Friday, June 10, 2011

අත්හදා බැලීම් වලින් ගොඩ යනවද ?

මට මේ කතාව ලියන්න හිතුනේ ගලායන ජීවිතය ලියන නදී ගේ පෝස්ට් එකක් දැකල. ඒක බලා ගන්න කැමති අය මෙතනින් ගිහින් ඒක බලා ගන්න. අද කියන්න යන්නේ කාටවත් සිද්ද වෙච්ච මඩ සීන් එකක් නෙමේ මේ මගේ අත්දැකීම් තුළින් මට හිතෙන හැටි.

නදීගෙ කථාවේ එක තැනක කියනවා "දකින දකින දේවල් කරන්න යනවට හොද වැඩේ කියල" මේක මම නම් දකින්නේ මේ විදිහට ඒකට අදාලව තව කතා දෙක තුනක් කියන්නම්.

පළවෙනි කතාව පටන් ගන්නේ මගේ ජීවිතයේදී මම දැකපු යාළුවෙක් ගෙන් පොර තමා ටීයා. ටීයා කියන්නේ O/L දවස් වල පන්තියේ හිටපු ජොලිම චරිතයක් වැඩියෙන්ම කලේ සිංදු කියන එක විතරයි. එක එක ටින් බෙලෙක්ක සෙට් කරගෙන ඇවිත් තනියම ගගහ සිංදු කියනව. සමහරුන්ට මේක ඒදවස් වල වදයක් වෙලත් තිබ්බ. කොහොමින් කොහොම හරි කාට කරදර උනත් මූ සිංදු කියන එක නැවැත්තුවේ නෑ. O/L පාස් උනා A/Lකලේ Art පස්සේ ඉස්කෝලෙන් අස් වෙලා ගෲප් එකක් හදාගෙන හිටිය ඒ වෙනකොට සංගීතය ඉගෙන ගෙන ඕනෑම සංගීත භාණ්ඩක් හොදට වැයීමේ හැකියාව පොරට තියෙනව. අද වෙනකොට ඩුබායි වල හොදම ලයිව් බෑන්ඩ් එකක් තියෙනව.

අනිත් එකා මගේ යාළුවෙක් ගේ ඉස්කෝලේ හිටපු එකෙක්. පොරට තිබුනේ D J පිස්සුව පොකට් රේඩියෝ කෑලි ගෙනල්ල වයර් කනේ ගහගෙන D J කරනවලු මගේ යාළුව සිංදු කියනව. මිනිහ අද ලංකාවේ ප්‍රසිද්ධ රේඩියො චැනල් එකක ප්‍රධාන D J, නමින් කව්රුත් දන්නව. (නම නං කියන්න බෑ, එදා සිංදු කියපු යාළුව තමා අද කැලිප්සෝ ගහන්නේ)

තව ගොඩක් අය ඉන්නවා එදා චිත්‍ර ඇදපු උන් අද හොදම කම්පැනි වල U I engineers ලා, ඉස්කෝ‍ලේ දස වැඩ ප්ලෑන් කරපු එකා අද ප්‍රසිද්ධ දුරකථන ආයතනයක Radio Network Planing කරනව.

මෙන්න හොදම දේ. අපේ ගෙවල් ලග පොඩි ලමයෙක් ඉන්නව මාත් එක්ක එකතුයි. මෙයාගෙ වැඩ වලට හැමෝම බනිනව, නමුත් මේ පොඩ්ඩ හරි අමුතු විදිහට හිතනවා. මේ වෙසක් එකට සල් උයනක් හදන්න පටන් අරන් අම්මට කියල බුද්ධ රූප වෙසක් කාඩ් එහෙම අරන් යන ගමන් කඩෙන් චුයින්ගම් එකකුත් අරගෙන. බුද්ධ රූපෙට ලයිට් දාන්න දන්නේ නැති නිසා සීයගේ ටෝච් එක උස්සල පිදුරු ගොඩක් අස්සේ තියල එළිවෙනකම් පත්තුකරල පහුවදා බැටරි බැහැල බැනුම් කෝටියයි.

පහුවදා එයාගේ අම්ම මේක අස් කරන්න බුද්ධ රූපෙ ගන්නකොට කූඹි කනවලු බැලින්නම් රූපය අලවල තියෙන්නේ චුයින්ගම් එකෙන්. ඒක පොඩි දෙයක් උනාට ඒ වගේ පොඩි එකෙක් ඒවගේ දෙයක් කරන එක හරිම වටිනව.

දවසක් මෙයා නැවක් හදල කාඩ් බෝඩ් වලින් පොඩි මෝටරයක් දාලා සින්ක් එකේ වතුර පුරවල මේක යවල. මේ වගේ කරන එවුන්ට අපි තව උදව් කරන්න ඕනි මම නම් හිතන්නේ මෙයාට කරදරයක් නොවෙන්න දුර ඉදන් අපි ආරක්ෂා කලොත් මෙයාගෙ ගමන මෙයා යයි.

මම නම් හිතන්නේ පොඩි කාලෙදි දකින දකින දේවල් කරන්න යෑම හා ඒවා අත්හදා බැලීම හොදයි හැබැයි ලොකු අය එයාලට කරදරයක් නොවෙන්න හැමතිස්සෙම වග බලා ගන්න ඕනි. මේ නිසා තමා තවමත් මම 3 idiot film එකට කැමති.

ප : ලි :- මේක ලිව්වේ නදී ගෙ පෝස්ට් එක ගැන විචාර කරන්න නෙමේ. මේ මට හිතෙන හැටි හරි වැරදි ඔයාලට.

තව එකක් කියන්න බැරි උනා මේ දවස් වල අර ළමය පොසොන් එකට මිහින්තලාවක් හදල මුවාවයි තිස්සවයි දුවවන්න ක්‍රමයක් කල්පනා කරනවා.

3 comments:

  1. කතාව හරි,අවට පරිසරයෙන් යම් දෙයක් දෑකලා තමයි අපි ඉගන ගන්න ඕන අනික ගොඩක් වෙලාවට යම් දේයක් හරියට කරන්වා නම් අනිවා ගොඩ යෑමක් තියන්වා

    ReplyDelete
  2. @ අසංක : ඒක තමා මගෙත් මතය. යාළු‍වෙක් දවසක් ටැප් එකට රබර් හෝස් එකක් සෙට් කරගන්න දත කනව මම හෝස් එක වතුරේ ඔබල ටක් ගාලා ටැප් එකට කනෙක්ට් කලා. හැබැයි ඝර්ශණය කියන පාඩම අපි දෙන්නම ඉගෙන ගත්තේ එකම සර් ගෙන් ඕක තමා වැඩේ.

    ReplyDelete
  3. වැරදීම් තුලින් තමයි ජීවිතේට අත්දැකීම් ගන්න පුළුවන්. පොඩි කාලෙදි රස්නෙ දෙයක අත ගෑවුනාම අපි දන්නවා ඊට පස්සේ පරිස්සම් වෙන්න. අපි ලබන අත්දැකීම් වල සංවේදනය මොලයේ ගබඩා වෙලා තියෙනවා මැරෙන කල්ම. අළුත් දෙයකට බහින්න අකමැති අයට ඉස්සරහට යන්න බෑ. අභියෝග භාර ගන්න බෑ. වැරදෙන්න හරි ට්‍රයි කරන එක තමයි වැදගත් වෙන්නේ. එතනින් ගන්න අත්දැකීම් විශ්ව විද්‍යාල වලින්, නායකත්ව පුහුණුවෙන් වත් ගන්න බෑ.

    ReplyDelete

මේ ගැන ඔබේ අදහස ලියන්න.