Tuesday, June 14, 2011

ආදී මානවයෙකුගේ පොසිලයක්....



ඉස්කෝලේ A/L Science කරන හැමෝටම මූණ දෙන්න වෙන එක කඩඉමක් තමයි Science Exhibition එක කියන්නේ. මේකට මුළු ඉස්කෝලෙම ළමයි එකතුවෙලා මොනව හරි හදනව. හැමෝම ආසයි තමන්ගේ දැනුම හැමෝටම පෙන්වන්න පුළුවන් නිසා.

මේක බලන්න අහල පහල ඉස්කෝල වල කෙල්ලො සෙට් එකත් එන නිසා දෙන්න පුළුවන් උපරිමෙන් අපේ එවුන් වැඩේට සෙට් වෙනවා. මේ කියන්න යන්නේ අපේ කට්ටිය Exhibition එකට හදපු දෙයක් ‍නෙමේ දැනට කොරියාවේ වැඩ වාසය කරන ගයාන් සහෝදරයා ගෙනාපු ප්‍රදර්ශන භාණ්ඩයක් ගැන.

ගයාන් A/L වලට කලේ Bio Science නමුත් වැඩි හරියක් ඉන්නේ අපිත් එක්ක ඒ වගේම තමා හිත හොද එකා. හැබැයි කට ඇරියොත් පළාතටම දෙහි කපන පුරුද්ද බුවාට තියෙනව.

Exhibition එකට හැමෝම හදන දේවල් කලින් ම තීරනය කරනව. ගොඩක් අය කරන්නේ කණ්ඩායමක් වශයෙන් එකතුවෙලා හොද වටිනා නිර්මාණයක් එළිදක්වන එක. ඔය විදිහට තමා එක පාරක් අපේම සහෝදරයෙක් කාර් එකකුත් හැදුවෙ. (ඒක නම් සෑහෙන ප්‍රසිද්ධ උනා)

ඔන්න සතියකට විතර කළින් Bio මිස් එක එකාගෙන් තමාගේ නිර්මාණ ගැන අහනව සහ අවශ්‍ය උපදෙස් දෙනව. ඔය අතරේ අපේ ගයාන් සහෝදරයත් පැනපු ගමන් කියනව

"මිස් මට මානව පොසිලයක් හම්බ වුනා, අපේ මාම කෙනෙක්ගේ ලැබ් එකේ තියෙනවා මං ඒක ගෙනල්ල පෙන්වන්නම්"

මේක අමුතුම අන්දමේ දෙයක් නිසා හැමෝම කැමති උනා. මොකද මේ වගේ එකක් ආපහු දකින්න හම්බවෙන්නේ නැති නිසා. මිසුත් උඩ පැනල කැමති උණා.

ඔන්න දැන් Exhibition දිනය ලං වේගෙන එනව මිසුත් දකින දකින තැන ගයාන්ගෙන් පොසිලය ගැන අහනව මූත් හරි හරි මිස් වෙලාවට දෙන්නම් කිය කිය ඉන්නව.

කලින් දවසෙත් මිස් මුගෙන් අහනව "කෝ ගයාන් ඔයා ගේනව කියපු පොසිලය ගෙන්නේ නැද්ද ?"

"හරි හරි මිස් වෙලාවට දෙන්නම්" (මුත් පොර ටෝක් දෙනව)

ඔන්න Exhibition දවසේ උදේ මිසුත් බලන් ඉන්නේ මූ ගේන පොසිලය බලන්න. ඔන්න ගයානයා උදේම දුවගෙන එනවා පෙට්ටියකුත් අරන්. ඇවිත් මේසයක් එහෙම අස් කරල මු වැඩේ පටන් ගත්තා පෙට්ටිය අටවලා බෝඩ් එකකුත් ගැහුව.

"ආදී මානවයෙකුගේ පොසිලයක්" වට කරල තියෙන එකෙන් හැමෝම දැන් එබිල බලල හිනාවෙලා යනව මිසුත් දුවගෙන ආවා, එබිල බැලුව, බලපු ගමන් මූට බැන බැන යනව.

බැලින්නං මූ බෝඩ් එකත් ගහල වට කරල අරන් ඇවිත් තියෙන්නේ මූණ බලන කණ්නාඩියක්. බලන එවුන් තමා මානව පොසිලේ.

මිස් බැන බැන හිටපු හැටි හිතා ගන්න පුළුවන් නේද ?

3 comments:

  1. මාරු බුවෙක්නේ.මටනම් තාම හිනා

    ReplyDelete
  2. එළ කොල්ලෙක්නේ.අපිත් සයන්ස් එක්සිබිෂන් මරු වැඩක් කලා.අපි කලුවර කාමරයක් හදලා ඒකේ තණකොල එහෙම අතුරලා ඇට සැකිල්ලක් තියලා රතුපාට ලයිට්ස් එහෙම ගහලා ලස්සනට හැදුවා.ඒකෙ අපේ කොල්ලෙක් බොක්ස් ගිටාර් එකක් තියාගන පුටුවක‍ට කකුලකුත් තියාගන ගිටාර් ගගහා සින්දු කියනවා.එක්සිබිෂන් එකේ හිට්ම වෙලා ගිය ස්ටෝල් එකක් තමයි ඒකත්...

    ReplyDelete
  3. @ දිලීප : බුවා ගැන කතා කරල වැඩක් නෑ

    @ තීර්ථ යාත්‍රිකයා : ලොකු ලොකු තියරි අස්සේ ඔය වගේ සීන් එකකින් තමා පොඩ්ඩක් හරි කූල් වෙන්නේ. අන්තිමට හිට් වෙන්නෙත් ඔය වගේ එකක් ම තමා.

    ReplyDelete

මේ ගැන ඔබේ අදහස ලියන්න.