Thursday, April 28, 2011

ඊයේ අද සහ හෙට...

ඊයේ දවල් අපේ එකෙක් කථා කරල අහනවා මචෝ අද කථා නැද්ද කියල. ඒ අස්සෙ එකෙක් තර්ජනය කරනවා අඩෝ නම් දාන්න එපා මරනව සුදු වෑන් වලින් උස්සනව කියල.

අද නම් කන පැලෙන්න වැඩ අද මොන කථා ද කියල හිතන් හිටියේ ඒත් මේ එන ගල් මුල් , මල් දැක්කම මොනව හරි ලියන්න හිතුන. එකක් කියන්න ඕන මචෝ නම් දාන්නේ උඹලට ජීවත්වෙන්න බැරි දේවල් කලාට නෙමේ පහර ගහන්නත් නෙමේ, අනික නම් දාන්නේ විහිළු තේරෙන උන්ගේ විතරයි. මේව බලල අතීතය මතක් කරන් හිනාවෙන්න එච්චරයි.

අද නම් කියන්නේ මඩ කතාවක් නෙමේ මේක අපි ගැන දුක හිතෙන කතාවක්. අද උදේ වැඩට එද්දී දැක්ක දෙයකින් තමා මේක මතක් උනේ.

පුංචිකාලෙ වෙසක් එකට අපි කව්රු කව්රුත් වෙසක් කූඩු හැදුව, සල් උයන් හැදුව පුළු පුළුවන් විදිහට එක එකා මොනව හරි කලා. උඹලට මතකද අපේ අම්මල තාත්තල අපිට වෙස් මූණු අරන් දෙනව (නියම මූණ එදාටවත් හංග ගනින් කියල අම්මල හිතන්න ඇති.) යක්කු මූණූ ගත්තෙ ටිකක් ලොකු උණාම මොකද ඒවට බය නිසා ඊට කලින් හා මූණු (හාවා) , වෙනත් සත්තුන්ගෙ මූණු ගත්තා. ඒව හදල තිබ්බෙ කඩදාසි වලින් පස්සෙ කාටූන් ඒවත් මාර්කට් එකට ආවා.

අපි මූණු නොදමන කාලෙ වෙනකොට (ලොකු වෙනකොට - හැබැයි එතකොට තමා අපි මූණු දාන් ඕනම කාලෙ මොකද පාරෙ යන්න බෑනෙ) මාර්කට් එකට ආවෙ ප්ලාස්ටික් මූණු මේවායේ අපායේ ඉන්න යක්කු මූණු නෑ modern මූණු තමා තිබ්බේ. හොදට බැලුවම “made in china” කියල ගහල තිබ්බ. ඒ වෙනකොට වෙසක් කූඩුත් හරි හරියට විකිණෙනවා. කඩදාසි ඒවා අඩුවෙන් තමා තිබ්බේ.

අද උදේ එද්දී දැක්ක තව එකක් අමුතුම මූණක් මේකෙ රබර් බෑන්ඩ් නෑ තනිකරම මූණ දාගන්න තියෙන්නෙ ඉන්නේ කවදාවත් ලංකාවෙ දැක්ක යකෙක් නම් නෙමේ. පිස්සු හැදෙනවා බැලුවම, දැන් පොඩි උන් වෙස් මූණු කියල ගන්නේ ඕවනෙ අප්පා.....

මට තියෙන ප්‍රශ්න...

  • එතකොට පරණ මූණු වලට මොකද උණේ ?
  • ඒවා හදන මිනිස්සුන්ට මොකද උණේ ?
  • ඇයි වෙසක් එකත් import කරන්නේ ?
  • අපේ ළමයින්ගෙ කාලෙ වෙනකොට මොනව වෙයිද ?




No comments:

Post a Comment

මේ ගැන ඔබේ අදහස ලියන්න.