Saturday, July 2, 2011

හා බෙට්ටී..

අපේ ඉස්කෝලේ මිශ්‍ර පාසලක් නේ ඒ නිසා මේකෙ ගෑනු පිරිමි දෙජාතියම ඉන්නවා. සමහර පොරවල් ට ඉස්කෝලෙම එවුන් සෙට් වෙනව එහෙම ලව් සීනුත් මාර විදිහට තියෙනව. මේ කියන්න යන කථාවත් සිද්ධ උනේ අපි O/L ලියන කාලෙම තමා හැබැයි මේක අපේ පන්තියේ වෙච්ච දෙයක් නෙමේ. වෙන පංතියක දෙයක් නමුත් මොනව උනත් විදුලි වේගයෙන් වෙන දේවල් ආරංචි වෙන නිසා මේක ක්ෂණයකින් අපි දැන ගත්තා.

සිද්ධියට සම්බන්ධ එක් කෙනෙක් නම් හොරෙන් තැඹිලි කඩපු නුවන් අනෙත් කෙනාට අපි අනූෂා කියල කියමු. මෙහෙමයි කතන්දරේ ඔන්න අපේ අනූෂාට කොල්ලෙක් සෙට් වෙලා හැබැයි මෙයා අපේ ඉස්කෝලේ කෙනෙක් නෙමේ. කොහොම කොහොම හරි මේ සීන් එක සෑහෙන කාලයක් තිබිල තියෙනව. පස්සේ මොනව හරි කේස් එකක් වෙලා කොල්ල කෙල්ලට සපත්තුව දීල (බූට් සපත්තුව ඕන කෙනෙක් දන්නවනේ) කෙල්ලට මේක දරාගන්න බැරිවෙලා ජීවිතෙත් එපා වෙලා.

අනූෂා : නුවන් මට ඉදල වැඩක් නෑ මොනවහරි ගෙනත් දීපන් මම බීල මැරෙනවා (වහ ටිකක් ගෙනත් දෙන්න කිව්වේ මරු මිනිහට මොකද නුවන් කියන්නේ ඉස්කෝලේ හිටපු තවත් ජොලි පොරක්.)

නුවන් : හරි මම ගෙනත් දෙන්නම් අපේ ගෙදර තියෙනව මරු ජාතියක් බිව්ව ගමන් බඩු හරි අපේ බල්ල වැරදිලා කාලා ඌ මලා (බුවා ගෙදර තියෙන වහ බෝතලේ වර්ණනා කරනවා.)

පහුවදා...

නුවන් : මෙන්න මේ ගුලි තුන කාපන් ටික වෙලාවකින් වැඩේ හරි (අපේ බුවා මේකිට වහ ටික දීලා) මෙයත් ගත්ත ගමන් ගහල ඇරියලු වහ ටික. මේක බිව්ව විතරයි අපේ නුවනයා බඩ අල්ලන් හිනාවෙනවා.

අනූෂා : මොකද බං හිනා වෙන්නේ ?

නුවන් : උබ බිව්වේ හා බෙටී.... :D (මේ කාලේ තමා නුවනයගේ අයියා හාවෝ දෙන්නෙක් ඇතිකරන්න ගත්තේ)

අනූ : මොනවද යකො මට මේ දුන්නේ මල ජරාව (මෙන්න මෙයා හෝ ගාලා වමනේ දානව)

නුවන් : යකෝ මැරෙන්න යනව නම් ඕන ජරාවක් බොන්න පුළුවන් වෙන්න එපැයි...

මේ වැඩෙන් පස්සේ තමා අනූෂා හා බෙට්ටි උනේ. හැබැයි මැරෙන අදහස නම් එහෙමම යට ගියා. අනේ මේ කෙල්ල දැන් නම් වෙන එකෙක් බැදල හොදින් ඉන්නව. හා බෙටි දුන්න නුවනයා මේ වෙනකොට ඩුබායි වල වාසේ. බුවා එහෙ ඉදන් මොනව කරනවද දන්නේ නෑ.

5 comments:

  1. ආය මැරෙන්න වහ ඉල්ලන එකාට ලෙමනේඩ් දෙන්න කියනවද?... :)

    ReplyDelete
  2. හිහ් හා බෙට්ටි .වහ බිව්වට වඩා වමනේ යන්න ඇති

    ReplyDelete
  3. ෂාහ්.... හා බෙටි... හොඳට වේලලා කුඩු කරලා පොඩියට ඔතලා ගත්තනං.... මැරෙන්නෙ මොකටද කියල හිතෙයි...

    ReplyDelete
  4. වහ කෑම = මිය යාම
    හා බෙටි කෑම = චරිතය මරා ගැනීම
    හි හි ඒකත් මරුනේ

    ReplyDelete
  5. @ සාතන්: අනිවා මැරෙන්න යන එකා ඕන දෙයක් බොන්න රෙඩි වෙන්න එපැයි.

    @ නදී: ඒ විතරක් යැ හැමෝම දැනගත්තට පස්සේ ලැජ්ජාව හික්ස්.

    @ harshana1985 : හික්ස්....

    @ කිඩෝ : ඔව් බං...:)

    ReplyDelete

මේ ගැන ඔබේ අදහස ලියන්න.