Monday, June 27, 2011

මිතුදම...

අපි ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම සෙට් වෙච්ච ගෙයක් තියෙනව ඒ බඩා ගෙ ගෙදර. මේක ඉතිං අපේ ‍ගේ වගේ තමා. අපි ට්‍රිප් යන්නෙත් සෙල්ලම් කරන්නෙත් සෙට් එකම එකට. අපේ සෙට් එකේ ඔක්කොම හතර දෙනයි මම, බඩා, ඩොලා, රනේ. අපි ටික හැමදාම හිටියේ එකට සහෝදරයෝ වගේ. ඔය අතරේ බඩා ගෙ ගෙදර ආරක්ෂාවක් තිබ්බා, දවසක කට්ටඩියෙක් එහෙම ඇවිත්. මේකට ඇවිත් හිටියා බඩාගෙ ගෙවල් ලග පොරක් නම ෆෙඩ්රික්, මෙයා බර්ගර් පොරක්. කොහොම හරි මේ පොරත් අපිත් එක්ක කතාවට වැටිල අපිත් එක්ක සෙට් උණා.

ටික කාලයක් යද්දී දන්නෙම නැතුව වගේ මෙයා අපේ හොදම යාළුවෙක් උනා. හැම පෝයටම දවල් මැච් එකක් ගහල හවස කළුතර යන පුරුද්දක් අපිට තිබ්බා හැබැයි එන්නේ රෑ 12- 1 වෙලා එන්න බස් නැතුව පාරෙ යන ලොරියක හරි අපි කටුබැද්දට එනව කටු බැද්දෙන් බැහැල පිළියන්දලට යන්නේ පයින්. අපේ බුවත් බර්ගර් උනාට හැමදාම අපිත් එක්ක යන මේ ගමනට එකතු වෙනවා. බුවා ගැන කියනවනම් හරිම හිත හොද කොල්ලා විනෝදයට බර ඉතාම හිතවත් පොරක්. හිනා වෙන්න දෙයක් නැත්නම් තමන්ට මඩයක් ගහගෙන හරි හිනා වෙවී ඉන්නව. අපේ ගෙදරක වැඩක් තිබ්බත් පොර ඇවිත් උගේ වගේ බලා කියාගෙන කරල දෙනව මොකද පොරට දෑතේ වැඩ ඉතාම හොදට පිහිටල තිබ්බ. බෝතලයකට තේකක් පුරෝගෙන වරෙන් බං ෂොට් එකක් ගහන්න කියල අපේ ආච්චිට ඇහෙන්න කියල හැමදාම ආච්චිව අවුස්සනව මට අද වගේ මතකයි.

මේ ඉන්න අතර තුරෙදී බුවාට ඩ්‍රයිවින් ජොබ් එකක් සෙට් උනා දැන් වැඩිය එන්නෙ නැති නිසා අපේ නැන්දා කෙනෙක් දවසක් මුගෙන් අහනව "ආ.. ෆෙඩ්රික් කාලෙකින් නෙ දැක්කේ.. මම දැක්ක ලගදි වාහනේකින් යනව" මූ ත් පෙරලා උත්තර දෙනව "ආ.. ඔව් ඔව් අපි දැන් වාහන වලින් නෙ ගමන් බිමන්....:)" ඔන්න බුවාගෙ උත්තර.

මූ සිකුරාදා දවසක අපේ ගෙදර ආවා "නංගී දන්නවද දැන් අයියා බැදලනෙ ගෙදරට කියන්න එපා කියල මට කිව්ව" මූ අපේ නංගිව අවුස්සනව. ගෙදර හැමෝවම හිනස්සන මේකා අම්ම බැන්නත් විහිළුවක් කරල හිනා වෙලා ඉන්නව. ඔන්න සිකුරාදා බුවා ඇවිත් ගියා. මමත් සෙනසුරාදා සුපුරුදු පරිදි වැඩට ගියා. ගෙදරින් කෝල් එකක් ආවා.. එහා පැත්තෙන් කතා කලේ අම්ම..

මම : හෙලෝ... ඇයි අම්ම
අම්ම : පුතා ෆෙඩ්රික් නැතිවෙලා.
මම: විහිළු කරන්න එපා මේ අප්‍රේ 1 දා නෙමේනෙ
අම්ම : නෑ නෑ ඇත්ත කළුබෝවිල ඉස්පිරිතාලෙට ලු ගෙනියල තියෙන්නේ.
මම : හරි හරි මම බලන්නම්

මගේ ලෝකය මොහොතකට නැවතුනා. කරන්නේ සහ කලයුත්තේ මොකක් දැයි මට තේරුනේ නෑ. දෙයියනේ ඊයේ රෑ ඇවිත් ගිය එකා අද උදේ..? ඔෆිස් එකේ යාළුවෙක් එක්ක මම වේගයෙන් කළුබෝවිල ඉස්පිරිතාලෙට ආවා. රොහලෙන් ආරංචි උනා ඇක්සිඩන්ට් උන අනිත් කෙනා පිළියන්දල ඉස්පිරිතාලේ කියල. මම එතනටත් ආවා එන්න පුළුවන් උපරිම වේගයෙන්. මෘත ශරීරාගාරය අසල ඉන්න සේවකයෙකුට මම යාළුවෙක් කියල කිව්වම මට බලන්න අවසර දුන්න. ඔළුවට සිදුවූ දරුණු තුවාලත් සමග මගේ යාළුව මෘතශරීරාගාරයේ වැතිර ඉන්නව.

මේ විපත අහපු ෆෙඩ්රික් ගේ තාත්තත් මේක අහල හෘදයාබාධයකින් මියගියා. මේ දෙනොගේම අවසන් කටයුතු එකම දිනයේ එකම ස්ථානයකදී එකටම සිදු කෙරුනා. ඇවිත් හිටපු යාළුවො කව්රුත් මෙය අවමංගල්‍ය රථයට දාන්න දුන්නේ නෑ සියළුම දුර රැගෙන ගියේ සියළුම මිතුරන්ගේ කර මතින්.

අපිව හිනැස්සූ අපි ලගින් සිටි හෘදයාංගම මිත්‍රයා අපේ කරමතින් අවසන් ගමන් ගියා. හිතවත් මිත්‍රය ඔබට නිවන් සුව..!

5 comments:

  1. ඔහොම තමා අය්යෙ මේ ජීවිතවල හැටි,ඔයදේ ඊලග මොහොතේ අපිට වෙන්න බැරිනෑ.මගෙත් සමීපතම යාලුවො කීපදෙනෙක් නැතිවෙලා තියනව.ඉන්න ටිකේ සතුටෙන් කාටවත් කරදරයක් නැතුව ඉන්න එක තමා කරන්න පුලුවන් ලොකුම දේ.

    මිතුරාට නිවන්සුව!

    ReplyDelete
  2. @ නදී: ස්තූතියි නදී.. හොද මිනිසුන්ට වැඩිය ආයුෂ නෑ කියල කියනව ඒකේ ඇත්තක් තියෙනවද මන්ද. අපිට සහෝදරයෙක් නැති උනා.

    ReplyDelete
  3. යාලුවාට නිවන් සුව!

    ReplyDelete
  4. oohhhhh....harima kanagatui. yaluwata niwan suwa.!

    ReplyDelete

මේ ගැන ඔබේ අදහස ලියන්න.