Tuesday, April 26, 2011

රොටරියෙ A/L ක්ලාස්......


මේ කථාව ලියන්න ගිහිල්ල මේ කථාවට ආදාල කථා නායකයගෙ තව අතුරු කථාවක් මතක් උණා. ඒක මම වෙනමම දාන්නම් වෙන දවසක මොකද මේක අස්සෙ ඒක කියන්න ගියොත් කොයි එකවත් හරියට කරන්න බැරිවෙනවා. අනික මම අනිවාර්යෙන්ම දන්නවා මේ මඩය ගැහුවට පස්සේ මේ කථාවට අදාල කථා නායකය මට දුරකථනයෙන් හෝ අන්තර්ජාලය ඔස්සේ හීනියට ආදර තර්ජනයක් දානව. (යකෝ අපිට ඉන්න දීපන් පිස්සු කෙලින්නෙ නැතිව අන්න ඒ වගේ).
අනේ ඉතින් අපිත් අපි දන්නෙම නැතුව A/L කරන්න O/L පාස් උනා කියමුකෝ මාර වැඩේ කියන්නේ A/L maths කරන්නත් චාන්ස් එක හම්බඋනා (අපිට උගන්වපු ගුරුවරුන්ටද මෙය ප්‍රශ්නයකි). ඉතින් A/L ගොඩ යන්න නම් තනිකරම ඉස්කෝලෙන් ගොඩ යන්න බෑනෙ අපිත් ගියා රොටරි ඇත්තම කියනවනම් ඒකෙදි අපි නොකලෙ ඉගෙන ගන්න එක විතරයි. (ඇත්තනෙ ඒක කොලා නම් මෙහෙම වෙයි යෑ). ඉතිං පන්ති යනවයි කියන එක තනියෙන් කරන රාජකාරියක් නොවන හින්දා ඕකට අපේ සෙට් එකක් සෙට උනා (අසෝක, රන්දිල්, සමීර-බහිතෙ, මමතුමා, තව ගොඩක් ඇත ලියන්නට බැරිය) අපි ඉතින් පන්ති ගිහින් කියනදේ අහන් ඉදල ඔහේ එනව අතරමගදී පොඩි පොඩි කොළ ඕන තරම් හම්බවෙනව ගුරුවරුන්ගෙ පුරාජේරු ප්‍රින්ට් කරපු. අනේ ඉතින් අපේ සජිත් මේ සේරම එකතු කරන් ගොටු හදල නුගේගොඩ සිට කොහුවල දක්වා ඇති සෑම වාහනයකම මග නොහැරෙන සේ සයිලන්සරයේ ගහනව.
සුපුරුදු ලෙස ඔය වැඩේ කර කර එන ගමන් මම දවසක් මුට කිව්ව බොනට් එක උඩ කකුල තියල ලේස් එක ගැටගහපන් කියල මූ ඕක කලානේ (අහු උනානම් ඉන්ටර්වල් දිදී ගහන්නේ). දැන් බස් එකට නගින්න ආව කොහුවල හෝල්ට් එකට දැන් බස් එකක් එනකම් ඉන්නව. එකපාරටම සක්යා එක් පැත්තෙ ඉදන් ආපු කාර් එකක් සජී ලගින් හැරෙව්වා.
ඉන්පසු සිදු වූ දෙය
සජිත් : (මහ හයියෙන්) බුදු අම්මෝ... මගෙ කකුල...
මුගේ මහ හඩත් සමග කාරයේ වේගයෙන් බ්රේක් වැදිනි එසැනින් ක්‍රියාත්මක වූ සජිත් දුවපියෝ.......... කියා වේගයෙන් දුවන්නට විය.
(අප ද ඔහු සමග වේගයෙන් දිව්වේ සිදුවූ දෙය හදුනා නොගත් නිසා නොව කාරයෙන් බැසගත් මහතාගේ ආදරණිය ආමන්ත්‍රනයත් වටපිට හෝල්ට් එකේ සිටිනාවුන් ගේ ප්‍රහාරයත් ක්ෂණිකව ක්‍රියාත්මක වන බව දන්නා නිසාය. දැන් සජිත් ද විවාහකය ඔහු දැන් පූසා මෙන් සිටී. ඔහු සමග සිට අතපය කඩා නොගත් අවස්ථා මතක් වන විට සුන්දරය. කෙසේ වෙතත් අදටත් ඔහු සුන්දර මිනිසෙකි.)

2 comments:

මේ ගැන ඔබේ අදහස ලියන්න.