Wednesday, July 6, 2011

නුවර එළියේ චාටර් වීම..

මම කළින් වැඩ කල කොම්පැණියේ (දැන්නම් ඒක කළින් වැඩකල තමා මම ඒකෙන් අයින් උනානේ) අපි කළේ එක්තරා ටෙලිකොම් නෙට්වර්ක් එකකට සර්විස් එක දෙන එකනේ. ඉතිං මේ සදහා ගෙන්නපු ටර්මිනල් වගයක් අරන් රට වටේම අපිට යන්න පුළුවන් උනා. ඒකෙන් ගත්ත හොදම දේ තමා රට වටේ සංචාරය. අනික ඉතිං අතින් පයින් යන්නෙත් නැති නිසා රවුම ගහල එනව. ඔය ට්‍රිප් එකට යන්න සෙට් වෙන්නේ මමයි එරංගයි තමා කලින් බුවා ගැන කතා කරල තියෙන නිසා බුවා ගැන දන්නවනේ. ඩ්‍රයිවර් ජොබ් එක අපි දෙන්නම මාරුවෙන මරුවට කරනව මොකද එක දිගටම වාහනේ එලවන්න බැරි නිසා.

ඔන්න දවසක් ටර්මිනල් වගයක් අරගෙන අපිට යන්න තිබ්බ ගල්නෑව, දඹුල්ල, ඉබ්බාගමුව, නුවර එළිය ඔන්න යන්න තිබ්බ ගමන් මාර්ගය. අහ්.. කලින් කියන්න බැරි උනා අපිට නවතින්න තැනක් මෙහෙන් සෙට් කරල තිබ්බේ නුවර එළියෙ ග්‍රෙගරි වැවට උඩින් තියෙන ලස්සන හෝටලයක.

ඔන්න ඉතිං පහුවදා උදේම යන නිසා කළින් දවසෙම මම වාහනේ අරන් ගියා. දැන් පාන්දරම ගමනට දෙන්න සෙට් වෙලා යනව දඹුල්ල, ඉබ්බාගමුව, ගල්නෑව දවල් වෙද්දී අපි කවර් කලා මගේ ඉතිහාසේ පලවෙනි වතාවට වැව් මාළු ෆ්‍රයිඩ් රයිස් එකක් කන්න හම්බඋනා මම හිතන්නේ ඒවා තියෙන්නේ එහෙ විතරයි. දැන් අපි යන වේගය අපිටවත් හිතාගන්න බැහැ ඒ තරම් වේගයෙන් යනව මොකද එරංගයට හොට්වෝටර් නෑමක් අවශ්‍යෙවලා හිටියේ. මට කියන්න බැරි උනා අපි මේ යන්නේ දෙසැම්බර් මාසෙ අනික මට සීතලට අදින ඇදුම් මොනවත් ගන්න අමතක උනා.

ඔන්න කොහොම හරි රෑ 8 විතර වෙනකොට අපි හෝටලයට ගියා. අපි ඉතිං රූම් එකට ගියා.

එරංගයා : ඒයි මම නාගෙන එන්නම් උඹ පස්සේ නාපං.

මම : හා, බොට නේ උන තිබ්බේ නාගෙන වරෙන් ඉක්මනින් මටත් මහන්සියි. (ඒ අතර මම ගෙදරට කෝල් එකක් ගත්ත අම්මට )

අම්ම: මොකද නිකන් කටහඩ වෙනස් වෙලා

මම: මෙහෙ අද මාර සීතලයි ඒකයි මේ

අම්ම: නාන්න එහෙම එපා එහෙනම් මූනකට විතරක් හෝදගන්න

මම: බලමු, මාර මහන්සියි නෑව නම් තමා හොද.

මේ අතර එරංගයා එනව දොර ඇරගෙන නිකන් බය වෙලා වගේ බුවා කුකුලෙක් වගේ ගැහෙනව. මට කියන්න බැරි උනා අපිදෙන්න වොෂ් එකක් දාලා එළියට යන්න හිටියේ ග්‍රෙගරි වැව වටේ ලස්සන නිසා.

මම: මොකද බං

මේකා කතාවක් නෑ ආපු ගමන් ඇදුම් තුන හතරක් ඇන්දා බ්ලැන්කට් එකක් ඇතුලට රිංග ගත්ත පටස් ගාලා.

එරංග : සීතලයි යකෝ මොනව හරි ඕඩර් කරපන්

මම ඉතිං රූම් සර්විස් කොල් කරල කෝපි ඕඩ්ර් කලා. ඕක බිබී හිටහන් මම වොෂ් එකක් දාගෙන එන්නම්. මම යන්න කලින් කෝපි එක ආවා මේ යකා ගුඩුස් ගාලා ඒක බීල දැම්ම තිබහට වගේ.

දැනට මේ ටික බලන්න හොදම හරිය හෙට දාන්නම්, මරු ම ටික උනේ පස්සේ...

6 comments:

  1. උඹ හිතපන් දෙසැම්බර් මාසෙක උදේ 5ට විතර නුවරඑළිය ටවුමෙ සිමෙන්ති බැම්මක් උඩ වාඩිවෙලා ඉද්දි එන සනීපෙ...

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. අෆ්ෆා අය්යෙ දෙසැම්බර් වල නේ එහෙ නියම සීතල.ඔයාගෙ යාලුවා ගල්ටික් වෙලා යන්න ඇති නාලා.ඒත් හොට් වොටර් තියනවනේ. හහා...මටත් හොට් වොටර් අද්දැකීමක් තියනව.ලියන්න ඕනේ.

    ReplyDelete
  4. @ සාතන්: හික් හික් ඒ විතරක් යැ බං කොහොමද මහ රෑ ඔට්ටුවට ග්‍රෙගරි වැවේ නාන ආතල් එක... අපි ඒකත් අත්විදල තියෙනව.

    @ නදී: අෆ්පා හොට්වෝටර් මතක් කරන්න එපා දෙවෙනි කොටස කියවන්නකෝ

    ReplyDelete
  5. අදට මේ පෝස්ට් 1 විතරක් කියෙව්වා. ආයේ ඇවිත් ඔක්කොම පෝස්ට් කියවන්න ඕන. ඉක්මනට ඉතිරි ටිකත් දාන්න....

    ReplyDelete
  6. @මන්තරකාරී: හරි හරී කියවල බලන්න මේ මගේ අත්දැකීම් සහ මට වෙච්ච දේවල්...

    ReplyDelete

මේ ගැන ඔබේ අදහස ලියන්න.