Tuesday, June 21, 2011

කව්ද යකෝ තැඹිලි කැඩුවේ..



මේ තවත් ඉස්කෝලේ යන කාලේම සිද්ධවෙච්ච දෙයක් තමා. අපේ ගෙවල් ලග දේවාලයක් තියෙනව ඕකේ වාර්ෂික පෙරහැරක් තියෙනව. ඉතිං මේ ‍පෙරහැර බලන්න ඒ දවස් වලට අපේ නෑදෑයෝ එහෙම එනව ඉතිං අපිත් අපේ යාළුවො සෙට් එකට එහෙම කියල උන්වත් ඇදගෙන එනව.

මේ පෙරහැරෙන් සතියකට විතර පස්සේ තියෙනව ගම් මඩු උත්සවයක් ඒක ඉතිං රෑ එළි වෙනකම් එක එක නැටුම් තියෙනව අපිත් ඉතිං ඕක බලන්න අනිවාර්යෙන් සෙට් වෙනව. ඔන්න මේ කියන්න යන්නෙත් එක්තරා දවසක අපි ගම්මඩුව බලපු ආකාරය.

ඔන්න ගම්මඩුව තියෙන දවස වෙනකොට, අපි ගම පුරා ඇවිදල එක එක ගස්වල තියෙන ගෙඩි වර්ග එහෙම හොද දැනුමක් අරන් ඉන්නේ මොකද රෑ එළිවෙනකම් නැටුම් බලනව කිව්වට එක තැනක ඉදන් ඉන්න එක අපිට නිකම් අමාරු වැඩක් නේ. පොඩ්ඩක් ගම පුරා ඇවිදල ගස් ගෙඩියක් එහෙම කඩාගෙන කන එක සාමාන්‍ය දෙයක්. එදත් අපි වටේම තියෙන වැඩිය උස නැති තැඹිලි ගස්, ලගම ගෙදරක තියෙන දොඩම් ගහක් ගැන එහෙම අවධානයෙන් හිටියේ.

මට කලින් කියන්න බැරි උනා මේකට සෙට් උනේ මම, නුවන්, සමිත්, සංජීව සහ තව දෙතුන් දෙනෙක්. ඔන්න ඉතිං දැන් නැටුම් නැගල යනව ඒ අතරේ අපි සෙට් වෙනව අපේ කුරුම්බා ගේම් එකට. අනික වීරයෝ වගේ අපි ටික හිටියට එකෙකුටවත් පොල් ගස් නගින්න නම් බෑ ඒක තමා කොට ගස් හෙව්වේ.

ඔන්න දැන් මේ මහා මිෂන් එකට අපි ටික යනව.

සමිත් : ඒයි යන ගමන් දොඩම් ටිකක් කඩාගෙනම යමු.

දැන් කට්ටියම ඒක අනුමත කරල දොඩම් කකා යනව තැඹිලි කඩන්න. ඹන්න තැඹිලි ගහ ගාවටත් ආවා කළුවරේ පේන්නෙත් නෑ හද එළියෙන් ගේමට බැස්සා.

අනේ ගහ බදාගෙන එකාගේ කරපිට එකා නැගල බැලුවම තැඹිලි වල්ල නෑ... මේක හෙව්වේ නුවන් නිසා දැන් ඌට ඉන්න නෑ කට්ටියගෙන්.

නුවන් : හරි උඹලට තැඹිලි නෙ ඕනි වරෙන් යන්න බඩු තියෙනව.
සංජීව : කොහෙද බං ?
නුවන් : වරෙන්කො යන්න පණ්ඩිතය වෙන්නෙ නැතුව.

බැලින්නම් මේ යකා අපිව අරන් ගිහින් තියෙන්නේ උගෙ ගෙදර. "මචෝ මෙන්න ගහ මේකෙ තැඹිලි තියෙනව දැන් අම්මල නිදි ශේප් එකේ කඩමු" නුවන් ගේ විධානයත් සමග සංජීව වැඩේට බැස්ස. දුවගෙන ආවේ නැතෑ මුගේ බල්ල.

නුවන් : බනි ...බනි... බනි (බල්ලගෙ නම බනි- ඒක කිව්ව විතරයි බල්ල සද්ද නෑ)

අන්තිමේ නුවන් ම ඉනි මගක් ගෙනත් අපිට තැඹිලි කඩල දුන්න. පාරේ ඉදගෙන ඒවා බීල මහා වැඩක් කරපු වීරයෝ වගේ ආපහු නැටුම් බලන්න ආවා.

