Monday, July 4, 2011

කොස් දන්සල..


මේකත් ඉස්කෝලෙ යන කාලෙම වෙච්ච දෙයක් තමා. අපේ ගේ තියෙන්නේ මහ ලොකු ඉඩමක නෙමේ. ඉඩම පොඩි නිසාම බේතකට හරි කියල තියෙන්නේ ගස් දෙකක් විතරයි. එකක් පොල් ගහක් අනික ලොවි ගහක්. ඉතිං කොස් ටිකක් හරි පොලොස් ටිකක් හරි කන්න හම්බවෙන්නේ එක්කෝ සල්ලිවලට අරගෙන නැත්නම් හිතවත් කවුරු හරි දෙන දෙයකින්.

දවසක් මම ගියා අපේ යාළුවෙකු ගෙ ගෙදර එහෙ තියෙනව හොද කොස් ගහක් ඉතිං අපේ ගෙදරත් ඕව නැතිනිසා බුවා මට ගෙඩියක් කඩල දුන්නා. මම ඉතිං ඕක පැත්තකින් තියල කයිය ගහ ගහ ඉදල එන්න රෙඩි උනා. මේ වෙනකොට මට තිබ්බ බයිසිකලයක් ඉතිං ඒ දවස් වල ගමන් බිමන් යන්නේ මේකෙන් තමා. මේ එක්තරා අවුරුද්දක වෙසක් දවසට කලින් දවස.

ඔන්න මම එක අතකිස් කොස්ගෙඩියත් අරගෙන බයිසිකලේ නැගල අපේ බුවාගෙ ගේ ලගට වෙලා ඇතුලෙ කතා කරන්න බැරි හරිය කතා කර කර ඉන්නව ඔය අතරෙ පාරෙන් යනව ඉස්සරහ ගෙදර රොෂාන්. අපි නිතරම එහෙ සෙට් වෙන නිසා බුවාවත් අදුරනව.

රොෂාන් : ආ.. මොකද මේ කොස් ගෙඩියක් උස්සගෙන, යන්නද හදන්නේ ?

මම : ඔව්, බං මේ කොස් එකතු කරනවා මුං ගෙ ගහේ එක ගෙඩියයි පැහිල තිබ්බේ

රො : මොකද බං කොස් ?

මම: අපි දන්සැලක් දෙනව බං ගේ ලග එකට තමා කොස් .

රො : අර අපේ ගහේ තියෙන්නේ බං ඕන තරම් කඩන් පලයං

මම: එළ, කාවහරි දම්මල කඩල තියහංකො මම ට්‍රැක්ටරයක් අරන් එන්නම් දාගෙන යන්න.

රො: උඹ ෂුවර් එකට එනව නේද ? මම කඩල තියන්නම්.

මම: හරි හරි මම එන්නම්.

ඕක කියල මම ආවා. පස්සේ දන්නේ බුවා අම්බානකට කොස් කඩල මම ඉතිං පැත්ත පළාතේ ගියෙ නෑනේ අනික අපි දන්සැලක් දුන්න යෑ. :) මම නිකන් ඔහේ කියල දැම්ම නේ. බැලින්නං මම නැති තැන බුවා අපේ මෑණියන් සිහි කර කර ගමටම කොස් බෙදල. උඹ කොස් දන්සැලක් දුන්නද කියල ඇහුවොත් පොර අදටත් මාව මතක් කරනව.


ප:ලි : හැබැයි බුවා මාත් එක්ක තරහ උනේ නම් නෑ. රිටර්න් එක ගැන මම තාම බයෙන් ඉන්නේ අපේ අයියලගේ හැටි දන්න නිසා.

3 comments:

  1. අලේ ඔයත් මාර වැඩනේ කරන්නෙ.පස්සෙ හරි කියන්න තිබ්බනෙ බොරුවට කීවෙ කියල දැන් එහෙනම් බයේ හිටු රිටර්න් එක එනකම්

    ReplyDelete
  2. ඉතින් කොහොමින් කොහොමින් හරි ගමට කොස් දන්සැලක් හම්බ වෙලානෙ

    ReplyDelete
  3. @ නදී: ඔව් අප්පා යක්ෂ වැඩ තමා කරන්නේ අපේ එවුන් සෙට් උනොත් ඉතිං මරණයක් තමා. කොයි මොහොතේ හරි මටත් බඩු හම්බවෙනව.

    @ Chanaka : ඔව් බං අරූ නැතත් ගමේ එවුන් නම් මට පිං දෙන්න ඇති.

    ReplyDelete

මේ ගැන ඔබේ අදහස ලියන්න.