Thursday, June 2, 2011

රංජිත් සර්ගේ දානෙ ගෙදර

මුලින්ම අද තියෙන්නේ සුභ පැතුමක් ධණ හා සෘණ කතාවේ එන ටීයා සහෝදරය ගෙ පවුලට අලුත් සාමාජිකයෙක් එකතුවෙලා දැන් පොර වගකීමක් ඇති තාත්තා කෙනෙක්. ඉතිං ටීයා ගේ ජීවිතේ සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව.

හරි අද කතාව, මම කලින් කිව්ව වගේ අපේ O/L පංතිභාර ගුරුවරු ගොඩක් මාරු උනා නේ අන්තිමට පංති භාර හිටි යේ රංජිත් සර්, රංජිත් සර් කොල්ලොත් එක්ක ෆිට් එකේ ඉන්න සාස්තරේ මරුවට දැනගෙන හිටියා ඒ නිසා පංතියේ හැමෝම සර්ට කැමතියි. ඒ නිසා එකෙ‍ක් වත් සර් ට පාර්ට් එකක් දාන්නේ නෑ උගන්වන වෙලාවට හැමෝම පංතියේ ඉන්නව හොදට ඉගෙන ගන්නවා. හැබැයි රංජිත් සර් ගෙන් පස්සේ අපේ පංතියේ කිසිම complain එකක් නෑ.

ඔහොම ඉන්න අතරේ රංජිත් සර්ගෙ තාත්ත නැති උනා මේක ඉතිං ඉස්කෝලෙට ආවේ විදුලි වේගයෙන් ඔන්න ඉතිං ඔයවගේ කේස් එකක් ආපු ගමන් ආයි ඉතිං කියන්න ඕනේ ‍නෑනේ එක එකා සෙට් වෙන ව රෑට නිදි මරන්න ඕමි ගහන්න වැඩ කෝටියයි. කට්ටිය දැන් ඉස්කෝලෙ එන්නෙත් නෑ රෑට මල ගෙදර තමා සෙට් වෙන්නේ. ඔහොම දවස් හතම කට්ටිය සෙට් උනා. මල ගෙදර කොටන් ඇදපු අපේ සියළුම දෙනාට සර් කතා කරල ස්තූති කලා හත් දවසේ දානයට ඔක්කොටම කතා කලා.

ඔන්න අපි දානෙ දවසේ සෙට්වෙලා දානෙ එහෙම බෙදලා සෙට් එක කයිය ගගහ ඉන්නව සර්ත් අපේ ලගට ඇවිත් කතා කලා කෑම කන්න. ඔන්න මමයි බඩයි අනිත් සෙට් එකයි වැඩේට සෙට් උනා. වැඩ කරල මහන්සි නිසා බඩාටත් හොද ගානට බඩගිනි වෙලා හිටියේ, තව ටිකක් කමු බං කියල ආපහු බෙදා ගන්න යන්න නැගිට්ටා විතරයි සර් දැක්ක, පොර හිතුවෙ කාලා ඉවරයි කියල.

"හා හා... පුතා කෝ දෙන්න පිගාන අරන් යන්න ඕනේ නෑ.." සර් පැනපු ගමන් අරූගෙ පිගාන ගත්ත මං දන්නව දැන් සිද්ධ වෙන්න යන දේ බඩා ශේප් එකේ අත හෝදගෙන ආවා.

බඩා ශේප් එකේ අපි ලගට ඇවිත් සර්ගෙ තාත්තට හාමුදුරුවෝ නොකරපු ජාතියේ පුන්‍යානුමෝදනාවක් කලා.


ප:ලි : පන්ති එන්නේ නෑ කියල කිව්වම පන්තියේ හිටපු එවුන් ඇන ගත්ත කියල හිතන්න එපා මොකද අපේ පංතියේ හිටපු ඔක්කොම O/L පාස් වෙලා A/L කරල ගොඩ ගියා.

5 comments:

  1. හික්ස් පවු බන් දෙපාරක් කන්න ගිය එකා...

    ReplyDelete
  2. නියමයි මචන් නියමෙට ලියනවා.

    ReplyDelete
  3. @කිඩෝ : මහන්සිවෙලා හිටියෙ සෙට් එක, කොහොමද ඔහොම වැඩක් වෙන කොට.

    ReplyDelete
  4. සුනිල් රංජිත් සර් ද මේ?

    ReplyDelete
  5. @prabhath : ඕනෙ නමක් දාගන්න පුළුවන්

    ReplyDelete

මේ ගැන ඔබේ අදහස ලියන්න.