ගෙදර සැර බල්ලෙක් ඉදලත් උගෙන් බේරිලා ගහේ තැඹිලි ටික බීපු එකට නුවන් ගෙ අම්මල ට මල පැනල. බල්ලට ත් එක්ක ම බැන බැන ඉන්නව. හොරා ගෙදර ඉන්නේ කියල අදටත් දන්නේ නෑ

ඔන්න ඔහොමයි තමන්ගේ ගෙදරින් හොරෙන් තැඹිලි බිව්වේ.

12 comments:

  1. අපෝ පොල් ගහකට වත් නැගගන්න බෑනේ...වැඩක් නෑ.මාර යාලුවෙක් නේ.තමන්ගෙ ගෙදරම හොර පොල් කරන්න යාලුවනුත් සෙට් කරන්! අනේ අම්මප මෙහෙමත් කොල්ලො.

    ReplyDelete
  2. @ නදී : එහෙම එව්ව තියෙන හින්දනේ අද මේ බ්ලොග් ලියන්නේ. :) දන්නවද ඔය කතන්දරෙන් පස්සේ කට්ටියටම පොල් ගස් නගින්න පුළුවන්. තවත් හිටිය තමන්ටම මඩ ගහල හරි අනුන් ව හිනස්සන හරි හිත හොද කොල්ලෙක්.

    ReplyDelete
  3. පොස්ට් එක හොදයි රෙස්ලින් බලන්න කෑමතිනම් මෙහෙට එන්න http://wrestlingsl.blogspot.com/

    ReplyDelete
  4. විලි ලැජ්ජාවෙ බෑ... පව් අහින්සක බල්ල බැනුම් අහනව...

    ReplyDelete
  5. :P අපේ තාත්තලත් පොඩි කාලෙ කරල තියෙන්නෙ ඔය වැඩේමයි.හොරු කඩලයි කියලා සීයට කිය කිය එයාල කුරුම්බා කඩාගෙන බොනවලු

    ReplyDelete
  6. @ කඩේ හාමිනේ : හැමෝගෙම ළමා කාලයේ ඔය වගේ වැඩ තමා වෙලා තියෙන්නේ..

    ReplyDelete
  7. ආතල් නේ බන්... හි හි

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. තැඹිලි කුරුම්බා සම්බන්ධ අමතක නොවන ඉතිහාසයක් මටත් තියනව. අපේ ගෙවල් ලඟ තියනව පොල් වත්තක් ඒකට කාටවත් ඇතුලට යන්න බෑ. මුර කාරය හරි සැරයි. ඉතින් මේ වත්ත හොඳ සරුවට හැදිලා තිබුනා. පස්සෙ කාලෙක මේක කොටස් කරල වෙන්දේසි කරා. ඊට පස්සෙ හිටපු මුර කාරයත් ගියා. ඉතින් ඉඩම් ගත්ත මිනිස්සු සල්ලි ගෙවල ඉවර වෙලා ගෙවල් හදන්න එනකන් කොහොමත් අවුරුදු 5 ක් විතර වත්ත කිසිම මුර කාරයෙක් නැතුව තමයි තිබුනෙ. ඒ කාලෙ අපි තමයි වත්තෙ අයිති කාරයො.
    ඉතින් ඔය අතරෙ එක වෙසක් පෝය දවසක අපිට ශ්‍රද්ධාවන්ත හිතක් පහල වෙලා tractor දෙකක් අරගෙන ගිහිල්ල කුරුම්බා කඩලා පාරට අරගෙන ගිහිල්ල දන්සැලකුත් දුන්න. හැමදාම අපිම බොන කුරුම්බා ටික නෙ. එහෙම හරි පින්කමක් කර ගන්න එපැයි. අපරාදෙ කියන්න බෑ පහුකරගෙන ගියපු වාහන ආපහු හරවගෙන එනව කුරුම්බා කියල දැක්කම.
    ඔන්න ඔහොම තමයි අපි හොර පොල් කඩල පින් දහම් කරේ.

    ReplyDelete
  11. @Enemy : හොර වැඩ කරල පිං දහම් කරපු සීන් එකක් මතක් උනා ඒකත් මම පස්සේ ලියන්නම්.

    ReplyDelete
  12. තැබිලි වල ගන ගන්නම් අයියල කට්ටියගෙන්ම

    ReplyDelete

මේ ගැන ඔබේ අදහස ලියන්න.