Monday, April 25, 2011

ආනමාළු කෙසෙල් කැන..



මේක අපි ඉස්කෝලෙ යන කාලෙ සෙට් වෙච්ච කේස් එකක්. අපි ඒ දවස් වල අතපය තියන් ඉන්න බැරිකමට බාස්කට් බෝල් ගැහුවා ඒ දවස් වල වැඩ කලේ නැති උනත් පොරවල් අපි තමා. හවසට කෘෂිකර්ම ක්ලාස් එකේ වගාවන්ට වැඩේ දෙන එක අප සැමගේ සාමාන්‍ය රාජකාරිය. කොට්ටම්බ තැලීම රූපදාස අංකල්ගෙ කෙසෙල් වගාවට
වැඩේදීම අතිරේක රාජකාරී (ඉස්කෝලෙ ඉන්න මුරකාරයට ප්‍රින්සිපල් කෙසෙල් එහෙම වවන්න දීල තිබ්බ අහිංසක මනුස්සය නිසා පොර තමා රූපදාස කියන්නෙ) අපරාදෙ කියන්න බෑ රූපදාසයත් හොදට කෙසෙල් වවනවා උගේ වත්ත වගේ ඒත් බාගයකට වැඩේ දෙන්නෙ අපේ එවුන් තමා හැබැයි කව්රු කැපුවත් සහයෝගයෙන් තමා කන්නේ.

අපේ ඉන්නවා ඩයස් කියල පොරක් ටිකක් කොටයි නමුත් ක්‍රීඩාවට දක්ෂය මේකා දවසක් රූපදාසගෙ කෙසෙල් කැනක් කපල හංගල තියෙන්නේ ඉස්කෝලෙ කෙලවරේ කැලෑවක ඉදෙනකම්. ඉදුන ගමන් මෙයා හොරෙන් ගිහින් එක එක කාලා ඇවිත්(අපිට නොදී). ටිකවෙලාවකින් මෙයාගෙ බඩ අප්සෙට් වෙලා !@&* දාලා එනව ෂේප් එකේ ගිහින්. දෙවෙනි සැරේ යද්දි මාර සීන් එක පොඩි උන් ටිකකට මුගේ කෙසෙල් කැන අහුවෙලා උන් ඒක කකා ඉද්දී රූපදාසට අහුවෙලා අපේ එකා යන්නෙ කෙසෙල් කාලා බඩ අප්සට් නිසා !@&* දාන්න. මෙන්න ඊට පස්සෙ රූපදාසගෙයි අපේ එකාගෙයි පොඩි උන්ගෙයි දෙබස.

අපේ එකා දැකපු රූපදාස අංකල්

රූප : බලන්න පුතා දැන් හැදෙන එවුන් මුන් දෙන්න මගෙ කෙසෙල කැන කපලා උනගෙ ඒව වගේ කකා ඉන්නවා මමත් හොය හොය හිටියේ කව්ද මේ බලු වැඩේ කල එකා කියල.

ඩයස් : පොඩි උන් දෙන්නෙක් නෙ අංකල් අතෑරල දාන්න ඕක (මුගේ හිත දන්නව කව්ද වැඩේ කලේ කියල)

රූප : එහෙම කියල බෑ පුතා මුන් දෙන්නව ප්‍රින්සිපල් ගාවට අරන් යන්න ඕනි (මේ අතර අර පොඩි උන් දෙන්නා කන්කෙදිරි ගායි)

මෙසේ කියූ රූපදාස අංකල් කන්න පුතා මේක කියා තවත් ආනමාළු ගෙඩියක් අපේ මෑන් අතට දුනි රූපදාස ඉදිරියේ වීරයා මෙන් ආනමාළුව කෑ අපේ ඩයසා රූපදාස එහාට මෙහාට වනතුරුසිට නැවතත් !@&* දාන්න දිව්වේ රූපදාසගේ මෑණියන් සිහිකරමින් ය.

මේ කතාව දැනගත් අපේ සෙට් එක පසුව දෙස‍් දෙවොල් තිබ්බේ තනියෙන් කෑවට තොට හොද වැඩේ කියාය.

(අර පොඩි එවුන් දෙදෙනාට කුමක් වූයේද කියා අප නොදන්නෙමු. කෙසෙල් කැන කැපුවේ ඩයස් බව රූපදාස ද අද වන තුරු නොදනී. ඩයසා මෑතකදී කසාද බැන්දේය උගේ විවාහ දිවිය සාර්ථක වේවායි සුභ පතන්නෙමු !)

2 comments:

  1. ඒල ඒල ඔහෙම යං

    ReplyDelete
  2. Rupa danagattanam, dayasta UU arinawa

    ReplyDelete

මේ ගැන ඔබේ අදහස ලියන්න.