්ලන් දමයි හිරේ
ඩීටි පදියි තේ වත්තේ සින්න දොරේ
හතලිස් නමය සී සී එන්ජිම චූටී
දම් පාටයි ලා රතු පාටයි ස්වීටී
වර්කිං ගර්ල්ස්ලගෙ තනි නොතනියට සිටී
කොල්ල පස්සෙ, කෙල්ල පදියි ස්කූටී
පල්සර් තිස්පහයි හතලිහ අතර කරයි
ඩිස්කවරියත් තව ඩිංගක් වැඩිය කරයි
බොක්සර් එක ලීටරේට හැටක් කරයි
සී ටී එක පෙට්‍රල් සුවදටත් දුවයි
කාර් වෑන් පෙජරෝ ලොක්කන්ගේ ය
ඒසී එකේ යනකොට සුරසැප වේ ය
වැස්සට තෙමී අව්වට අපි වේලේය
හැබැයි,
මේවයෙ තියෙන ආතල් ඒවයෙ නෑය.
ඇත්තටම මේවයෙ ආතල් දන්නේ පදින උන්ම තමා කවි ටික සිරා නිසා දැම්මේ ඔරිජිනල් අයිතිකරු දන්නෙ නැත.