Wednesday, April 27, 2011

කොළඹින් ආ වැද්දෝ....

මේ සිද්ධිය වෙනකොට මම එක්තරා ආයතනයක වැඩකරනව එතනින් මම අදුරගත්තා යාළුවො දෙන්නෙක් එකෙක් එරංග නොහොත් 3-10 අනිකා විරාජ්, කථාවට සම්භන්ධ අනිත් එකා කළු සර් නොහොත් ඉන්දික පොර කලින් ඉදන් මගේ යාළුවෙක්.

ඉන්දික ඉන්නේ කුලියාපිටියේ ලස්සන ගමක (ගම විතරයි ලස්සන ඉන්න එවුන් නම් කිසිම කමකට නෑ) මම මීට කලින් ගිහින් තියෙනවා. ඉන්දිකගෙ වෙඩින් එකට කලින් අපි හතරදෙනා ගියා පොරට උදව් වෙන්න. නොගියනන් තමා හොද කියල පස්සෙ පොර කිව්ව.

පාර දිගේ යනකම් සිද්දවෙච්ච දේවල් මම ලියන්න යන්නෙ නෑ. කොහොමින් හරි දවල් වෙද්දි අපි ගියා. පොරගෙ ගෙදර ඉස්සරහා තියෙන වැව දැක්ක ගමන් සෙට් එක ෆිට්.

විරාජ් : මචං මේකෙ වැව් මාළු ඇති නේද ? (වැවක මාළු නැද්ද අම්මපා මූට පිස්සුද)

එරංග : දාමුද බාබ්කියු පාරක් වැව් කණ්ඩිය උඩ ?

වි : එළ, මාළු කෝ ?

(දැන් විරාජ් සහ මම තුමා නොදන්නා ගමක මාළු කාරයන් සොය යෑම ඇරඹුවෙමු, මට මුලින් කියන්න අමතක උණා මේ දවස් වෙනකොට මට ක්ලච් බයික් පදින්න බෑ ඕක කිව්වෙ නැත්නම් මම දන්නව මට ලැබෙන ප්‍රතිචාරෙ )

කොහොම හරි අපි මාළු අල්ලන පොරක ගේ ගෙයක් හොයාගෙන ගියා මේ ඒ සීන් එක.

වි : කව්ද @$% කියන්නේ

(‍මූ අහන්නේ හරියට නිකන් කසිප්පු අල්ලන්න පොලිසියෙන් පැන්න වගේ ම‍ගෙ බොක්ක කූල් වෙලා බලන් හිටිය මම හිතුව දැන් කෑව කියල)

බුවා : මම, ඇයි මහත්තයා

වි : අයියේ අපි ඉන්දිකගෙ යාළුවො ටිකක් කොළඹ ඉදන් ආවේ, මාළු ටිකක් අල්ලගන්න පුළුවන්ද ‍?

බුවා : පිස්සු ද මල්ලී මාළු නෑ - දැන් පුළුවන්ද මාළු අල්ලන්න.

(යාන්තම් ගුටි නොකා පෙර පිනකට බේරිලා ආවා. මූ අහපු විදිහට මාළු නෙමේ වතුරවත් හම්බවෙන්නේ නෑ)

ඒත් බාබකියු උණෙන් සිටි එරංගයා, මම හා විරාජයා කුකුල් මස් ගෙන සුපුරුදු බාබකියූ එක දැම්මා, අරූගෙ අම්මලටත් හොරෙන්. වැඩේ සාර්ථක කරලා අපි ආවා ඔන්න ඔෆිස්.

ඉන්දික : මචං මල කෙළියයි ගමේ උන් සීන් එක දැකලා...

අපි : ඉතිං..

ඉ : උන් මගෙන් අහනවා කව්ද බන් ඒ කොළඹ ඉදන් ආපු වැද්දෝ..කියල මම කිව්ව උන් මගෙ හොද යාළුවො ටිකක් කියල.

ප: ලි :- මට ප්‍රශ්න කීපයක් ඇත.

  1. බාබකියු යනු වැද්දන්ගේ කෑමක් ද ?
  2. එතකොට සුද්දෝ කන්නේ අපේ වැදි කෑම ද ?
  3. නැත්නම් ගමේ උන් ට දුන්නේ නැති නිසා අපි වැද්දෝ වුනාද ?
  4. නැත්නම් අපි වැද්දො ද ?

1 comment:

  1. සිංහලයාApril 27, 2011 at 4:02 PM

    මම හිතන්නේ අපි හරි දියුණු ජාතියක් සුද්දන්ට කලින් අපි හොදට ඉදල තියෙන්වා සුද්දො තමා අපිව කාල තියෙන්නේ ඕනෙ නැති දේවල් ඔළුවට දාලා දැන් අපිත් ඒව ඔළුවෙ තියාගෙන නිකන් පොරවල් වගේ ඉන්නව. බැලුවම කිසිම හරයක් නෑ

    ReplyDelete

මේ ගැන ඔබේ අදහස ලියන්න.