දවස් දෙක තුනකින් මුකුත් දැම්මෙත් නෑ. අද ලියන්න කියල හිතන් හිටපු එක වෙන දවසක ලියනව. අද මේ ඔෆිස් එකේ වැඩකරන අන්තිම දවස... අවුරුදු කීපයක් කඹුරපු මේ ඔෆිස් එකෙන් අද මං යන්න ඕන. ලබන සතියෙ ඉදන් අළුත් විදිහට මම වැඩ. මේකට ආවේ දැනට අවුරුදු තුනහමාරකට විතර කලින් මට මෙතනට එන්න උදව් කලේ මාත් එක්කම එකට කලින් තැනක වැඩ කරපු එරංගයා. බුවා තමා මාව මෙතනට ගත්තේ. හැබැයි මම මෙතන දෙයියනේ කියල වැඩ කලා මට පුළුවන් උපරිමයෙන් ඒ නිසා ඔක්කොමල මාත් එක්ක හොදයි. අද හවස තමා මහා සමුගැන්ම තියෙන්නේ..
ලබන සතියේ අළුත් කොම්පැනියේ... ඒකෙත් මට දෙයියනේ කියල හොදින් මගේ වැඩ ටික කරගන්න පුළුවන්. මේ මෙහෙ ඉදන් ලියන අන්තිම පෝස්ට් එක. ඊලග ඒවා ලියන්නේ අලුත් තැනක ඉදන් අලුත් විදිහට. අලුත් පොරවල් ගැනත් ලියන්න ලැබෙයි සමහරවිට. එතෙක් ට ටා....:)