Friday, June 3, 2011

බත්තරමුල්ල අවන්හලේ කැලිප්සෝ..

මම කලින් කිව්වනේ මගේ කැලිප්සෝ කරන යාළුවෙකුගේ කතාවක් ඒක බලපු නැති අය ඉන්නව නම් මෙතනින් බලන්න පුළුවන්. අදත් ලියන්න යන්නේ එයාටම වෙච්ච තවත් සීන් එකක් මොකද මෙයාත් හැමදාම කැලිප්සෝ යන නිසා එක එක ජාතියේ පොරවල් සෙට් වෙනව.

මේ ලගදි දවසක් අපේ පොර ගිහිල්ලා බත්තරමුල්ලේ සුපුරුදු රෙස්ට්ටුරන්ට් එකට. ඒකේ එක එක ජාතියේ සෙට් බිබී ඉදල තියෙනව. මුන් ඉතින් කොනක ඉදන් හැම ටේබල් එකක් ලගටම ගිහින් සින්දු කිය කිය ඉන්නවලු ඔය අතරෙදි එක ටේබල් එකක ඉන්න සෙට් එකක් සාක්කුවට අත දාලා රු 2000/- ක ටිප් එකක් දීල තියෙනවා. එච්චර ගානකුත් දීපු ‍එකේ අපේ එවුන් සින්දු දෙක තුනක් වැඩිපුරත් කියල.

"මල්ලී රවුමක් ගහල ආපහු වරෙන්" ඒ සෙට් එකේ ආරාධනය අපේ ශානා ත් කරල තියෙන්නේ රවුමක් හිගින් ආපහු අතෙන්ටම ආපු එක දැන් ආපහු සින්දු කිය කිය ඉන්නවලු.

දැන් කට්ටියට හොද ගානට වැදිල "මල්ලි උඹලට මුකුත් දුන්නේ නෑනේ කියල (කලින් දීපුව මතක නෑ) ආපහු අත දාලා තව 2000 ක් දීල. ලග හිටපු තව එකෙක් 500 කුත් දුන්නලු දැන් ඒ ටේබල් එකෙන් විතරක් 4500 යි.

ඔය අතරේ දැන තව ටේබල් එකකට ඇවිත් බ්‍රිගේඩියර් කෙනෙක්. පොරත් යාළුවො සෙට් කරගෙන බිබී ඉන්නවලු මේ ඒ ටේබල් එක.

බ්‍රිගේඩියර් : මල්ලී ඉස්සෙල්ලම මේ සල්ලි ගන්න (රු 1000 ක් දික් කරයි) හරි මේ සින්දුව කියන්න (සින්දුවකුත් ඉල්ලලා)

සින්දුව ඉවර ‍උනාට පස්සේ බුවා රස කතා කියනවලු ඒ අතරේ ඊලග සින්දුවත් කියල මෙන්න ඊටත් පස්සේ

බ්‍රි : මල්ලී දැන් බලපන් උඹලට මේ වගේ රු 1000 ක් කව්රුත් දීල තියෙනවද ?

ශා: ඔව් සර්

බ්‍රි : කව්ද බං ?

ශා : අර ඉස්සරහ ටේබල් එකේ කට්ටිය

බ්‍රි : කීයක් දුන්නද ?

ශා : 4500

බ්‍රි : අම්මට *** මේ මොන බ්‍රිගේඩියර් කමක්ද මම එනව හෙට ඉදන් උඹලත් එක්ක සින්දු කියන්න.

( බුවා ගණන් හදල බලල අපේ අයියල මාසෙකට හොයන ගාන )


ප.ලි : මේ කතාවේ එන බ්‍රිගේඩියර් හරි ‍ජොලි පොරක්. මේ සංවාදය තව දිගට ගිහින් තියෙනව මේ කෙටි කරල තමා දාලා තියෙන්නේ.

6 comments:

  1. මේ නොදන්න කමට අහන්නේ. ලංකාවෙ ගොඩක් හෝටල් වල ඔය මේස ලඟටම ඇවිත් සින්දු කියන කැලිප්සෝ ගායන කණ්ඩායම් ඉන්නවනේ. ඒ වෙලාවට අපි එයාලට කීයක් හරි දෙන්න ඕනද? එහෙමද සිරිත?

    ReplyDelete
  2. @සොබනි : නෑ එහෙම කියල නීතියක් නෑ නමුත් එයාලා අපි වෙනුවෙන් සිංදු කියනවට කීයක් හරි දෙන එක සිරිතක්. ඒක දැන් හැමෝම කරනව. ඇත්තෙන්ම එයාලට හෝටලෙන් ලැබෙන්නේ පොඩි ගාණක් ඒක යාළුව නිසා මං දන්නවා.

    ReplyDelete
  3. මටත් බැරිවෙයිද දන්නෙ නෑ යාළුවගේ කැලිප්සො ටීම් එකට සෙට් වෙන්න.... ;)

    ReplyDelete
  4. @ සාතන් : පුළුවන් වෙයි හැබැයි හැමදාම ඔය වගේ ටිප් නෑ .... :)

    ReplyDelete
  5. ගිටාර්, බොන්ගෝ, එකෝඩියන් කර ගහගෙන - හිටගෙන පැය දෙක තුනක් වටේ ඇවිද ඇවිද සිංදු කියන එක, විශේෂයෙන්ම කට්ටියට අහන් ඉන්න පුළුවන් වෙන්න perform කරන එක අමාරු වැඩක්... ඒකට ඉතින් ඔය වගේ සැලකුම් ලැබෙන්න ඕනෙ තමයි... අරයා කලින් කිව්වා වගේ නැති දවසට transport එකටත් සල්ලි නැතිව යන්න වෙන දවසුත් තියෙනවා. හැම දාම ටිප් වදින්නේ නෑ. අනික ඉතින් පදමට වැදිලා ඉන්න කට්ටියක් ලේසියෙන් සතුටු කරන්නත් බෑ නොවැ. දන්න නිසා කියන්නේ. ඉරිසියා කරන්න එපා ඒ සල්ලි වලට !!!

    ReplyDelete
  6. @ චතුරංග : අනිවාර්යෙන්ම මේ සංගීත කලාව හැමෝටම කරන්න බෑ තමා අපිට තියෙන්නේ ඒක රස විදලා අපිට පුළුවන් විදිහට සැලකුමක් කරල යන එක තමා.

    ReplyDelete

මේ ගැන ඔබේ අදහස ලියන්න.