Wednesday, June 1, 2011

ගැහැණු අයගෙ වාහන එලවීම...

මේක අද උදේ වෙච්ච දෙයක්, සාමාන්‍යයෙන් මම ඔෆිස් එන්නේ මගේ වයිෆ් වත් එයාගෙ ඔෆිස් එක ගාවින් දාගෙන. එයාටත් ලේසි නිසා. වෙනද වගේ අදත් මම අත්තිඩිය පාරෙන් එනකොට මට ඉස්සරහින් නිල් පාට පොඩි කාර් එකක් යනව හරියටම පාර මැද්දෙන් හිමින් හිමින්. ඒක කොච්චර හෝන් ගැහුවත් අයින් කරන්නෙත් නෑ තව එකෙකුට යන්න දෙන්නෙත් නෑ. හෙන ගේමක් දීල ඉස්සර කරල බැලුවම ඒ ක එලවන්නේ ගෑණු කෙනෙක්. බයෙන් බයෙන් හිමින් එළවගෙන යනව පාර මැද්දෙන්ම. ඒක නිසා මාර ට්‍රැෆික් එකකුත් ඇතිවෙලා.

මේ මම ගොඩක් අත්දැකපු සිද්ධි. මේ වගේ සීන් අපි කලින් කතා කරල තියෙනව අපේ එවුන් අතරෙ. ඇත්තෙන්ම ගෑණු අයත් වාහන එළවන එක අපිට හරිම ලේසියි මොකද වාහනේ අර‍ගෙන එයාලගෙ වැඩ තනියම කරගන්න පුළුවන් නිසා.

"අනික මචං අපිට කරදරයක් උනත් පාර්ටි එකකට ගියත් කරදරයක් නෑනේ වයිෆ් වාහනේ අරන් එනවනම්" මේ තව එකෙ‍කුගේ අදහස්.

"ඒත් මචං මෙයාලා බයෙන් පාරෙ වාහනේ එළවන එක මල කරදරේ අපිට යන්න බෑනේ බං" ඔය තව එකෙකුගේ අදහස් (අද උදේ මම දැක්කෙත් මේකම තමා)

"එක්කෝ හරියට එළවන්න ඕනේ නැත්නම් නිකං ඉන්න ඕනි"

දැන් නම් අදහස් ගලා එනව කට්ටියගෙම. මේ අතරේ මට ගොඩක් ප්‍රශ්න තියෙනවා

  1. ගෑණු අය වාහන එළවන්න හොද නැද්ද ?
  2. ඇයි බහුතරයක් දෙනා බයෙන් එළවන්නේ ?
  3. ඩ්‍රයිවින් ස්කූල් වල ප්‍රශ්නයක්ද ?
  4. අනිත් අය එයාලට වාහනේ එළවන්න දෙන්නේ නැද්ද ?

මට මේවට උත්තර නෑ.....

9 comments:

  1. ගෑනු අය වාහන එළවද්දි අනතුරු වෙනව අඩුයි කියලයි මම් නම් අහල තියෙන්නෙ.

    ReplyDelete
  2. @ නදී : ඔව් ඇත්තක් නැත්තෙමත් නෑ. නමුත් පරිස්සමත් එක්කම පාරේ යන අනෙත් අය ගැනත් හිතන්න ඕනි ‍නේද ?

    ReplyDelete
  3. ඕක පරිණාමයේ මුල් අවධි වල ඉඳලා තියන ප්‍රශ්ණයක්. දඩයම් යුගයේ පිරිමි දඩයම් කරන්න ගියහම ගැහැණු කලේ මල්, පලතුරැ එකතු කරන එකයි ගෙදරට අවශ්‍ය අනෙකුත් දෑ එකතු කරන එකයි. ඒකෙන් එයාලගේ එකතු කිරීමේ අඩු කිරීමේ හැකියාව, වර්ණ පිලිබඳ ඇති සංවේදිතාව වැනි හැකියාවන් පිරිමින්ට වඩා වැඩිවුනා. නමුත් පිරිමින් හෙල්ල, දුනු ඊතල භාවිතා කිරීමේදී අවකාශයේ වස්තු හැසිරවීම, වේගය වැනි දේවල් පිලිබඳ කුසලතාව ගැහැණුන්ට වඩා වැඩියි.
    වාහන පැදවීමට අදාල වෙන්නේ අවකාශයේ වස්තු චලනය, වේගය වැනි කාරණා නිසා ගැහැනුන්ට වඩා පිරිමින්ගේ ඒ කුසලතාව වැඩියි. බොහෝ ගැහැණුන්ට වාහනය නියමිත පරිදි පාර්ක් කර ග්ඇනීමට නොහැකි වීම මීට උදාගරන වෙනවා.

