Friday, June 17, 2011

ආඩම්බර ගෑනියෙක් හොට බිම ඇණ ගනී..



මේ කතා කරන මාතෘකාව ගැන මම කලින් කථා කලානේ ඒක තමා 01 කොටස විදිහට මේ තියෙන්නේ. අද ලියන්න යන්නේ මම දැකපු තවත් සිදුවීමක්.

අපේ ගේ ඉස්සරහම ගෙදර ඉන්නව ඇන්ටි කෙනෙක් එයා ඉස්පිරිතාලේ නර්ස් කෙනෙක්. හැබැයි හරිම ආඩම්බරයි ගමේ මනුස්සයෙන් එක්ක කතා කරනව තියා මූණ බලල හිනා වෙන්නේ වත් නෑ. මේ නිසා ගමේ හැමෝම බණිනව. හැබැයි එයාගේ හස්බන්ඩ් නම් හොද මනුස්සයා හැමෝම එක්ක හොදින් ඉන්නව.

මේ ලගදි මෙයාලා කාර් එකක් අරන් රතුපාට මරුටි වර්ගයේ එකක් , අංකල් කෙසේ වෙතත් මේක අරන් යන්නේ ඇන්ටි. දැන් ආඩම්බර කම දෙගුන තෙගුන වෙලා හැමෝම හිනා වෙනව තටු ඇවිල්ල කියල. හැබැයි මෙයාගෙත් ඩ්‍රයිවින් ගැන නම් කතා කරල වැඩක් නෑ.

දැන් අපිටත් ඇහෙන්න තමා කතාව ෂොපින් යන්න කඩේට බඩු ගෙන්න යන්න දැන් මෙයාට වැඩ කෝටියයි. අපිටත් පොඩි පහේ ජොලියක් තියෙනව මොකද නොමිලේම ෆිල්ම් එකක් බලන්න පුළුවන්නේ.

පහුගිය දවස් දෙක තුනේ මට නිවාඩුවක් අරන් ගෙදර ඉන්න චාන්ස් එකක් හම්බ උනා. ඉතිං දන්නවනේ නිවාඩුවක් ආපු ගමන් යාළුවෝ එහෙම සෙට් වෙනවනේ. අපි ඉතින් කට්ටිය සෙට් වෙලා පාර ගාවට වෙලා කතා කර කර ඉන්නවා.

ඔන්න සුපුරුදු ආකාරයට ඇන්ටි ඉබ්බෙකුට පොඩ්ඩක් ‍වේගයෙන් වාහනේ අරන් ආවා. ආපුගමන් එන්ජින් එක ඕෆ් කලා. දැන් බැහැලා ඇවිත් ගේට්ටුව එහෙම ඇරල ආපහු ස්ටාර්ට් කරල වාහනය ඇතුලට දාන්න හැදුවා (ඒ අතරේ දෙතුන් පාරක් වාහනේ හිටල අමාරුවෙන් ක්ලච් එක දීපු එක මම කිව්වෙ නෑ ඕං) හත්ඉලව්වයි මේ මනුස්සය හෑන්ඩ් බ්රේක් ඕෆ් කරල නෑ. පිටිපස්සේ රෝද දෙක කැරකෙන්නේ නැතුව වාහනේ අමාරුවෙන් ඇතුලට දැම්ම.

ගෑනි දැනගත්ත වැඩේ ඇනුන කියල. ඩෝං ගාලා ගේට්ටුවත් වැහුව (අපි නම් හිනා උනේ ඊට පස්සේ ඕං).
මේ කේස් එකෙන් පස්සේ හොදම වැඩේ කියන්නේ මේ වෙනකොට ඒ කාර් එක විකුනල. දැන් ඇන්ටි සුපුරුදු ලෙස පයින් ම යනව. හැබැයි අර ආඩම්බර කම් නම් තාම එහෙමමයි.

ප:ලි : - ඕනෑම දෙයක් ඕනෑම කෙනෙකුට බැරි වෙනව කියනඑක සාමාන්‍ය දෙයක් අපිටත් කොච්චර දේවල් බැරිද. මේක ලිව්වේ මේ මනුස්සයගේ තියෙන ආඩම්බර කම හින්ද මිසක් අපහාස කරන්න නෙමේ.

5 comments:

  1. ඔයාටත් ඕනේ නැති දෙයක් නෑ බැලුවම.:)
    ඔහොම අය ඉන්නව තමා අනිත් අයට පේන්න කරන්න ගිහින් හොට බිම ඇන ගන්නව අන්තිමේ.

    ReplyDelete
  2. අහල තියනවද ගෑනු අය උනාම ටිකක් ආඩම්බර වෙන්න ඕනෙ කියල.ඒත් ඕනාවට වඩා ආඩම්බර කමයි මෝඩකමයි එකතුවුනාම නම් හොද අවුට් පුට් එකක් එන්නෙ නැ :))

    ReplyDelete
  3. @ නදී: මම කිව්වනේ මම මේක ලියන්නේ මේ මනුස්සයගෙ තියෙන ආඩම්බර කම හින්දමයි කියල. දෙවෙනියට ඔයා කියපු එක හරි මේක ආඩම්බරකමත් එක්ක මොඩ කමත් එකතුවෙලා ආපු දෙයක් තමා.
    ආඩම්බර වුනාට මේ තරම් ආඩම්බරකමක්....

    මේ කතාව ලියද්දී මට එදා දැකපු සිද්ධිය මතක් උණා උඩින් දාපු ෆොටෝ එක ඒකටම ගැලපෙනව.

    ReplyDelete
  4. ආඩම්බර, ආඩම්බර කියල බල බල ඉන්නේ නැතුව, ඉස්සෙල්ල දවසේ එයා එක්ක හිනා වෙන්න.
    දෙවෙනි දවසේ ගුඩ්මෝනිං මිසීස් (වාසගම) කියන්න.
    එතකොටත් වෙනසක් නොතිබුනොත් ඔන්න ආඩම්බරයි කියල කියන්න පුළුවන්.

    ReplyDelete
  5. @ කතන්දර : අපි ඔයවැඩේ කලා, කිව්ව වගේ වෙනසක් නෑ ඒක නිසා තමා හැමෝම ඔය මනුස්සයට ආඩම්බරයි කියන්නේ නදී කිව්ව වගේ මේක ‍මෝඩකමත් එක්ක එකතු වෙච්ච දෙයක්.

    ReplyDelete

මේ ගැන ඔබේ අදහස ලියන්න.