Thursday, June 9, 2011

පීට්සා කෑම..



අපි ඉස්කෝලෙ යන කාලේ ගැන අලුතෙන් කියන්න ඔනේ නෑනේ ඉතිං ඒ කාලෙදි අපිට වැඩිය සල්ලි තිබ්බෙත් නෑනේ. කොහොම හරි කට්ට කාලා කම්පියුටර් කෝස් එකක් කරන්න සෙට් උනා මේක තිබ්බේ හැව්ලොක් ටවුන් වල. අපේ ක්ලාස් එක ලගම තමා පීට්සා හට් එක තිබ්බේ. ඉතිං මේ ක්ලාස් එකෙත් බැච් එකේ ඉගෙන ගත්ත හොදම එවුන් ටික වැඩට ගත්ත. අන්න ඉතිං මටත් චාන්ස් එකක් වැදුන. ඔන්න ඔහොම තමා මගේ පළවෙනි ජොබ් එක සෙට් උනේ.

මේ ක්ලාස් එකේම තව මීඩියා ක්ලාස් එකකුත් තිබ්බ. ඕකේ හිටිය තව පොරක් නම ජයසිංහ, දැන් මේකට අදාල අනිත් කෙනා කලින් කතාවේ අදුරන ඉන්දික ඒක බලල නැත්නම් මෙතනින් බලන්න. තව ඒ දවස් වල ආමි එකේ අයට නොමිලේ ඔෆිස් පැකේජ් එක උගන්වන එකකුත් තිබ්බ ඕකට එනව වසන්ත කියල පොරක් ස්ටාෆ් එක වගේ තමා හරි ෆිට්.

දන්නවනේ කොම්පියුටර් ඉන්ස්ට්‍රක්ටර් කියන්නේ ලොකු පඩියක් තියෙන ජොබ් එකක් ‍නෙමේනේ. කොහොම හරි අතට එන ගානටත් කෙල වෙනවා මේ ලග තියෙන පීට්සා එක නිසා. තව එක දෙයක් අමතක උනා මේ ඔෆිස් එකේ නීතියක් තිබ්බා ඔක්කොමලා ටයි එකක් දාන්න ඕනි කියල.

මේ සීන් එක සිද්ධ වෙන්නේ ඔය කාලෙම තමා මේ කාලේ ටී වී එකේ ඇඩ් එකක් යනව අළුත් ප්‍රමෝෂන් පීට්සා එකක් රු 150/- යි කියල තව පෙට් කෝක් එකකුත් එක්ක.

ඉ : මචං මම යනව පීට්සා ගේන්න කාටද තව ඕනි.
ජ : මට නම් එපා..
ඉ : අඩෝ ලාබයි බං අලුත් ප්‍රමෝෂන් එකක් මම යනව ගේන්න
මම : මට පීට්සා එපා කෝක් එක දියන්
වසන්ත : හරි මමත් එන්නම්
මම : ටයි එක ගලෝගෙන පලයන්.
ඉ : පිස්සුද බං ඕනි නෑ

ඔන්න පොර 1000 ‍ටෝක් දීලා ගියා පීට්සා ගේන්න හැබැයි අතේ තියෙන්නේ රු 150/- ඒකත් එකතු කරල.

මෙන්න බුවා ගිය පයින්ම ආපහු එනවා ටයි එකත් ඇද ඇද බැලින්නම් 150 ට පීට්සා නෑ එක කෑල්ලක ගාන තමා ඒ. ඔය කතාව අපිට කිව්වේ වසන්තයා. ඒක අහල අපිට මැරෙන්න හිනා. මූ ටයි එකත් දාගෙන වීරය වගේ ගිහින් පච වෙලා ආපු සීන් එකට අපි කාලයක් මූව වැනසුවා. ඔය සීන් එක වෙච්ච ගමන් ජයසිංහයා කවියක් ලියල මගේ අතට දුන්න පහල දාලා තියෙන්නේ ඒක. ඒ කවියේ කියන්න ඕනි ඔක්කොම කියල තියෙනවා.

කන්නට ගොසින් ඉන්දිකයා ගෙන පීසා
එකතු කලා නොවැ හැම සතයක් පාසා
පුක උඩදමන් දිව්වා හිතිලා ආසා
ඉදපන් ඉතින් කෙටුවා වාගේ වස්සා

විලි ලැජ්ජාවේ පනයනව.

6 comments:

  1. හික් හික් මාර කතාව.ඔහොම කියන්නෙ නැ 150ට පීට්සා ගෙනත් දුන්නනම් කට්ටියට රහ බලන්න

    ReplyDelete
  2. පීසා හට් විතරක් නෙවෙ බන් , KFC 1 ක ත් අපිට ඕකම කොලා , කතාවෙ නම සහ තැන විතරක් මාරුකොර ගනින් කො , අනිත් සියලු කොටස් එ පරිද්දෙන්ම සිදු වී ඇත ..................

    ReplyDelete
  3. ane daiyane math oke wada kara masa 3k withara

    ReplyDelete
  4. මේක ගොඩක් කාලෙකට කලින් වෙච්ච දෙයක් අපි තාම මූව වනසනව ඕක මතක් කර කර

    ReplyDelete
  5. @ දිලීප : කොහෙද වැඩ කලේ පීට්සා එකේද නැත්නම් අර ක්ලාස් එකේද ?

    ReplyDelete

මේ ගැන ඔබේ අදහස ලියන්න.