    ගැහැණුන් රිය පැදවීමේදී අනතුරැ අඩුයි යන කාරනයට මට එකඟ වෙන්නට බෑ. මොකද ගැහැණුන්ගේ රිය පැදවීම් නිසා බොහෝ විට අනෙකුත් වාහන අතරේ ගැටුම් සිදුවන අවස්ථා දකින්න පුළුවන්. අනිත් දේ තමයි. බොහෝ අවස්ථාවල ගැහැණුන් රිය අනතුරැ වලට මැදිවූ විට, එය lady driven පිරිමියා බොහෝ විට පාඩු දරාගෙන හෝ ගැටළුව සමථයකට පත්වීම නිසා ලැබෙන පැමිණිලි ප්‍රමාණය අඩුවීම. සාපේක්ෂව ගැහැණුන් අතින් සිදුවන අනතුරැ ප්‍රමාණය වැඩි බව අත්දැකීමෙන් දැක ඇත.

    ReplyDelete
  4. @ රොබින් : රොබින්ගේ කතාවට මාත් එකග වෙනව මොනද තමාගේ වාහනේට තියෙන ආදරේ නිසා එක්කෝ ඉක්මනින් ඉස්සර කරගෙන යාම හෝ හිතින් බැන බැන හරි පිටිපස්සෙන් යාම කරන මාගේ මිතුරන් මම දැකල තියෙනවා.මෙන්න මේ දේ නිසා වාහන වල අනතුරු අඩුවෙනව ද නැත්නම් රොබින් කියන ආකාරයට සිදුවෙන අනතුරු වාර්තා නොවෙනව ද කියන එක නම් ගැටළුවක්. කොහොම නමුත් වාහනේ එලවන්නේ ගැහැණියක් ද පිරිමියෙක් කියල ඈතින් ඉදන් උනත් කරන්න පුළුවන් වාහනේ යට රටාවෙන්.

    ReplyDelete
  5. ඕක ආණ්ඩුවෙ වැරැද්ද. පාරවල් පළල් කරලා ගෑණු අයටයි පිරිමි අයටයි වෙනම ලේන් දෙක ගානෙ හදන්න ඕනෙ

    ReplyDelete
  6. @නදී..
    අපි නම් දන්න තරමින් ගෑනු අය තමා වාහන කන්නේ.. වාහනේ ගැන කිසිම අවදානයක් නැ. ගොඩක් අය දන්නේ උගන්නපු ‍ටික පාවිච්චි කරලා පාරක පැදගෙන යන්න විතරයි. අනික දැං ගෑනු කෙනෙක් පාවිච්චි කරපු වාහනයක් කිවුවොත් ‍ගොඩක් මිනිස්සු ගන්නෙත් නැ.

    ReplyDelete
  7. කණියාගේ අදහසට මමත් එකයි මම ඉන්නෙත් ඔය වාහන හදන වාහන නිර්මාණය කරන ෆීල්ඩ් එකක සාමාන්‍යයෙන් අපි අත්දැකීමෙන් දන්නවා ගැහැණු කෙනෙක් පාවිච්චි කරපු වාහනේක පිට පෙනුම හොදට තියාගෙන හිටියත් අඩුම තරමේ අරගෙන අවුරුද්දක් දෙකක් යනකොට ගියර් බොක්ස් එක හරි තියන්න වෙනවා

    ReplyDelete
  8. අඩෙයි ! හුහ්.... කවුද මේ චන්ඩියා!!!! බුල්ඩෝසරයක් ගෙනත් තලලා දානවා ඔන්න

    ReplyDelete

මේ ගැන ඔබේ අදහස ලියන්න.